Networking

Networking article 08 – Data transmition protocols ගැන දැන ගන්න ඔයත් කැමතිද?

08

Networking article 08 – Data transmition protocols ගැන දැන ගන්න ඔයත් කැමතිද?

ඔයාලා දන්නවනේ මේ වෙද්දී ලෝකේ කොහේ හිටියත් අපට අන්තර්ජාලය හරහා ලේසියෙන්ම message එකක් යවන්න, videos බලන්න, documents share කරන්න පුලුවන් වෙලා තියෙනවා. එතකොට එහෙම ලේසියෙන්ම data transfer කර ගන්න පුලුවන් වෙන්න නම්, data transfer වලට අදාලව මොකක් හරි සම්මතයක් ලෝකේ තියෙන්න ඕනි නේද. ඒකට තමයි protocols ඕනි වෙන්නේ.

Protocols නිසා, network එකේ තියෙනෙ device වලට ලේසියෙන්ම අනෙත් device කරන්න යන දේවල් ගැන දැන ගන්න පුලුවන් වෙනවා. ඒ නිසා network එක through communicate කර ගන්න එක මේ වෙද්දී ගොඩක් පහසු වෙලා තියෙනවා. දැන් අපි networking වලට අදාල protocols මොනවද කියලා බලමු.

HTTP (Hyper text transfer protocol)

Web server එකක් store කරලා තියෙන web page එකක් , web browser එකකින් request කරාම අපට බලා ගන්න පුලුවන් වෙන්නේ HTTP protocol එක නිසා. ඔයාලා දන්නවනේ, අන්තර්ජාල තුල වෙබ් site එකක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය සේවා සපයන (hosting) server computer එකකට තමයි web server කියලා කියන්නේ කියලා. Web browser වලට examples වෙන්නේ google, yahoo opera වගේ දේවල්.

Example එකක් විදියට කිව්වොත් hacking.lk site එකට අපි දාන මේ pages, save වෙන්නේ web server එකක. ඔයාලා phone එකෙන් හරි lap එකෙන් හරි google, yahoo opera වගේ web browser එකකට ගිහින් search කරාම ඔයාට hacking.lk site එකේ pages බලා ගන්න පුලුවන් වෙන්නේ HTTP protocol එක නිසා.

FTP (File transfer protocol)

FTP එහෙම නැත්නම් File transfer protocol කියලා කියන්නේ අන්තර්ජාලට හරහා files share කර ගන්න help වෙන protocol එක කිව්වොත් හරියටම හරි.

Example එකක් විදියට කිව්වොත්, ඔයාලා WhatsApp, Zoom වගේ platforms වලින් filles share කර ගන්නවනේ. ඉතිං ඔයාට මේ වගේ platforms වලින් files share කර ගන්න පුලුවන් වෙන්නේ File transfer protocol එක නිසා කිව්වොත් හරියටම හරි.

HTTPS (Hyper text transfer protocol secure)

HTTPS එහෙම නැත්නම් Hyper text transfer protocol secure කියලා කියන්නේ, HTTP එකේ secure protocol එකක් කිව්වොත් හරියමට හරි. HTTP එකේ data security ගැන වැඩ්ය concern කරන්නේ නෑ. ඒ නිසා data security ගැන ගොඩක් concern කරලා develop කරපු protocol එකක් විදියට HTTPS සලකන්න පුලුවන්.

Example එකක් විදියට ඔයා online payments කරන කෙනෙක් නම්, payment එකක් කරන්න ගියාම secure tab එකක් open වෙනවා දැකලා ඇති. ඒ tab එකේ උඩම HTTPS කියලා mention වෙලා තියෙනවා ඔයාලා දැකලා ඇති. Online payments කරන්කොට user ගේ sensitive data protect කරන්න HTTPS ගොඩක් උපකාර වෙනවා.

DNSP (Domain name server protocol)

https://hacking.lk/

ඔයාල දන්නවනේ Google එකේ තියෙන හැම site එකකටම මේ වගේ link එකක් තියෙනවා කියලා. මේ link එකට තමයි අපි URL කියලා කියන්නේ. මේක හරියට නිකන් web address එකක් වගේ කිව්වොත් හරියටම හරි.

Internet එකට මේ සේරම URL මතක තියාගන්න අමාරුයිනේ. ඒ නිසා මේ links වලට වෙන වෙනම IP address තියෙනවා. එතකොට user කෙනෙක් Internet එකේ URL එකක් search කරාම DNS server එකෙන් URL එක IP address එකක් විදියට convert කරලා අදාල result එක user ට දෙනවා.

DNS server එක නිසා URL එකක් IP address එකක් විදියට convert කරන්නත්, IP address එකක් URL එකක් විදියටත් convert කරන්න පුලුවන් කියලා ඔයාලා දන්නවනේ. එතකොට IP address එකක් URL එකක් විදියට convert කරන්කොට සහ, URL එකක් IP address එකක් විදියට convert කරනකොට අතරමැද ඉදලා support කරන්නේ Domain name server protocol එක කිව්වොත් හරියටම හරි.

DHCP (Dynamic host configuration protocol)

ඔයාලා දන්නවනේ, network එකට connect වෙලා ඉන්න සේරම device වලට IP address එකක් තියෙනවා කියලා. මොකද, IP address එක නිසා තමයි network එකට connect වෙලා ඉන්න device වෙන වෙනම අදුර ගන්න පුලුවන් වෙලා තියෙන්නේ. DHCP server එක තමයි device වලට IP address දෙන්නේ. ඉතිං DHCP server එක එක්ක එකතු වෙලා මේ වැඩේ හරියට කරන්න support එක දෙන්නේ Dynamic host configuration protocol එක කිව්වොත් හරියටම හරි.

Tel Net

Protocols ගැන කතා කරන්කොට අනිවාර්‍යෙන්ම කතා කරන්න ඕනි protocol එකක් තමයි Tel Net කියලා කියන්නේ. මේ protocol එක නිසා දුර තියෙන computers වලට remotely log වෙන්න පුලුවන් වෙනවා. ඔයා අහලා තියෙනවද Team wear කියලා software එකක් ගැන.මේ software එකට පුලුවන් දුර තියෙන computers වලට remotely log වෙන්න.

Example එකක් විදියට ඔයා මෙහෙම හිතන්නකෝ, ABC කියලා company එකක් තියෙනවා. මේ company එකේ head office එක තියෙන්නේ Colombo වල. හැබැයි ABC company එකේ branches, Matara, Kandy Gampaha කියන district වලත් තියෙනවා. එක දවසක් Matara branch එකේ device එකක software අව්ලක් යනවා. ඉතිං ඒක හදන්න පුලුවන් technical knowledge එකක් තියන කෙනෙක් Matara branch එකේ නැ. Software අව්ල නිසා එයාලට ඉතුරු වැඩ කර ගන්න වෙන්නෙත් නෑ. ඉතිං ඕකට solution එකක් විදියට Matara branch එකෙන් Colombo වල තියෙන head office එකට call කරලා Team wear වලින් remotely log වෙලා software අව්ල හදා ගත්තා.

SMTP (Simple mail transfer protocol)

Computers, phones, laptops වගේ electronic device අතරේ email වලින් වැඩ කරන්න help කරන protocol එක තමයි, SMTP එහෙම නැත්නම් Simple mail transfer protocol කියලා කියන්නේ. මේ protocol එක Mail server එක එක්ක එකතු වෙලා තමයි වැඩ කරන්නේ. Mail server එක නිසා හැම user කෙනෙක්ටම වෙන වෙනම email accounts පවත්වා ගෙන යන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේ accounts වල security එකට passwords protection methods use කරන්න පුලුවන් වෙලා තියෙනවා.

SMTPS (Simple mail transfer protocol secure)

Simple mail transfer protocol (SMTPS) එකේ security එක වැඩි කරලා develop කරපු protocol එකක් විදියට SMTPS එහෙම නැත්නම් Simple mail transfer protocol secure හදුන්වන්න පුලුවන්. මේ protocol එකට අවශ්‍ය security එක දෙන්නේ secure socket layer (SSL) එකෙන් කිව්වොත් හරියටම හරි.

TCP (Transmition control protocol )

ඊලගට කතා කරන්න තියෙන්නේ transport layer එකේ තියෙනෙ protocol එකක් ගැන. මේ protocol එක නිසා network එකේ share වෙන data packets වෙන වෙනම identify කර ගෙන අදාල destination device එකට යවන්න පුලුවන් වෙනවා. Transmition control protocol එකේදී destination device එකට data send උනා කියලා තහවුරු වෙනවා. ඒ නිසා Transmition control protocol එක විශ්වාසදායක වෙනවා.

UDP (User data gram protocol)

Transport layer එකේ කතා කරන තව protocol එකක් තමයි User data gram protocol කියලා කියන්නේ. මේ protocol එකේදී source device එකෙන් යවන data destination device එකට ගියා කියලා conform කර ගන්න විදියක් නෑ. ඒ නිසා විශ්වාසදායක බව අඩුයි.

Data transmition protocols ගැන අපට කතා කරන්න තියෙන්නේ මේ දේවල්. ඊලග article එකෙන් IP address, Mac address ගැන කතා කරමු.

Networking ඊලග Article එකට යන්න

Leave your thought here

Your email address will not be published. Required fields are marked *

Supportscreen tag