Cyber Security

බැලිය යුතුම cyber Security වාර්තා වැඩසටහන් පහක්

Hacking ගැන හොඳම වාර්තාමය වැඩසටහන් 10

බැලිය යුතුම cyber Security වාර්තා වැඩසටහන් පහක්

වර්තමානය වනවිට බොහෝ දෙනා ලෝකයේ සිදුවන අමුතු සහ සත්‍ය සිදුවීම් දැනගැනීම සඳහා මෙන්ම නවතම විලාසිතාවක් ලෙස documentary හෙවත් වාර්තාමය වැඩසටහන් බැලීමට පුරුදු වෙලා තියෙනවා. කොහොම වුණත් එසේ බලන්නම ඕන cyber Security වාර්තාමය වැඩසටහන් රැසක් තිබෙනවා. Documentary වැඩසටහන් තිබෙන්නේ නව මාතෘකා හඳුන්වා දීමට පමණක් නොව ඔබේ මිතුරන් සමඟ අලුත් දේවල් පිළිබඳව කතා කිරීමට අවස්ථාවක් ලබාදීමටයි. පළමුවෙන්ම අපි කිව යුතුයි මේ article එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙම documentary වැඩසටහන් වල වැරදි අඩු පාඩු පෙන්වා විවේචනය කරන්න නොව ඒවා ඔයාලට බලන්න අපි විසින් යෝජනා කිරීමක් පමණයි. එසේ නම් අපි බලමු මොනවද මේ cyber documentary movies මොනවාද කියලා.

1. The Great Hack (2019)

මෙම චිත්‍රපටියෙන් කියවෙන්නේ Cambridge Analytica නම් ලන්ඩනයේ පිහිටි දේශපාලන උපදේශන ආයතනයක් විසින් trump ගේ මැතිවරණ කටයුතු සඳහා මිලියන 50ක් පමණ වෙන facebook පරිශීලකයින් ගේ අවසරයකිත් තොරව ඔවුන්ගේ තොරතුරු ග්‍රහණය කරගෙන සිදුකරන ලද වැඩසටහනක් ගැනයි. මෙම Cambridge Analytica නම් firm එක psychographic ක්‍රමය යටතේ facebook profile වලා තොරතුරු ලබාගැනීම සිදු වූවා. Psychographic යනු ගතිගුණ පිළිබඳව ක්‍රම විද්‍යාවක් වන අතර එමඟින් සිදුවන්නේ මින්සුන්ගේ ගතිගුණ සහ හැසිරීම් නිරීක්ෂණය කිරීමයි. ඉන්පසුව දැන්වීම් ප්‍රචාරණය හරහා වලට පරිශීලකයින්ට බලපෑම් කර මනාප එකතු කිරීමට කටයුතු ඔවුන් විසින් සිදුකරා.

Cambridge Analytica ආයතනය facebook සමඟ එකතුවී trump ගේ ඡන්ද ව්‍යාපාරය සඳහා මෙසේ කටයුතු කළ බව 2018 මාර්තු 17 the New York Times පුවත්පත විශේෂ පුවතක් ලෙස වාර්තා කරනු ලැබුවා. එහි වාර්තා කර තිබූ ආකාරයට Cambridge Analytica ආයතනය facebook පරිශීලකයින් මිලියන 50ක ගේ දත්ත 2016 මැතිවරණය සඳහා අවභාවිතා කර ඇත.

මෙම අර්බුදය නිසා ලොව බොහෝ අලෙවිකරණ කටයුතු ගැන ප්‍රශ්නකාරී තත්වයක් ඇති වුණා. අනෙක් අතට මේ සිදුවීම සමඟ facebook පරිශීලකයින්ගේ දත්ත සහ තොරතුරු වල ආරක්ෂාව සහ පුද්ගලිකත්වය ගැනත් ගැටලුකාරී බවක් නිර්මාණය වුණා. මේ නිසා බොහෝ දෙනා පැවසුවේ facebook යනු මිනිසුන්ට අනාරක්ෂිත සමාජ මාධ්‍ය ජාලයක් බවයි.

Facebook කියන්නේ ලොව ඉතා ප්‍රසිද්ධ විධිමත් පාලනයක් යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වුනත් මෙම අපකීර්තිය නිසා එයත් විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ඔබට මෙම වැඩසටහන Netflix හරහා බලන්න පුළුවන්.

2. Risk (2016)

Risk යනු Laura Poitra ගේ රාජ්‍ය ආරක්ෂණය සම්බන්ධ වූ වාර්තාමය චිත්‍රපටියක්. ඇමරිකානු කෙටි චිත්‍රපටි අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරියක් වන Laura Poitra වාර්තාමය චිත්‍රපටි රැසක් නිපදවා ඇති අතර හොඳම වාර්තාමය නිර්මාණය සඳහා 2015 Academy Award සම්මානයද ඇයට හිමි වුණා. 2016 දී Cannes සිනමා උළලේදී ඇයගේ චිත්‍රපටියක් පළමු වරට එළි දක්වූ අතර ඊට ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුනා.

ලොව ඉතා ආන්දෝලනාත්මක තොරතුරු එළිදරවු කරන WikiLeaks වෙබ් අඩවියේ නිර්මාතෘ වන Julian Assange ගේ මීට පෙර හෙළි නොවූ කරුණු ඇතුළත් කර මෙම චිත්‍රපටිය සකසා තිබෙනවා. 2006 දී නිර්මාණය වූ Wikileaks වෙබ් අඩවිය හරහා විවිධ anonymous sources සහ හෙළිදරවු කරන්නන් හරහා ලැබෙන වාර්තා සහ ලිපි ගොනු ඔස්සේ රහස්‍ය මෙන්ම විවිධ වංචා ආදිය ලෝකයට නිරාවරණය කිරීම සිදුවෙනවා. මෙම වෙබ් අඩවිය ඔස්සේ හෙළිකළ මහා පරිමාණ වාර්තාව වන්නේ ඇෆ්ගනිස්තාන යුධ සමයේදී ඇමරිකානු හමුදාව විසින් සිදුකරන ලද විවිධ කටයුතු වලට සම්බන්ධ ලිපි ලේඛන සහ වීඩියෝ පටි ආදියයි. මීට අමතරව Hillary Clinton ගේ දේශපාලන ව්‍යාපාරය මෙහෙයවූ John Podesta ගේ hacked emails දහස් ගණනක් හෙළිදරවු කිරීමද WikiLeaks වෙබ් අඩවිය ඔස්සේ සිදුවුණා.

ඉතින් මේ චිත්‍රපටි අධ්‍යක්ෂිකා, Laura Poitra විසින් Julian Assange ගැන 2011 සිට චිත්‍රපටියට නගන්න පටන් ගත්තේ මේ ආකාරයේ සිදුවූ විශාල අපවාද රැසක් හෙළිදරවු වූ පසුබිමකයි. කෙටි වාර්තාමය චිත්‍රපටියක් වුනත් මෙය අවුරුදු 6ක් තිස්සේ මෙය නිර්මාණය කරගෙන ගිය අතර 2010 සිට 2012 දක්වා කාලයේදී එංගලන්තයේ නිවාස අඩස්සියට Julian Assange පත්වූ විට film එකේ බොහෝ කොටස් ආවරණය කරගත්තා. ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව යටතේ පසුව ඔහු රැඳී සිටියා. මෙම සියලු සිදුවීම් WikiLeaks වෙබ් අඩවියේ විවිධ documents වලදී නිරාවරණය වුණා.

මේ අනුව Risk කියන්නේ චමත්කාර ජනක කෙටි චිත්‍රපටියක්. කොහොම වුනත් මෙම චිත්‍රපටියෙන් බොහෝ කරුණු ගැන සාකච්ඡා වුනත් එහි එන චරිත වලට ගැඹුරින් පහර ගැසීමක් හෝ විවේචන එල්ල කිරීමක් සිදු නොවූ නිසාම මෙම film එක කුමන ආකාරයේ ක්ෂේත්‍රයක වුවද ලොකු ස්ථානයකට පත් වූයේ නැහැ. ඔබට මෙම කෙටි චිත්‍රපටිය Netflix ඔස්සේ බලන්න හැකියාව තිබෙනවා.

3. Zero Days (2016)

මෙම වාර්තාමය චිත්‍රපටියේ පිටපත සහ අධ්‍යක්ෂණය Alex Gibney විසිනි. ඔහු, Esquire Magazine එකෙන් හඳුන්වනු ලැබුවේ “the most important documentarian of our time/අපේ කාලයේ වැදගත්ම වාර්තාමය වැඩසටහන” ලෙසිනි. මෙම අධ්‍යක්ෂකවරයා Academy Award, multiple Emmy Awards, the Grammy Award සහ වෙනත් සම්මාන රාශියක් ජයග්‍රහණය කරනු ලැබුවා.

මෙම චිත්‍රපටියෙන් ඉදිරපත් වූයේ ලොව පුරා භයානක virus එකක් පැතිරීමේ කතා පුවතක් වන අතර Cyber warfare නම්වූ පරිගණක malware එකක් පැතිරීමක් ගැනයි මින් පිළිඹිබු වුණේ. මෙහිදී 2010 දී න්‍යෂ්ඨික ආරක්ෂණ පද්ධතියට සම්බන්ධ ඉරාන පරිගණක වලට Stuxnet නම් හානිකර පරිගණක වැඩසටහන ඇතුළු වුණා.

මෙම virus එක ඇමරිකාව සහ ඊශ්රාලය විසින් සකසා පතුරවනු ලැබූ අතර ඉරානය විසින් මෙය කඩාකප්පල්කාරී චේතනාවෙන් සිදුකරනු ලැබූ බවයි හැඳින්වුයේ. කෙසේ වුවත් කිසිම කෙනෙක්ට මෙම හානිකර virus එක නිර්මාණය කළ ආකාරය හෝ එය පැතිරුණු ආකාරය නිශ්චිතව තහවුරු කරගන්න හැකියාවක් ලැබුනේ නැහැ. එම නිසා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා cyber ප්‍රහාර එල්ල කිරීම යුද්ධ වල මීළඟ භයානක සිදුවීමක් ලෙසයි අර්ථකථනය කරේ.

මෙම වාර්තා වැඩසටහන ඉතා ක්‍රමානුකූල ලෙස ගවේෂණය කර පැහැදිලි තොරතුරු ඇතුළත් කර සකසා තිබෙනවා. Stuxnet යනු වෙනත් සෑම දෙයකටම වඩා බලවත් සහ trace කළ නොහැකි දෙයක් ලෙසයි මෙහි සඳහන් වන්නේ. තවද මෙහි තහනම් කරන ලද කරුණු කිහිපයක් පසුපස තිබෙන කතා වස්තූන් අතහැර දමා තියෙනවා. මේ නිසා අදටත් ඇති ප්‍රශ්නයක් තමයි කවුද මේ Stuxnet නිර්මාණය කරේ සහ ඒ ඇයිද යන්නයි?

4. Terms and Conditions May Apply (2013)

අන්තර්ජාලයේ ප්‍රබලයින් වන Google සහ facebook වැනි තුන්වන පාර්ශව ආයතන විසින් පුද්ගලික මහජන තොරතුරු භාවිතා කිරීම සහ ඒවා විකිණීම ගැන පාදක කරගත් කෙටි චිත්‍රපටියක් ලෙස මෙම Terms and Conditions May Apply හඳුන්වන්න පුළුවන්. ගවේශනාත්මක චිත්‍රපටි සැකසීම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වන Cullen Hoback නම් චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා විසින් මෙය නිර්මාණය කර තිබෙනවා. ඔහු උත්සාහ කර ඇත්තේ රජය සහ විවිධ ආයතන විසින් අපගේ පුද්ගලික දත්ත කෙසේ භාවිතා කරන්නේද යන්නයි.

ඔබ මෙම චිත්‍රපටිය නැරඹුවේ නම් පැහැදිලි වන කරුණක් තමයි social media privacy ගැන කෙතරම් සැළකිලිමත් විය යුතුද යන්න පිළිබඳවයි. මෙහි බොහෝ කරුණු ආවරණය කර තිබුනත් ප්‍රේක්ෂක ඔබ පුදුමයට පත්වන දේවල් මෙහි අඩංගු වෙනවා. උදාහරණයක් ලෙස facebook එකෙන් ඔබගේ තොරතුරු delete කරනවා කියන්නේ සත්‍ය වශයෙන්ම ඔබෙන් එම තොරතුරු ඉවත් කරනවා කියන එකයි. ඒ කියන්නේ ඔබ ඒවා ඔබෙන් delete කළද ආයතනයේ server තුළ ඒවා දිගටම රැඳී පවතින අතර එසේ කොපමණ කාලයක් ඒවා ගබඩා වී ඇත්දැයි අපි කවුරුවත් දන්නේ නැහැ.

Cullen Hoback මේ ගැන මෙසේ පවසනවා. “ඔබ එකඟ වන සියල්ලම කියවුව හොත් සෑම වසරකම එක මාසයක් වැඩ කරා හා සමානයි. ඒ කියන්නේ සෑම වසරකම පැය 180 ක් ඔබට ගත කරන්න වෙනවා ” මෙම චිත්‍රපටිය මුළුමනින්ම සිත් ඇදගන්නා ලෙස සැක සංක්ෂිප්ත

5. Hacking Democracy (2006)

මෙම චිත්‍රපටිය Simon Ardizzone and Russell Michaels විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර එමඟින් ඇමරිකානු මැතිවරණ ක්‍රමයේ ඇති දෝෂයන් ගැන කතා කර තිබෙනවා. මෙම චිත්‍රපටිය අවසන් කිරීමට සම්පූර්ණ වසර තුනක් ගතවී ඇති අතර අධ්‍යක්ෂකවරුන්ගේ සත්‍ය ජීවිතයේ දී රහස් පරීක්ෂක කාර්යන් වල යෙදී තිබෙනවා.

ඇමරිකාවේ මැතිවරණ වලදී භාවිතා කරන ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර වලින් ආසන්න ලෙස මනාප වලින් 87% ක් පමණක් ගණනය වනවා. නමුත් ඒවා විශ්වාස කළ හැකිද. මෙම වාර්තාමය වැඩසටහනින් පෙන්නුම් කරන්නේ මෙම ඇමරිකානු මැතිවරණ ගණනය කරන system හි ඇති දෝෂ සහ අඩුපාඩු ගැනයි. මේ නිසා මෙහි අධ්‍යක්ෂකවරුන් අසන්නේ, “මනාප වල ප්‍රතිපල වෙනස් කිරීම සඳහා මෙහි ඇති මෘදුකාංගය hack කළ හැකිද?” යන්නයි. ඔබට Hacking Democracy’s website වෙත පිවිසීමෙන් මේ ගැන තවත් තොරතුරු ලබාගන්න පුළුවන්.

අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ මෙවැනි cyber security වාර්තාමය වැඩසටහන් වලින් අපිට තවත් අලුත් දේවල් ඉගෙන ගණන් පුළුවන් නිසා මේවා නැරඹීම ඔබගේ අමතර දැනුම වැඩි කරගන්න ඉතා ප්‍රයෝජනවත් වේවි කියලා අපි හිතනවා.

Leave your thought here

Your email address will not be published. Required fields are marked *

Supportscreen tag