Networking Article 06 – Networking වලට අදාල devices ගැන දැන ගන්න ඔයත් කැමතිද? එහෙනම් මෙන්න හොද chance එකක්.
Networking Article 06 – Networking වලට අදාල devices ගැන දැන ගන්න ඔයත් කැමතිද? එහෙනම් මෙන්න හොද chance එකක්.
ඔයාලා දන්නවනේ අද වෙනකොට, ලෝකේ කොහේ හිටියත් ඔයාට internet නිසා information share කර ගන්න එක ගොඩක් ලේසි වෙලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ලෝකේ හැම devices එකක්ම එකට network වෙලා තියෙන නිසා කියලා අපි දන්නවනේ. එතකොට, කොහොමද මේ devices එකට network වෙන්නේ? ඒවට මුකුත් special devices එහෙම තියෙනවද?
ඔව්.
මොනවද එතකොට ඒ?
ඒවා ගැන අපි මේ article එකෙන් කතා කරමු.
Repeaters (පුනර්යෝජකය)
Networking devices යටතේ අපි මුලින්ම කතා කරන්නේ repeaters ගැන. ඔයාලා දන්නවනේ normally, devices වලින් data transfer වෙන්නේ electronic signal විදියට කියලා. එතකොට data transmit වෙන දුර වැඩි වෙනකොට අතරමැදදී signal එක දුර්වල වෙන්න පුලුවන්. ඔන්න ඕකට solution එකක් විදියට තමයි repeaters introduce උනේ. Repeaters වලට දුර්වල තරංග නැවත ප්‍රකෘති කරන්න පුලුවන්.
Repeaters ප්‍රදාන ආකාර දෙකක් තියෙනවා.
1.Analog repeaters (ප්‍රතිසම පුනර්යෝජක)
Analog repeaters වලදී කරන්නේ damage වෙච්ච signal එක නැවත වර්ධනය (amplify) කරන එක. හැබැයි මේ process එකේදී signal එකේ ඝෝෂාවත් වර්ධනය වෙනවා.
2.Digital repeaters (අංකිත පුනර්යෝජක)
Digital repeaters වලදී කරන්නේ damage වෙච්ච signal එක නැවත උතපාදනය (regenerate) කරන එක. ඒ කියන්නේ මුල් signal එකට සමාන signal එකක් ආයෙත් හදනවා.
Networking side එකේ නම් ගොඩක් වෙලාවට use කරන්නේ Analog repeaters. හැබැයි මේ regenerator circuit එක මේ වෙනකොට routers, switches, hub වලට එහෙම inbuilt එනවා. ඒ නිසා signal එකේ quality එක අඩු උනොත් හදා ගන්න මේ device වලට හැකියාව තියෙනවා.
Hub (මධ්‍යස්ථාන / නාභිය)
Networking යටතේ කතා කරන්න තියෙන physical layer එකේ device එකක් තමයි Hub කියලා කියන්නේ. මේක ප්‍රාථමික මට්ටමේ device එකක් විදියට අපට සලකන්න පුලුවන්. මොකද මේකට limited device ගානක් විතරයි අපට සම්බන්ධ කරන්න පුලුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේක half duplex device එකක්.
මොකක්ද එතකොට half duplex කියන්නේ ? ඒක ගැන ඔයාට මේ article එක කියවලා idea එකක් ගන්න පුලුවන් ( Networking article 07)
Hub එක කියන්නේ ටිකක් කරදරකාරී උපාංගයක් කිව්වොත් හරියටම හරි. Hub එකට data packet එකක් ආවම එයා networking එකට join වෙලා ඉන්න සේරම device වලට ඒ data packet එක transmit කරනවා. එතකොට අදාල device එක විතරක් data packet එක ගන්නවා. හැබැයි ඉතිං networking එකට join වෙලා ඉන්න සේරම device වලට data packet එක transmit වෙන නිසා අනවශ්‍ය තදබදයක් network එකේ ඇති වෙනවා.
ඇයි එතකොට Hub එක මේ විදියට වැඩ කරන්නේ? එයාට හරිම device එක හොයා ගන්න බැරිද?
Hub එකට එයා transmit කරන data ගැන කිසිම idea එකක් නැහැ. ඒ නිසා එයා එයාට එන හැම data packet එකක්ම network එකේ broadcast කරනවා. ඒ නිසා Hub එක use කරනකොට collision domain, broadcast domain ඇති වෙනවා.
Hub එක නිසා network එකේ data redundancy වෙනවා. ඒ නිසා data වල security එක අඩුයි. ඉතිං මේ නිසාම Hub එකේ තියෙන errors නැති කරලා switch එක develop උනා.
Switch (වහුරු)
Network එකක් design කරනකොට වර්තමානයේ බහුලව භාවිතා කරන device එකක් තමයි switch කියලා කියන්නේ. Switch කියන්නේ layer 2 එකේ වගේම layer 3 එකෙත් වැඩ කරන device එකක් කිව්වොත් හරියටම හරි. Layer 2, Layer 3 ගැන දැන ගන්න ඕනි නම් ඔයා මේ article එක කියවන්න. (Networking article 05)
Switch එකයි hub එකයි ගැන බැලුවොත්, ඒ දෙකේ තියෙන ප්‍රදානම වෙනස තමයි, hub එක networking එකට join වෙලා ඉන්න සේරම device වලට data packets transmit කරනවා. හැබැයි switch එක අදාල device එකට විතරයි data packets transmit කරන්නේ. ඒ නිසා switch එකක් use කරලා අපට කාර්යක්ශමව data transmit කරන්න පුලුවන් වෙනවා.
Switch එකක ප්‍රදාන කාර්ය වෙන්නේ, data frames (දත්ත රාමු) එහෙම නැත්නම් data packets ගමනාන්තය අනුව යොමු කිරීම (forward), filter කිරීම හෝ broadcast කිරීම කිව්වොත් හරියටම හරි. හරියටම අදාල device එකට data transmit කරන නිසා network එකේ අනවශ්‍ය තදබදයක් එන්නේ නෑ. ඒ නිසා data වල security එක ගැන භය වෙන්න දෙයක් නෑ.
Bridge (සේතුව)
මොකක්ද මේ bridge එහෙම නැත්නම් සේතුව කියලා කියන්නේ? සේතුවක් කියලා කියන්නේ, ports 2 න් සමන්විත ජාල උපකරණයක් කිව්වොත් හරියටම හරි. මේක නිසා LAN (Local area networks) දෙකක් එකට එකතු කරන්න පුලුවන් වෙනවා වගේම, එහෙම එකතු කරන LAN සේරම තනි ජාලයක් විදියට use කරන්න පුලුවන් වෙනවා.
Bridge කියන්නේ physical layer එකේ වගේම data link layer එකේ ක්‍රියාත්මක වෙන device එකක් කිව්වොත් හරියටම හරි. Physical layer එකේ ක්‍රියාත්මක වෙන device එකක් විදියට, bridge එකට එන signal එයා regenerate කරනවා.
Data link layer එකේ ක්‍රියාත්මක වෙන device එකක් විදියට bridge එකට data packets වල source & destination devices මොනවද කියලා identify කර ගන්න පුලුවන් වෙනවා. ඒ MAC address එක සහ physical address එක නිසා කිව්වොත් හරියටම හරි. MAC address, physical address කියන්නේ මොනවද කියලා දැන ගන්න ඔයා මේ article එක කියවන්න. (Networking article 09 )
Router (මාර්ගකාරකය)
Router එකක main task එක වෙන්නේ, data packets එක network එකක ඉදන් තවත් network එකකට transmit කරන එක කිව්වොත් හරියටම හරි. Router එක කියන්නේ ISO Model එකේ layer 3 එකේ වැඩ කරන device එකක්.
Routers නිසා ජාල කිහිපයක් එකිනෙකට connect කරන්න පුලුවන් වෙලා තියෙනවා.ඒ වගේම තමයි හැම router එකේම routing table එකක් include වෙනවා. මේ routing table එක නිසා, network කිහිපයක් අතරේ උනත් data transmit කරන්න පුලුවන් හැකියාව තියෙනවා.
NIC (ජාල අතුරුමුහුනත් පත්)
පරිගණක හා ජාලය අතරේ සම්බන්දතාවය develop කරන device එක විදියට NIC හදුන්වන්න පුලුවන්. NIC එක නිසා ජාලගත උපකරණ එකිනෙක අතර දත්ත සන්නිවේදනය කරන්න chance එක හම්බුවෙනවා. NIC එක ක්‍රියාත්මක වෙන්නේ Physical layer එකේ සහ Data link layer එකේ කිව්වොත් හරියටම හරි.
computer/laptops වගේ device වල නම්, NIC එක integrate කරන්න පුලුවන් expansion card විදියට තමයි තියෙන්නේ. ඒ වගේම තමයි NIC එක ක්‍රියාත්මක කරන්න device driver එකක් ඕනි වෙනවා. මේ වෙද්දී නම්, NIC එක computer, laptops, routers, printers වගේ device වල සන්නිවේදනයට යොදා ගන්නවා.
Gate way (ද්වාර මං)
Gate way කියන්නේ එකිනෙකට වෙනස් protocols use කරලා network අතරේ interconnection develop කරන ජාල ලක්ශක්. ඒ නිසා එක network එකක ඉදන් අනිත් network එකට ලේසියෙන්ම ප්‍රවේශ වෙන්න පුලුවන් වෙනවා. ඒ වගේම තමයි gate way එක software සහ hardware දෙකේම combination එකක් විදියට වැඩ කරනවා කිව්වොත් හරියටම හරි.
Modem (මොඩම්)
දත්ත සන්නිවේදනයේදී analog signals – digital signals බවට පත් කරන්නත්, digital signals – analog signals බවට පත් කරන්නත් use කරන device එකක් විදියට modem එක හදුන්වන්න පුලුවන්. දැන් කාලේ නම් මේක වැඩිය use වෙන්නේ නෑ.
Internet connections develop වෙච්ච මුල් කාලේ, රැහැන් සහිත phones වලින් තමයි internet connection එක computer device වලට ගත්තේ. Phone එක analog නිසාත්, computer එක digital නිසාත්, computer එකට signals දෙන්න කලින් ඒවා digital signals විදියට convert කරන්න modem එක use කරා. ඒ වගේම computer එකෙන් ඉවත් වෙන signals ආයෙත් analog signals බවට පත් කරන්න modem එකට පුලුවන් උනා.
Networking devices යටතේ අපට කතා කරන්න තියෙන්නේ මේ දේවල් තමයි. ඊලග article එකෙන් තවත් අලුත් දෙයක් එක්ක හම්බුවෙමු.
Networking ඊලග Article එකට යන්න
- Networking article 07 – දත්ත සම්ප්‍රේෂණය විධි
- Networking article 08 – Data transmition protocols ගැන දැන ගන්න ඔයත් කැමතිද?
- Networking article 09 – මොනවටද MAC address, IP address, Subnet masks කියලා කියන්නේ?
- Networking Article 10 – මොනවටද Symmetric encryption, Asymmetric encryption, digital signature, hashing කියලා කියන්නේ?
- Networking Article 11 – Computer Networks වලට සහ User කෙනෙක්ට බලපාන අනතුරු , තර්ජන, ආක්‍රමණ ගැන ඔයා දැනුවත්ද?