Cloud computing job එකක් කරන්න නම් මේ හොදම certificates ටික මිස් කරගන්න එපා !!
Cloud security කියන්නේ මේ වෙද්දී ලෝකේ ගොඩක් famous side එකක්. ඉස්සර නම් අපි අපේ හැම data එකක්ම software එකක්ම laptop එකේ save කර ගන්නවා. කාලයත් එක්ක අපි IT filed එක complex වෙච්චි නිසා අපේ PC වල lap වල මේ data store කර ගන්න එක complex උනා. ඒකට විසදුමක් විදියට තමයි Cloud එකේ data and software store කරන්න මිනිස්සු පුරුදු උනේ.
දැන් storage ප්‍රශ්නේ හරි. ඊලගට තියෙන case එක තමයි cloud එකේ security එක. අපි මේ හැම දේම cloud එකේ store කරාම මේ data වලට මුකුත් හානියක් වෙන්නේ නැද්ද? Cloud එකේ data store කරා කියලා ඒවට තියෙන risk එක නම් අඩු වෙන් නැහැ. මොකද, cloud එකේ තියෙන data hack කරන්න පුලුවන් තරමට දැන් Cyber Security side එක ගොඩක් advance.
ඉතිං මේ දේවල් නිසාම cloud side එකේ අලුත් jobs මේ වෙද්දී ලෝකෙට ඇවිල්ලා තියෙනවා. ඒ අතරේ Cloud security engineer, Cloud engineer, Cloud, Cloud system engineer, Cloud service developer, Cloud system administrator වගේ jobs ගොඩක් special වෙනවා.
ඔයාලා දන්නවනේ IT side එකේ job එකකට යනකොට talent එක තමයි ගොඩක් ම ඕනි. මොකද ඔයාගේ practical side එක හොදයි නම් ඔයාට ලේසියෙන් මේ side එකේ jobs ගන්න පුලුවන්. ඉතිං මේ නිසාම මේ වෙද්දී ලෝකේ එක එක companies ඔයාලගේ skill එක වගේම theory knowledge එක improve වෙන්න එක එක certificates course introduce කරලා දීලා තියෙනවා.
මේ certificates වල තියෙන වැදගත්ම දේ තමයි ඔයාලා job එකකට යද්දී ඔයාගේ CV එකේ මේ certificates ගැන mention කරන්න පුලුවන්. දැන් ඔයාලට හිතෙනවා ඇති නේද course එකක් කරලා certificate එකක් ගන්න එක නම් හරි ලේසි වැඩක් කියලා. ඇත්තටම එහෙම නැ. අපි හිතන්වා වගේ ලේසියෙන් මේ දේවල් කරන්න බෑ. මේ certificate course ලෝකේ ගොඩක් valued. ඒ නිසාම් ඒවගේ standard එකත් ගොඩක් වැඩී.
දැන් අපි බලමු cloud security side එකේ ඉස්සරහට යන්න ඉන්න ඔයාට වැදගත් වෙන certificates මොනවද කියලා.
CCSK (Certificate for Cloud Security Knowledge)
අද අපි කතා කරන first certificate එක තමයි CCSK කියලා කියන්නේ. Cloud security Alliance කියන organization එකෙන් offer කරන Cloud security side එකේ ගොඩක් famous certificate එකක් තමයි මේක. මේක කරන්න නම් ඔයාට $395 ක මුදලක් වැය කරන්න වෙනවා. CCSK කියන්නේ open book, online exam එකක්. ඒ වගේම තමයි මේකෙදී ඔයාට 90 min ඇතුලත MCQ 60 කට answer දෙන්න වෙනවා .
ඔයා මේකදී first time fail උනොත් second attempt එකක් ගන්න අවස්තාව Cloud security Aliance විසින් සලසා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයා මේ exam එක pass වෙන්න නම් 80% හරි ඊට වඩා marks ගානක් අනිවාර්යයෙන්ම ඔයාට තියෙන්න ඕනි.
ඉතිං මේ exam එක passe උනොත් ඔයාට CCSK digital badge එක හම්බු වෙනවා. Alliance cloud security organizes එක කියන විදියට, CCSK certificate එක Cybersecurity analysts, Security Engineers, Security Architecture, Enterprising Architecture, Security Administrators, Compliance Managers, Security Consultant, System Engineer වගේ sides වල ඉන්න අයට මේ certificate එක ගොඩක් important වෙනවා.
ඔයා CCSK certificate course එක complete කරාම ඔයාට cloud incident response, application security, data encryption, SeceeS, securing emerging technology වගේ ගොඩක් sides ඉගෙන ගන්න පුලුවන්. CCSK ගැන ඔයාට තව details අවශ්‍ය නම් මේ link එකෙන් එයාලගේ site එකට ගිහින්ම ගන්න පුලුවන්.
https://cloudsecurityalliance.org/education/ccsk/
CompTIA Cloud+
Cloud certificates යටතේ අපි කතා කරන second certificate එක තමයි Comp TIA Cloud + කියලා කියන්නේ. මේ certificate එක offer කරන්නේ Comp TIA කියන organization එකෙන්. ඔයා මේ certificate එක කරන්න ඉන්නවා නම් ඔයාට ඒ වෙනුවෙන් $348 ක මුදලක් වැය කරන්න වෙන්වා වගේම මේකෙදී ඔයාට performance based MCQ 90 කට answer දෙන්න වෙනවා. ඒ වගේම ඒකට ඔයාට 90 minutes time හම්බු වෙනවා.
Comp TIA organization එක කියන විදියට ඔයාට මේ certificate එක කරන්න නම්, IT side එකේ network or system administrators ගැන හොද experience එකක් අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයා මේ exam එක හරියට ඉවර කරොත් ඔයාට Comp TIA Cloud+ කියන badge එක ඔයාගේ professional qualifications වලට add කර ගන්න පුලුවන් වෙනවා.
මේ Certificate course එකේ තියෙන special ම දේ තමයි ඔයා මේක follow කරනකොට ඔයාට Cloud Architecture and design, Cloud security, Cloud deployment, Operations and support, Troubleshooting වගේ දේවල් ගැන ලොකු knowledge එකක් ගන්න පුලුවන්.
ඒ විතරක් නෙවෙයි ඔයා future එකේදී System Administrator, System Engineer, Network Engineer, Cloud project manager, Cloud Engineer, Network administrator, Cloud specialist වගේ jobs කරන්න ඉන්නවා නම් ඔයාගේ CV එකට මේ certificate එක ගොඩක් වැදගත් වෙනවා. CompTIA Cloud + ගැන තව details දැන ගන්න ඕනි නම්, මේ link එකට ගිහින් බලන්න.
https://www.comptia.org/certifications/cloud
GCSA (GIAC Cloud Security Automation)
.
ඊලගට අපි කතා කරන certificate එක තමයි GCSA කියන්නේ. මේක නම් ඔයා වැඩිය අහලා නැති certificate එකක් වෙන්න ඇති. හැබැයි මේක ගොඩක් professional certificate එකක්. මේ certificate එක offer කරන්නේ GIAC කියන organization එකෙන්. ඒ වගේම මේක complete කරන්න නම් ඔයාට $1999 ක මුදලක් වැය කරන්න වෙනවා
මේ Exam එකේ format එක ගත්තම ඔයාට ඔයාට 2 h ඇතුලත question 75 කට answer දෙන්න සිද්ද වෙනවා. ඒ වගේම ඔයා මේ certificate එක complete කරා කියන්නේ ඔයාට Cloud security fundamentals, Automating configuration management, Continues integration, Continuous delivery, Continuous monitoring , Microservice security, Runtime security automation, Serverless security වගේ දේවල් ගැන ලොකු knowledge එකක් ගන්න පුලුවන්.
GIAC organization එක කියන විදියට නම් මේ certificate course එක එයාල introduce කරලා තියෙන්නේ Software architecture, Operation engineer, System administrators, auditors, Risk managers, Security consultants වගේ job roles කරන අයට. ඉතිං ඔයත් Cloud security එක ගැන interest කෙනෙක් නම් ඔයාගේ professional skills වලට මේ certificate එක include කර ගන්න try කරන්න.
ඒ වගේම මේ දේවල් වලට අමතරව Cloud related open source tools use කරන විදිය, Amazon, Azure වගේ cloud service use කරන විදිය, DevOps principals එක්ක Cloud service එක්ක වැඩ කරන විදිය ගැන දැන ගන්න ලැබෙන එක නම් ලොකු දෙයක්. GCSA ගැන ඔයාට තව details අවශ්‍ය නම් මේ link එකෙන් එයාලගේ site එකට ගිහින්ම ගන්න පුලුවන්.
https://www.giac.org/certification/cloud-security-automation-gcsa
CCSP (Certified Cloud Security Professional)
මොකක්ද මේ CCSP කියන්නේ? දැන් අපි කතා කරමු ඒ ගැන. CCSP කියන්නේ Cloud security side එකේ ගොඩක් famous certificate එකක් කිව්වොත් හරියටම හරි. මේ certificate එක sponsor කරන්නේ ISC2 කියන organization එකෙන්. ඒ වගේම ඔයා මේ certificate එක කරනවා නම්, ඒ සදහා ඔයාට $599 මුදලක් වැය කරන්න වෙනවා.
CCSP certificate එක කරන්න නම්, prerequisite විදියට එයාලා ඔයාගෙන් IT side එකේ 5-year experience expect කරනවා. ඒ වගේම ඒ experience එකෙන් අවුරුදු 3 infosec side එකෙත්, එක අවුරුද්දක් Cloud side එක ගැන තියෙන්න ඕනි කියලා තමයි ISC2 organization එක කියන්නේ. CCSP exam එක කරනකොට ඔයාට MCQ 125 කට answer දෙන්න වෙනවා. ඒ වගේම ඔයා මේ exam එක හරියටම complete කරාම ඔයාට ISC2 organization එක මගින් දෙන badge එකත් හම්බු වෙනවා.
ඔයා කවද හරි Cloud architect, Cloud engineer, Cloud consultant, Cloud administrator, Cloud security analyst, Cloud specialist, auditor of cloud computing services, Professional cloud developer වගේ job එකක් expect කරන්වා නම් මේ certificate එක අනිවාර්යයෙන්ම ඔයාගේ CV එකට add කර ගන්න try කරන්න. තව දුරටත් ඔයා CCSP ගැන දැන ගන්න කැමති නම් මේ link එක අනිවාර්යයෙන්ම refer කරන්න.
https://www.isc2.org/Certifications/CCSP#
Azure Security Engineer Associate
Microsoft company එකෙන් offer කරන තවත් වැදගත් Cloud related certificate එකක් තමයි, Azure Security Engineer Associate කියලා කියන්නේ කියලා. මේක කරන්න නම් ඔයාට $ 165 ක මුදලක් වැය කරන්න වෙනවා. ඒ වගේම exam එකේදී ඔයාට Multiple choice question වගේම Multiple select question set එකක් හම්බු වෙනවා.
Microsoft’s ලා කියන විදියට ඔයා මේ certificate එක කරාම ඔයාට Azure platform එක ගැන ලොකු idea එකක් එන්වා. ඒ වගේම data protection, application and networks පිලිබද තියෙන ඔයාගේ knowledge එක ගොඩක් improve වෙනවා.
ඒ විතරක් නෙවෙයි ඔයා මේ certificate එක complete කරා කියන්නේ ඔයාට Cloud side එකේ තියෙන vulnerabilities අදුර ගන්න, ඒවට perform කරන්න වගේම ඒවගෙන් protect කර ගන්න විදිය ගැන හොඳ idea එකක් ගන්න පුලුවන්.
මේකෙත් අපි කලින් කතා කරපු certificate course වගේම ඔයාට professional badge එකක් හම්බු වෙනවා. හැබැයි ඔයා මේ certificate එක complete කරන්න කලින් අනිවාර්යයෙන්ම Microsoft ලගේ AZ – 500 certificate එක passe වෙන්න ඕනි. මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඔයා කැමති නම්, මේ link එකට ගිහින් බලන්න.
https://docs.microsoft.com/en-us/learn/certifications/azure-security-engineer/
AWS Certified Security – Specialty
ඊලගට අපි කතා කරන certificate එක තමයි AWS Certified Security – Specialty කියලා කියන්නේ. මේ certificate එක offer කරන්නේ Amazon එකෙන්. ඒ වගේම මේ exam එකේදී ඔයාට 170 minutes වලදී Multiple choice හරි multiple response question 65 කට answer දෙන්න වෙනවා.
ඒ වගේම තමයි ඔයා මේ exam එක කරන්වා නම්, $300 ක මුදලක් වැය කරන්න වෙනවා. ඉතිං මෙහෙම මුදලක් වැය කරලා ඔයාට ගන්න පුලුවන් දේවල් මොනවද?
Amazon company එක කියන විදියට නම්, ඔයා මේ certificate එක complete කරාම ඔයාට AWS වල data classification, data protection, data encryption ගැන ලොකු idea එකක් එනවා. ඒ වගේම AWS වල security service සහ features ගැන ලොකු idea එකක් එනවා.
ඒ වගේම තමයි, මේ certificate එක ගන්න නම් Amazon ලා ඔයාගෙන් prerequisite expect කරන් නැහැ. හැබැයි ඔයාට AWS ගැන පොඩි knowledge එකක් හරි තියෙනවා නම් ඒක ගොඩක් වැදගත් වෙනවා කියලා Amazon ලා කියනවා.
ඉතිං ඔයා මේ exam එක කරලා AWS badge එක ගන්න ආසාවෙන් ඉන්නවා නම්, අනිවාර්යයෙන්ම මේ link එකට ගිහින් බලන්න. ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි.
https://aws.amazon.com/certification/certified-security-specialty/
Professional Cloud Security Engineer
දැන් අපි බලමු මොකක්ද මේ Professional Cloud Security Engineer කියන්නේ කියලා. මේකත් අපි කලින් කතා කරපු, certificates වගේම Google එකෙන් offer කරන $200 වටිනා exam එකක්. ඒ වගේම මේකෙදී ඔයාට 2h ඇතුලත multiple choice හරි multiple select හරි question 50 කට answer දෙන්න සිද්ද වෙනවා.
මේ certificate එකෙත් අපි කලින් කතා කරපු certificates වල වගේ මුකුත් prerequisite නෑ. හැබැයි Google ලා කියන විදියට ඔයාට Google cloud ගැන පොඩි හරි experience එකක් තියෙනවා නම් මේ වැඩේ ගොඩක් ලේසි වෙනවා.
ඒ වගේම Google company එක කියන විදියට ඔයා මේ exam එක කරා කියන්නේ, Cloud data protection, network security, operation management in cloud platform, වගේ topics ගැන full idea එකක් එනවා. ඉතිං ඔයා මේ exam එක ගැන වැඩි දුර details දැන ගන්න කැමති නම් මේ link එක refer කරන්න.
https://cloud.google.com/certification/cloud-security-engineer
CSK (Certified Kubernetes Security Specialist)
අද අපි කතා කරන last certificate එක තමයි මේක. මේ certificate එක offer කරන්නේ Cloud Native Computing Foundation කියන organization එකෙන්. මේකත් අපි කලින් කතා කරපු certificates වගේම ගොඩක් වැදගත් certificate එකක්.
ඔයා මේ certificate එක කරන්න ඉන්නවා නම්, ඒකට ඔයාට $375 ක මුදලක් වැය වෙනවා. ඒ වගේම තමයි exam එකේදී ඔයාට performance base test එකක් තමයි හම්බු වෙන්නේ. ඒක complete කරන්න ඔයාට පැය 2 ක කාලයක් ගත වෙනවා.
Cloud Native Foundation organization එක කියන විදියට නම්, මේ course එක ඔයා complete කරාම ඔයාට, Cluster setup, Cluster hardening, System hardening, minimize microservice vulnerabilities, supply chain security, Monitoring, Logging, Runtime security වගේ ගොඩක් දේවල් ගැන ලොකු knowledge එකක් එනවා ඉතිං ඔයා මේ ගැන තව details දැන ගන්න කැමති නම් මේ line එක refer කරන්න.
https://www.cncf.io/certification/cks/
ඉතිං දැන් අපි Cloud side එකේ ගොඩක් certificates ගැන කතා කරානේ. Cloud Security කියන්නේ ඉස්සරහට ගොඩක් trending වෙන side එකක්. ඔයාලා දන්නවනේ IT side එකේ ඉස්සරහට එන්න නම් අනිවාර්යයෙන්ම talent එක තියෙන්න ඕනි. අපි මේ කතා කරපු ගොඩක් certificate talent base වෙලා තමයි තියෙන්නේ. ඉතිං ඔයා කවද හරි Cloud security side එකේ ඉස්සරහට යන්න ඉන්නවා නම්, මේ දේවල් ඔයාගේ CV එකට අනිවාර්යයෙන්ම එකතු කර ගන්න.