Cyber Security

hacker කෙනෙක්  වෙන්න ආසාවෙන්ද ඉන්නේ?කතා කරමූ (Operating System)ගැන.

hacker කෙනෙක්  වෙන්න ආසාවෙන්ද ඉන්නේකතා කරම (Operating System)ගැන

hacker කෙනෙක්  වෙන්න ආසාවෙන්ද ඉන්නේ?කතා කරමූ (Operating System)ගැන.

අද අපි කතා කරන්නේ hacking OS (Operating System) ගැන.ඔයා නිකමට හිතුවද, OS එක නැත්නම් අපි කොහොමද  lap එකේ, PC එකේ වැඩ කර ගන්නේ කියලා. එතකොට ඇත්තටම  OS එකක් නැතුව අපට lap එකේ, PC එකේ වැඩ කරන්න බැරිද?. එහෙනම්, අපි මුලින්ම බලමු මොනවද මේ OS කියන්නේ? ඇයි අපි OS use කරන්නේ කියලා ?

O/S (Operating System) එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධති, කියලා කියන්නේ hardware සහ software combine කරන කෙනෙක් කිව්වොත් හරියටම හරි. ඒ කියන්නේ මේ වගේ දෙයක්. 

ඔයා ඔයාගේ lap එකේ pc එකේ hardware details සේරම  ගැන  දන්නේ නෑ නේද? Hardware කියන්නේ ගොඩක් complex දෙයක්. ඒවා අපට කොහොමත් මතක තියා ගන්න බෑ.එතකොට අපි lap වලට, pc වලට install  කරන software / applications  හදන්නේ එක එක company  වලින්. ඒත් ඒවා අපේ lap එකේ pc එකේ run කරන්න පුලුවන්. එතකොට කොහොමද එහෙම උනේ ?

ඒකෙදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි අපේ lap වලට pc වලට OS එක install  කරනවනේ.  එතකොට  OS එක Applications / Software  සහ Hardware  අතරේ  අතර මැදියෙක් විදියට වැඩ කරනවා. Application දන්නේ නෑ Hardware ගැන. Hardware දන්නේ නෑ Application ගැන. ඉතිං  OS එක මේ දෙන්නව connect  කරනවා. ඒක නිසා තමයි එක එක companies  වලින් හදන software / application  එහෙම අපේ  lap වල pc වල එහෙම  ලේසියෙන් install  කරලා වැඩ කර ගන්න පුලුවන් වෙන්නේ.

හැබැයි OS එක මේ දෙන්නව මෙහෙම connect  කරාට, අපි වැඩිය කතා කරන්නේ නැති තව දෙන්නෙක් මේ වැඩේට help කරන්වා. ඒ තමයි  API (Application programming interface) සහ ISA (Instruction set architecture) කියන්නේ. API ඉන්නේ application සහ OS එක අතරේ. ISA ඉන්නේ hardware සහ OS එක අතරේ. 

API ට පුලුවන් file system වල details ලේසියෙන් අදුර ගන්න. ISA ට පුලුවන් hardware වල details ලේසියෙන් අදුර ගන්න. ඉතිං මේ දෙන්නම මේ විදියට එයාලා detect  කර ගන්න දේවල්  OS එකට inform  කරනවා. ඒකේ result  එකක් විදියට OS එක අපට වැඩ කරන්න පහසු  interface  එකක්, එහෙම නැත්නම්  abstract  layer එකක් හදලා දෙනවා. 

ඊට අමතරව OS එක කරන තවත් වැඩක් තියෙනවා ඒ තමයි  resources management  කියන්නේ.  ඒකෙදී වෙන්නේ අපි lap එකේ හරි pc එකේ හරි එක එක task  කරනකොට  ඒවට අදාලව disk space, memory, network, bandwidth වගේ බෙදලා දෙන එක. 

ඉතිං මේ විදියට තමයි, අපේ වැඩ කර ගන්න, abstract layer එකක් දීලා, resources management  කරලා තමයි OS එක අපේ වැඩ ලේසි කර ගන්න help කරන්නේ.

දැන් බලමු hacking OS ගැන. Hacking OS ගැන කතා කරනකොට අපට පොඩ්ඩක් Windows සහ Mac OS ගැන අමතක කරන්න වෙනවා. මොකද  දන්නවද ඒ? Windows, Mac කියන OS වල hacking tools වැඩිය run කරන්න බෑ. 

ඒ නිසා අපි, ගොඩක් අය hacking OS කියන, Linux family එකේ OS ගැන බලමු. ගොඩක් අය hacking OS කිව්වට හැබැයි මේවා ඇත්තටම hacking  වලටම හදපු OS නෙවෙයි. මේවා හදලා තියෙන්නේ penetration testing  වලට. ඉතිං මෙහෙම penetration testing වලට හදපු OS වල hacking tools run කරන්න පුලුවන් නිසා, ගොඩක් අය ඒවට hacking OS කියලා කියනවා. දැන් අපි කවුරුත් දන්න Kali Linux ගැන බලමු.

Kali Linux

මොකක්ද මේ kali Linux  කියන්නේ? Kali Linux කියන්නේ Offensive Security කියන ආයතනයේ 2013 වර්ශයේදී නිර්මාණය කරපු Linux family එකේ Debian – based Linux distribution එකක් කිව්වොත් හරියටම හරි.

එතකොට මොනවද මේ Linux distribution  කියන්නේ? 

ඔයාලා අහලා තියෙනවා නේද,  Windows වල එක එක versions එනවා කියලා කතාවක්. ඒ කියන්නේ  Windows 7, Windows 8, Windows 10, Windows 11 වගේ. 

හැබැයි  Linux  environment  එකේදී එහෙම versions එන්නේ නෑ. ඒත් ඇයි එහෙම වෙන්නේ? Windows කියන්නේ අපි සල්ලි දීලා ගන්න ඕනි software එකක්. ඒ කියන්නේ Open Source  නෙවෙයි. ඒ නිසාම Windows OS එකේ අලුත් version update කරන්නේ Microsoft company  එකෙන්. වෙනත් අයට ඒකේ version  update  කරන වැඩ වලට මැදිහත් වෙන්න බෑ. 

Linux කියන්නේ Open Source OS එකක්. ඒ කියන්නේ  free download  කර ගන්න පුලුවන්. ඒ නිසාම ගොඩක් developers ලා original  Linux Kernel   එක අරන් change  කර ගන්නවා. ඉතිං මෙයාලා තමන්ට ඕනි විදියට  එහෙම හදා ගත්ත ඒ අලුත්  versions වලට තමයි අපි Linux distribution  කියලා කියන්නේ.

ඒ වගේම Original Kali Linux environment එකට XFCE, GNOME කියන user define interface free හම්බු වෙනවා වගේම KDE එකෙත් වැඩ කරන්න පුලුවන්. මේකේ system requirement  බැලුවාම minimum requirement  විදියට,  1GB ram එකකුත් 20 GB hard disk space එකකුත් ඕනි වෙනවා කියලා තමයි  offensive security   ලා කියන්නේ. 

ඒ විතරක් නෙවෙයි, Offensive Security Company එක කියන විදියට, Kali Linux එකේ Pentesting tools 600 කට වඩා තියෙනවා. ඒ අතර password attacks, exploitation tools, web application tools, hardware hacking tools, wireless attacks, information gathering, vulnerability assessment වගේ tools  ගොඩක් අය අතරේ මේ වෙද්දී famous  වෙලා තියෙනවා.  

Parrot OS

මොකක්ද මේ කවුරත් කතා වෙන Parrot OS එක. Parrot OS කියන්නේ, Kali Linux වගේම Debian – based Linux distribution එකක් කිව්වොත් හරියටම හරි. මේක හදලා තියෙන්නේ, Lorenzo ප්‍රමුඛ Parrot OS Developer team  එක. ඒ 2013 වර්ශයේදී. ඒ විතරක් නෙවෙයි මේකත් Kali Linux  වගේම Open Source OS එකක්.  Parrot OS ලගේ desktop environment එක බැලුවාම GNOME සහ XECF default හම්බු වෙනවා. තව අපට  KDE වලත් මේක run කරන්න පුලුවන්.

ඔයා Parrot OS install  කරනවා නම්, Parrot OS developer team එක කියන විදියට 320 mb ram එකකුත්, 16GB hard disk space  එකකුත්  minimum requirement  විදියට ඕනි වෙනවා. Parrot OS එක ගත්තම ඒක මේ වෙද්දී ගොඩක් අය අතර famous වෙලා තියෙනවා. මොකද දන්නවාද ඒ?

Cyber Security side එකේ ගොඩක් professional certificate issue කරන ආයතනයක් තමයි EC – Council කියලා කියන්නේ. ඉතිං  Cybersecurity side එකේ ඉන්න ගොඩක් අය EC – Council එකේ CEH ( Certified Ethical Hacker) කියන certificate  එක කරනවා.

ඉතිං මේ  විදියට CEH exam  එක කරන්න අවස්තාව සලසලා දෙන EC – Council  එක, මේ වෙද්දී එයාලගේ exam  එකේදී  Parrot  OS එක use කරන්න කියලා recommend  කරලා තියෙනවා.  ඒකට හේතු විදියට එයාලා දේවල් 5 ක් mention  කරලත් තියෙනවා. 

එයාලා කියන විදියට, Parrot OS එක නිසා අපට hacking side එකට ඕනි වෙන එක එක programs  ලේසියෙන් හදා ගන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම internet use කරන්කොට අපේ privacy  එක ගොඩක්  secure වෙන්වා.  ඒ විතරක් නෙවෙයි, Kali Linux  වලට වඩා ගොඩක්  tools තියෙන නිසාත්, හොඳ  interface  එකක් තියෙන නිසාත් performance එක වැඩි නිසාත් CE – Council  එක Parrot  OS එක recommend  කරනවා.

Back Box

දැන් අපි බලමු කව්ද මේ Back box කියන්නේ කියලා.


Back box කියන්නෙත්, Kali Linux, Parrot OS වගේම Debian – based Linux distribution එකක්.  ඒ වගේම තමයි, මුල්ම black box distribution  එක release වෙලා  තියෙන්නේ 2010 September  වල,  black box කියන  team එකේ දායකත්වයෙන්. ඒ විතරක් නෙවෙයි black box team එක කියන විදියට  black box OS එකේ desktop environment  එක විදියට  XFCE default  හම්බු වෙනවා.

Black box කියන්නෙත් අපි කලින් කතා කරපු වගේ, Open Source OS එකක් කිව්වොත් හරියටම හරි. ඒ විතරක් නෙවෙයි, black box team එක කියන විදියට මේ OS එකේ security and analysis tools, web application analysis tools, network analysis tools,  vulnerability assessment tools වගේ ගොඩක්  functions including  වෙලා තියෙනවා.

Black box team එක මේ වෙද්දී එයාලගේ Black box OS එක Amazon web service කියන cloud platform එකෙත් වැඩ කරන්න පුලුවන් විදියට හදලා තියෙනවා.

Black Arch

දැන් අපි බලමු මොකක්ද මේ Black Arch කියන්නේ කියලා.

Black Arch කියන්නේ අපි කලින් කතා කරපු OS වගේම penetration testing වලට help කරන, Arch based Linux distribution එකක් කිව්වොත් හරියටම හරි. මේකත් අපි කලින් කතා කරපු OS වගේම Open Source OS එකක්. මේකේ තියෙන special  ම දේ තමයි මේකේ penetration testing  කරන අයට use කරන්න tools 2751 ක් විතර තියෙනවා. 

ඒ විතරක් නෙවෙයි black arch හදපු  team එක කියන විදියට,  black box OS එකේ desktop environment  එක විදියට  XFCE default  හම්බු වෙනවා.මේ OS තියෙන Tools ගැන බැලුවොත් 0d1n, 0trace, 3proxy, 3proxy – win32, 42 zip, a2sv, dorkme, dornet, firecat, firefox – decrypt, find3, khc, keya වගේ ගොඩක් දේවල්  මේ කාලේ famous වෙලා තියෙනවා.

Live hacking OS

Pentesting side එකේ ඉන්න ගොඩක් දෙනෙක් අතර  famous,   Linux distribution  එකේ free OS එකක් තමයි  live hacking OS එක කියන්නේ. Live hacking OS team එක කියන විදියට, මේ OS එකේ desktop environment  එක විදියට අපට GNOME  default හම්බු වෙන්වා.

ඒ විතරක් නෙවෙයි, මේ OS එක special  වෙන්න තවත් හේතුවක් තමයි මේක run කරන්න එච්චර resources  ඕනි වෙන්නේ නෑ වගේම pentesting  වලට ගොඩක්  important  වෙන, DNS enumeration, reconnaissance, foot-printing, password cracking and network sniffing.

වගේ tools ගොඩක් මේකේ include  වෙනවා. 

Fedora Linux

Fedora Linux කියන්නෙත් අපි කලින් කතා කරපු OS වගේම pentesting වලට ගොඩක් වැදගත් වෙන Open Source OS එකක් කිව්වොත් හරියටම හරි. මේකත් අපි කලින් කතා කරපු OS වගේම Linux distribution එකක් තමයි.  මේ OS එකේ first release එක වෙලා තියෙන්නේ  2003 November 6.

ඒ විතරක් නෙවෙයි, මේ OS එක develop  කරන්න Red Hat ලා ගොඩක් help කරලා තියෙනවා. Fedora Linux හදපු team එක කියන විදියට නම්,   Fedora OS එකේ desktop environment එක විදියට අපට GNOME use කරන්න පුලුවන්.

ඒ විතරක් නෙවෙයි,  මේ OS එකේ developers ලා කියන විදියට,  Wireshark, Medusa, Nmap, Etherape,  Sqlninja, Yersini වගේ ගොඩක්  pentesting  වලට අවශ්‍ය  software  inbuilt එන නිසා මේ OS එකෙන් වැඩ කර ගන්න ගොඩක් ලේසි වෙලා තියෙනවා.

NodeZero

මොකක්ද මේ NodeZero කියන්නේ?. 

Nudo Zero කියන්නෙත් open – source  Linux kernel – based ethical hacking OS එකක් කිව්වොත් හරියටම හරි. NodeZero හදපු  team එක කියන විදියට නම් NodeZero  OS එකේ desktop environment  එක විදියට අපට GNOME  use කරන්න පුලුවන්.

මේ OS එකේ තියෙන  special  ම දේ තමයි එකේ pentesting  වලටම අදාල tools 300 කට වඩා තියෙනවා. ඒ අතරේ,  alive6, detect-new-ip6, dnsdict6, dos-new-ip6, fake-advertise6, fake-mipv6, fake_mld6, fake_router6, implementation6, implementation6d, parasite6, recon6, redir6, smurf6, sendpees6, smurf6, toobig6, වගේ tools ගොඩක් අය අතරේ famous  වෙලා තියෙනවා. 

Darcos Linux

Darcos Linux කියන්නේ 2015 දී indonesia team එකක් developer  කරපු Linux distribution  එකක් කිව්වොත් හරියටම හරි. මේකත් අපි කලින් කතා කරපු OS වගේම hacking tools ගොඩක්  include  වෙලා තියෙනවා. මේ වෙද්දී information gathering, malware analysis , maintaining access වගේ දේවල් වලට ගොඩක් අය Darcos OS එක use කරනවා. 

මේ දේවල් කරන්න Darcos OS එකේ, ISC DHCP, rfkill, ATK, gdk-pixbuf, Pango, GLib, libjpeg-turbo, libpng, libTIFF, Xorg Libraries, fontconfig, and Cairo වගේ tools ගොඩක් include  වෙලා  තියෙනවා.

Weakerthan Linux

හරි දැන් අපි බලමු කවුද මේ Weakerthan Linux කියන්නේ කියලා.

Weakerthan Linux කියන්නෙත් අපි කලින් කතා කරපු OS වගේම pentesting වලට ගොඩක් වැදගත් වෙන Open Source OS  එකක්. ඒ වගේම තමයි, මේකත්  Debian – based Linux distribution  එකක්. 

මේ OS එක develop කරලා තියෙන්නේ, Douglas Berdeaux ඇතුලු team එක. ඒ විතරක් නෙවෙයි, මේකේ desktop environment  එක විදියට  Fluxbox use කරන්න පුලුවන් කියලා තමයි එයාලා මේ OS එකට related document  වල  mention කරලා තියෙන්නේ. 

Weakerthan OS එකේ performance  බැලුවොත්, මේකෙන් අපට  wireless hacking tools ගොඩක් බලා ගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, මේ OS එකේ Wi-Fi attacks, SQL Hacking, Cisco Exploitation, Password Cracking, Web Hacking, Bluetooth, VoIP Hacking, Social Engineering, Information Gathering, Fuzzing Android Hacking, Networking and creating Shells වගේ ගොඩක්  දේවල්  including  වෙන නිසා මේක මේ වෙද්දී ගොඩක් අය අතරේ famous  වෙලා තියෙනවා.

Arch Linux

මේ article  එකේ අපි කතා කරන අන්තිම  hacking  OS එක තමයි  Arch Linux කියන්නේ. මේකත් අපි කලින් කතා කරපු OS වගේම penetration testing වලට help කරන, Arch based Linux distribution එකක් කිව්වොත් හරියටම හරි. ඒ වගේම මේක Open Source OS එකක් .Levente Polyak ඇතුලු developers ලා තමයි Arch Linux develop කරලා තියෙන්නේ. ඒ 2002 March  වල. 

හැබැයි ඔයාලා මේක install  කරනවා නම් අනිවාර්යයෙන්ම *84-64 ක processor speed එකක් තියෙන device  එකක් use කරන්න ඕනි. මොකද, ඒක එයාලා system requirement  එකක් විදියටත්  mention  කරලා තියෙනවා. ඒ වගේම Arch Linux එක ගත්තම ඒකේ, source packages 68 000 ක විතර දැනට තියෙනවා. ඒ නිසා user ලට පහසුවෙන් වැඩ කරගන්න පුලුවන් වෙලත් තියෙනවා.

ඉතිං මේවා තමයි දැනට ගොඩක් අය use කරන trending  hacking OS (Operating Systems). මේ හැම දේකින්ම අපට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයා hacking side එකට එන්න ඉනන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ OS වල experience  එක ඔයාට ගන්න වෙනවා.

Leave your thought here

Your email address will not be published. Required fields are marked *

Supportscreen tag