Networking article 07 – දත්ත සම්ප්‍රේෂණය විධි
දත්ත සම්ප්‍රේෂණ, ගැන කතා කරන්කොට ප්‍රදාන ආකාර 3ක් යටතේ අපට වර්ග කරන්න පුලුවන් වෙනවා.
- දත්ත සම්ප්‍රේෂණය වෙන විදිය අනුව.
- දත්ත සම්ප්‍රේෂණය වෙන දිශානතිය අනුව.
- දත්ත සම්ප්‍රේෂණය වෙන ආකාරය අනුව.
අපි දැන් මේවා ගැන වෙන වෙනම කතා කරමු.
දත්ත සම්ප්‍රේෂණය වෙන විදිය අනුව.
දත්ත යවන්නගේ සිට ලබන්නා දක්වා සම්ප්‍රේෂණ වෙන විදිය ගැන මේ topic එකේදී අපි කතා කරනවා. දත්ත සම්ප්‍රේෂණය වෙන විදිය අනුව mainly topics 3 ක් තියෙනවා.
ඒක පථ (Simplex)
දත්ත ගමන් කරන්නේ එක් දිශාවකට විතරක් නම්, ඒකට ඒක පථ කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රභවයේ (Message එක යවන කෙනා) ඉදන් ග්රාහකයා (Message එක ලබන කෙනා) දක්වා විතරයි දත්ත ගමන් කරන්නේ. අනෙත් දිශාවට දත්ත සම්ප්‍රේෂණය වෙන්න කිසිදු අවකාශයක් නෑ. ඒ වගේම තමයි, Simplex වලට example විදියට television එක ගන්න පුලුවන්.
අර්ධ ද්වීපථ (Half duplex)
වරකට එක් දිශාවකට විතරක් data transfer කරන්න පුලුවන් නම් Half duplex කියලා කියනවා. මේකෙදී දිශා දෙකටම data transfer කරන්න පුලුවන් උනාට, එක් දිශාවකට data transfer කරලා එවර උනාම තමයි අනෙත් දිශාවට data transfer කරන්න පුලුවන් වෙන්නේ. මේකට example එකක් විදියට waki taki device එක ගන්න පුලුවන්.
පූර්ණ ද්වීපථ (Full duplex)
එක වර දිශා දෙකටම data transfer කරන්න පුලුවන් නම් full duplex කියලා කියනවා. මේකට example එකක් විදියට telephone එක ගන්න පුලුවන්.
දත්ත සම්ප්‍රේෂණය වෙන දිශානතිය අනුව.
ඒක සම්ප්‍රේෂණය (Unicast)
දත්ත සම්ප්‍රේෂණය කරනකොට නිශ්චිතව එක device එකකින් විතරක් සම්ප්‍රේෂණය වෙනවා නම් ඒකට ඒක සම්ප්‍රේෂණ එහෙම නැත්නම් Unicast කියලා කියනවා. මේකට example එකක් විදියට telephone එකකින් තවත් telephone එකකට පණීවිඩ යවන අවස්තාවක් ගන්න පුලුවන්.
බහු සම්ප්‍රේෂණය (Multicast)
දත්ත සම්ප්‍රේෂණය කරනකොට නිශ්චිත උපකරණ ගණනාවකට එකවර දත්ත සම්ප්රේෂණයවෙනවා නම් ඒකට බහු සම්ප්‍රේෂණ එහෙම නැත්නම් Multicast කියලා කියනවා. මේකට example එකක් විදියට WhatsApp group calls හදුන්වන්න පුලුවන්.
විකාශන සම්ප්‍රේෂණය (Broadcast)
සම්ප්‍රේෂණය කරන දත්ත ග්‍රහණය කර ගන්න පුලුවන් device තියෙන ඕනෑම කෙනෙක්ට සම්ප්‍රේෂණය වෙන්න පුලුවන් ආකාරයට විකාශන සම්ප්‍රේෂණ එහෙම නැත්නම්, Broadcast කියලා කියනවා. මේකට example විදියට television, radio ගන්න පුලුවන්.
දත්ත සම්ප්‍රේෂණය වෙන ආකාරය අනුව.
ශ්‍රේණිගත දත්ත සම්ප්‍රේෂණය (Serial data transmission)
ශ්‍රේණිගත දත්ත සම්ප්‍රේෂණයේදී, දත්ත එකක් පිටිපස්සේ එකක් විදියට පේලියකට සම්ප්‍රේෂණය වෙනවා. Computer network එකකදී නම් දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ bits ශ්‍රේණියක් විදියට කිව්වොත් හරියටම හරි. ඒ වගේම තමයි, bits ශ්‍රේණියක් විදියට දත්ත සම්ප්‍රේෂණය වෙනකොට, එක wire එකක් තමයි use කරන්නේ. ඒ නිසා දත්ත සම්ප්‍රේෂණය වෙන speed එක ගොඩක් පහළ මට්ටමක තමයි තියෙන්නේ. මේකට example විදියට modem, mouse ගන්න පුලුවන්.
සමාන්තරගත දත්ත සම්ප්‍රේෂණය (Parallel data transmission)
සමාන්තරගත දත්ත සම්ප්‍රේෂණයේදී, එක පාර bits කිහිපයක් සමාන්තරව සම්ප්‍රේෂණය වෙනවා. ඒකට, ගොඩක් වෙලාවට රැහැන් කිහිපයක් හරි මාධ්‍යන් කිහිපයක් හරි යොදා ගන්නවා.රැහැන් යොදා ගන්නවා නම්, අවම වශයෙන් රැහැන් 8 ක් වත් use කරනවා. ඒ නිසා දත්ත සම්ප්‍රේෂණය වෙන speed එක ඉහල මට්ටමක පවතිනවා. මේකට example විදියට printer එක ගන්න පුලුවන්.
දත්ත සම්ප්‍රේෂණය ගැන අපට කතා කරන්න තියෙන්නේ මේ දේවල් තමයි. ඊලග article එකෙන් තවත් අලුත් දෙයක් එක්ක හම්බුවෙමු.
Networking ඊලග Article එකට යන්න
- Networking article 08 – Data transmition protocols ගැන දැන ගන්න ඔයත් කැමතිද?
- Networking article 09 – මොනවටද MAC address, IP address, Subnet masks කියලා කියන්නේ?
- Networking Article 10 – මොනවටද Symmetric encryption, Asymmetric encryption, digital signature, hashing කියලා කියන්නේ?
- Networking Article 11 – Computer Networks වලට සහ User කෙනෙක්ට බලපාන අනතුරු , තර්ජන, ආක්‍රමණ ගැන ඔයා දැනුවත්ද?