Cyber Security

Cloud computing side එකේ job එකක් කරන්න ආසද?අනිවාර්යයෙන්ම මේ certificates ඔයා කරන්න.

cyber security

Cloud computing side එකේ job එකක් කරන්න ආසද?අනිවාර්යයෙන්ම මේ certificates ඔයා කරන්න.

Cloud security කියන්නේ මේ වෙද්දී ලෝකේ ගොඩක් famous side එකක්. ඉස්සර නම් අපි අපේ හැම data එකක්ම software  එකක්ම laptop  එකේ save කර ගන්නවා. කාලයත් එක්ක අපි IT filed  එක complex  වෙච්චි නිසා අපේ PC වල lap වල මේ data store කර ගන්න එක complex  උනා. ඒකට විසදුමක් විදියට තමයි  Cloud එකේ data and software  store කරන්න මිනිස්සු පුරුදු උනේ.

දැන් storage  ප්‍රශ්නේ හරි. ඊලගට තියෙන case එක තමයි  cloud එකේ security  එක. අපි මේ හැම දේම  cloud එකේ store  කරාම මේ data වලට මුකුත් හානියක් වෙන්නේ නැද්ද? Cloud එකේ data store කරා කියලා ඒවට තියෙන risk එක නම් අඩු වෙන් නැහැ. මොකද, cloud එකේ තියෙන  data hack කරන්න පුලුවන් තරමට දැන් Cyber Security side එක ගොඩක්  advance. 

ඉතිං මේ දේවල් නිසාම cloud side එකේ අලුත් jobs මේ වෙද්දී ලෝකෙට ඇවිල්ලා තියෙනවා. ඒ අතරේ Cloud security engineer, Cloud engineer, Cloud, Cloud system engineer, Cloud service developer, Cloud system administrator  වගේ jobs ගොඩක්  special  වෙනවා. 

ඔයාලා දන්නවනේ IT side එකේ job එකකට යනකොට  talent  එක තමයි ගොඩක් ම ඕනි. මොකද  ඔයාගේ practical side එක හොදයි නම් ඔයාට ලේසියෙන් මේ side එකේ jobs ගන්න පුලුවන්. ඉතිං මේ නිසාම මේ වෙද්දී ලෝකේ එක එක companies  ඔයාලගේ skill එක වගේම theory knowledge  එක improve  වෙන්න එක එක certificates course introduce  කරලා දීලා තියෙනවා. 

මේ certificates වල  තියෙන වැදගත්ම දේ  තමයි ඔයාලා job එකකට යද්දී ඔයාගේ CV එකේ මේ certificates ගැන mention කරන්න පුලුවන්. දැන් ඔයාලට හිතෙනවා ඇති නේද  course  එකක් කරලා certificate  එකක් ගන්න එක නම් හරි ලේසි වැඩක් කියලා. ඇත්තටම එහෙම නැ. අපි හිතන්වා වගේ ලේසියෙන් මේ දේවල් කරන්න බෑ. මේ certificate course  ලෝකේ ගොඩක්  valued. ඒ නිසාම් ඒවගේ standard  එකත් ගොඩක් වැඩී.  

දැන් අපි බලමු  cloud security side එකේ වැදගත් වෙන certificates මොනවද කියලා.

CCSK (Certificate for Cloud Security Knowledge)


අද අපි කතා කරන first certificate එක තමයි  CCSK  කියලා කියන්නේ. Cloud security Alliance කියන organization එකෙන් offer කරන Cloud security side එකේ ගොඩක් famous certificate එකක් තමයි මේක. මේක කරන්න නම් ඔයාට  $395 ක මුදලක් වැය කරන්න වෙනවා. CCSK කියන්නේ open book, online exam එකක්. ඒ වගේම තමයි මේකෙදී ඔයාට 90 min ඇතුලත MCQ 60  කට answer  දෙන්න වෙනවා . 

ඔයා මේකදී first time fail  උනොත්  second attempt  එකක් ගන්න අවස්තාව Cloud security Aliance  විසින් සලසා දීලා තියෙනවා.  ඒ විතරක් නෙවෙයි ඔයා මේ exam  එක pass වෙන්න නම් 80% හරි ඊට වඩා  marks ගානක් අනිවාර්යයෙන්ම ඔයාට තියෙන්න ඕනි. 

ඉතිං මේ exam  එක passe  උනොත් ඔයාට CCSK digital badge  එක හම්බු වෙනවා.  Aliance cloud security organize එක කියන විදියට, CCSK certificate එක Cybersecurity analysts, Security Engineers, Security Architecture, Enterprising Architecture, Security Administrators, Compliance Managers, Security Consultant, System Engineer වගේ sides වල ඉන්න අයට මේ certificate එක ගොඩක් important වෙනවා. 

ඔයා CCSK certificate course  එක complete  කරාම ඔයාට cloud incident response, application security, data encryption, SeceeS, securing emerging technology වගේ  ගොඩක්  sides ඉගෙන ගන්න පුලුවන්. CCSK ගැන ඔයාට තව details අවශ්‍ය නම් මේ link එකෙන් එයාලගේ site එකට ගිහින්ම ගන්න පුලුවන්.

CompTIA Cloud+

Cloud certificates යටතේ අපි කතා කරන second certificate එක තමයි Comp TIA Cloud + කියලා කියන්නේ.  මේ certificate  එක offer කරන්නේ Comp TIA කියන organization  එකෙන්. ඔයා මේ certificate  එක කරන්න ඉන්නවා  නම් ඔයාට ඒ වෙනුවෙන්  $348 ක මුදලක් වැය කරන්න වෙන්වා වගේම මේකෙදී ඔයාට performance based  MCQ 90 කට answer  දෙන්න   වෙනවා.  ඒ වගේම ඒකට ඔයාට 90 minutes  time හම්බු වෙනවා.  

Comp TIA organization එක කියන විදියට ඔයාට මේ certificate එක කරන්න නම්, IT side එකේ network or system administrators ගැන හොද experience එකක් අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි,  ඔයා මේ exam  එක හරියට ඉවර කරොත් ඔයාට Comp TIA Cloud+ කියන badge  එක ඔයාගේ professional qualifications  වලට add කර ගන්න පුලුවන් වෙනවා.

මේ Certificate course  එකේ තියෙන special  ම දේ තමයි ඔයා මේක follow  කරනකොට ඔයාට Cloud Architecture and design, Cloud security, Cloud deployment, Operations and support, Troubleshooting  වගේ දේවල් ගැන ලොකු  knowledge එකක් ගන්න පුලුවන්.  ඒ විතරක් නෙවෙයි ඔයා future  එකේදී  System Administrator, System Engineer, Network Engineer, Cloud project manager, Cloud Engineer, Network administrator, Cloud specialist  වගේ jobs කරන්න ඉන්නවා නම් ඔයාගේ CV එකට මේ certificate  එක ගොඩක්  වැදගත් වෙනවා. CompTIA Cloud + ගැන තව details දැන ගන්න ඕනි නම්, මේ link එකට ගිහින් බලන්න

GCSA (GIAC Cloud Security Automation)

ඊලගට අපි කතා කරන certificate  එක තමයි  GCSA කියන්නේ. මේක නම් ඔයා වැඩිය අහලා නැති certificate  එකක් වෙන්න ඇති. හැබැයි මේක ගොඩක්  professional certificate  එකක්. මේ certificate  එක offer කරන්නේ GIAC කියන organization  එකෙන්. ඒ වගේම මේක complete  කරන්න නම් ඔයාට $1999 ක මුදලක් වැය කරන්න වෙනවා. 

මේ Exam එකේ format  එක ගත්තම ඔයාට ඔයාට 2  h ඇතුලත question  75 කට answer  දෙන්න සිද්ද වෙනවා. ඒ වගේම ඔයා මේ certificate  එක complete  කරා කියන්නේ ඔයාට Cloud security fundamentals, Automating configuration management, Continues integration, Continuous delivery, Continuous monitoring , Microservice security, Runtime security automation, Serverless security  වගේ දේවල් ගැන ලොකු  knowledge  එකක් ගන්න පුලුවන්.

GIAC organization එක කියන විදියට නම් මේ certificate course එක එයාල introduce කරලා තියෙන්නේ Software architecture, Operation engineer, System administrators, auditors, Risk managers, Security consultants වගේ job roles කරන අයට. ඉතිං ඔයත් Cloud security  එක ගැන interest  කෙනෙක් නම් ඔයාගේ professional skills වලට මේ certificate  එක include  කර ගන්න try කරන්න. 
ඒ වගේම මේ දේවල් වලට අමතරව Cloud related open source tools use කරන විදිය, Amazon, Azure වගේ cloud service use කරන විදිය, DevOps principals එක්ක Cloud service  එක්ක වැඩ කරන විදිය ගැන දැන ගන්න ලැබෙන එක නම් ලොකු දෙයක්. GCSA ගැන ඔයාට තව details අවශ්‍ය නම් මේ link එකෙන් එයාලගේ site එකට ගිහින්ම ගන්න පුලුවන්.

CCSP (Certified Cloud Security Professional)

මොකක්ද මේ CCSP කියන්නේ? දැන් අපි කතා කරමු ඒ ගැන. CCSP කියන්නේ Cloud security side එකේ ගොඩක් famous certificate එකක් කිව්වොත් හරියටම හරි. මේ certificate  එක sponsor  කරන්නේ ISC2 කියන organization  එකෙන්. ඒ වගේම ඔයා මේ certificate  එක කරනවා නම්, ඒ සදහා ඔයාට $599 මුදලක්  වැය කරන්න වෙනවා.

CCSP certificate එක කරන්න නම්, prerequisite විදියට එයාලා ඔයාගෙන් IT side එකේ 5-year experience expect කරනවා. ඒ වගේම ඒ experience  එකෙන් අවුරුදු 3 infosec side එකෙත්,  එක අවුරුද්දක් Cloud side   එක ගැන තියෙන්න ඕනි කියලා තමයි ISC2 organization  එක කියන්නේ.  CCSP exam එක කරනකොට ඔයාට MCQ 125 කට answer දෙන්න වෙනවා. ඒ වගේම ඔයා මේ exam එක හරියටම complete  කරාම ඔයාට  ISC2 organization එක මගින් දෙන badge  එකත් හම්බු වෙනවා. 

ඔයා කවද හරි Cloud architect, Cloud engineer, Cloud consultant, Cloud administrator, Cloud security analyst, Cloud specialist, auditor of cloud computing services, Professional cloud developer වගේ job එකක් expect  කරන්වා නම් මේ certificate  එක අනිවාර්යයෙන්ම ඔයාගේ CV එකට add කර ගන්න try කරන්න. තව දුරටත් ඔයා CCSP ගැන දැන ගන්න කැමති නම් මේ link එක අනිවාර්යයෙන්ම  refer  කරන්න. 

Azure Security Engineer Associate

Microsoft company එකෙන් offer කරන තවත් වැදගත් Cloud related certificate එකක් තමයි, Azure Security Engineer Associate කියලා කියන්නේ කියලා. මේක කරන්න නම් ඔයාට $ 165 ක මුදලක් වැය කරන්න වෙනවා. ඒ වගේම exam එකේදී ඔයාට Multiple choice question වගේම Multiple select question set එකක් හම්බු වෙනවා.

Microsoft’s ලා කියන විදියට ඔයා මේ certificate එක කරාම ඔයාට Azure platform එක ගැන ලොකු idea එකක් එන්වා. ඒ වගේම  data protection, application and networks පිලිබද තියෙන ඔයාගේ knowledge  එක ගොඩක්  improve  වෙනවා.

ඒ විතරක් නෙවෙයි ඔයා මේ certificate  එක complete  කරා කියන්නේ ඔයාට Cloud side එකේ තියෙන  vulnerabilities  අදුර ගන්න, ඒවට perform කරන්න වගේම  ඒවගෙන් protect  කර ගන්න විදිය ගැන හොඳ  idea එකක් ගන්න පුලුවන්. 

මේකෙත් අපි කලින් කතා කරපු certificate course  වගේම ඔයාට  professional badge  එකක් හම්බු වෙනවා. හැබැයි ඔයා මේ certificate  එක complete  කරන්න කලින් අනිවාර්යයෙන්ම Microsoft  ලගේ AZ – 500 certificate  එක passe  වෙන්න ඕනි. මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඔයා කැමති නම්, මේ link එකට ගිහින් බලන්න.

AWS Certified Security – Specialty

ඊලගට අපි කතා කරන certificate  එක තමයි  AWS Certified Security – Specialty කියලා කියන්නේ. මේ certificate  එක offer කරන්නේ Amazon  එකෙන්. ඒ වගේම මේ exam එකේදී ඔයාට 170 minutes  වලදී  Multiple choice හරි multiple response question 65 කට answer  දෙන්න වෙනවා. 

ඒ වගේම තමයි ඔයා මේ exam එක කරන්වා නම්, $300 ක මුදලක් වැය කරන්න වෙනවා.  ඉතිං මෙහෙම මුදලක් වැය කරලා ඔයාට ගන්න පුලුවන් දේවල් මොනවද? 

Amazon company එක කියන විදියට නම්, ඔයා මේ certificate එක complete කරාම ඔයාට AWS වල data classification, data protection, data encryption ගැන ලොකු idea එකක් එනවා. ඒ වගේම AWS වල security service  සහ features ගැන ලොකු idea එකක් එනවා.

ඒ වගේම තමයි, මේ certificate  එක ගන්න නම් Amazon ලා ඔයාගෙන්  prerequisite  expect  කරන් නැහැ. හැබැයි ඔයාට AWS ගැන පොඩි  knowledge  එකක් හරි තියෙනවා නම් ඒක ගොඩක් වැදගත් වෙනවා කියලා  Amazon ලා කියනවා. 

ඉතිං ඔයා මේ exam එක කරලා AWS badge  එක ගන්න ආසාවෙන් ඉන්නවා නම්, අනිවාර්යයෙන්ම මේ link එකට ගිහින් බලන්න. ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි.

Professional Cloud Security Engineer

දැන් අපි බලමු මොකක්ද මේ Professional Cloud Security Engineer  කියන්නේ කියලා. මේකත් අපි කලින් කතා කරපු, certificates වගේම Google එකෙන් offer කරන $200 වටිනා  exam එකක්. ඒ වගේම මේකෙදී ඔයාට 2h ඇතුලත  multiple choice හරි multiple select හරි  question 50 කට answer  දෙන්න සිද්ද වෙනවා.

මේ certificate එකෙත් අපි කලින් කතා කරපු certificates වල වගේ මුකුත්  prerequisite  නෑ. හැබැයි  Google ලා කියන විදියට ඔයාට Google cloud ගැන පොඩි හරි experience  එකක් තියෙනවා නම් මේ වැඩේ ගොඩක් ලේසි වෙනවා.

ඒ වගේම Google  company  එක කියන විදියට ඔයා මේ exam  එක කරා කියන්නේ, Cloud data protection, network security, operation management in cloud platform,  වගේ topics ගැන full idea එකක් එනවා. ඉතිං ඔයා මේ exam  එක ගැන වැඩි දුර details  දැන ගන්න කැමති නම් මේ link එක refer  කරන්න.

CSK (Certified Kubernetes Security Specialist)

අද අපි කතා කරන last certificate  එක තමයි මේක. මේ certificate  එක offer කරන්නේ Cloud Native Computing Foundation  කියන organization  එකෙන්. මේකත් අපි කලින් කතා කරපු certificates වගේම ගොඩක්  වැදගත්  certificate  එකක්.

ඔයා මේ certificate  එක කරන්න ඉන්නවා නම්, ඒකට ඔයාට $375 ක මුදලක් වැය වෙනවා. ඒ වගේම තමයි exam එකේදී ඔයාට performance base test එකක් තමයි හම්බු වෙන්නේ. ඒක complete  කරන්න ඔයාට පැය 2 ක කාලයක් ගත වෙනවා.

Cloud Native Foundation organization එක කියන විදියට නම්, මේ course එක ඔයා complete කරාම ඔයාට, Cluster setup, Cluster hardening, System hardening, minimize microservice vulnerabilities, supply chain security, Monitoring, Logging, Runtime security වගේ ගොඩක් දේවල් ගැන ලොකු knowledge එකක් එනවා ඉතිං ඔයා මේ ගැන තව details දැන ගන්න කැමති නම් මේ link එක refer කරන්න. 

ඉතිං දැන් අපි Cloud side එකේ ගොඩක්  certificates ගැන කතා කරානේ. Cloud Security   කියන්නේ ඉස්සරහට ගොඩක් trending වෙන side එකක්. ඔයාලා දන්නවනේ IT side එකේ ඉස්සරහට එන්න නම් අනිවාර්යයෙන්ම  talent  එක තියෙන්න ඕනි. අපි මේ කතා කරපු ගොඩක්  certificate  talent base වෙලා තමයි තියෙන්නේ. ඉතිං ඔයා කවද හරි Cloud security side එකේ ඉස්සරහට යන්න ඉන්නවා නම්, මේ දේවල් ඔයාගේ CV එකට අනිවාර්යයෙන්ම එකතු කර ගන්න. 



Leave your thought here

Your email address will not be published. Required fields are marked *

Supportscreen tag