Kali Linux වලට Google Chrome install කරන විදිය
අපි හැමෝම දන්නවා Google Chrome කියන්නේ Google සමාගම සතු ලොව ගොඩක් දෙනා භාවිතා කරන වෙබ් browser එක කියලා. එය ආරක්ෂිත, වේගවත් සහ තවත් විශේෂතා රැසක් සමඟ ඇති වෙබ් browser එකක්. මේ නිසා ඒ සමඟ ඔබට අන්තර්ජාලය භාවිතයේදී ඉතා හොඳ browsing අත්දැකීමක් ලබාගන්න හැකියාව ලැබෙනවා.
Chrome වෙබ් browser එක Windows, Mac, Linux වගේ හැම මෙහෙයුම් පද්ධතියකම භාවිතා කළ හැකි වෙබ් browser එකක්. ඉතින් අපි මේ පාඩමේදී Google Chrome Linux වල install කිරීම ඉගෙන ගන්නවට අමතරව එය භාවිතය පහසු කරගන්න ඇති tips ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
Kali Linux වලට Google Chrome install කිරීමට පෙර ඇති අවශ්‍යතා මොනවාද බලමු.
- 64-bit පද්ධතියක් (32-bit පද්ධතියේ වැඩ නොකරයි)
- Sudo (Superuser) මූලිකත්වය
- අන්තර්ජාල සම්බන්ධතාවය
.deb ලෙස Google Chrome Kali Linux වලට download කිරීම
අපිට Google Chrome විවිධාකාරයෙන් download කරගන්න හැකියාව ලැබෙනවා. මුලින්ම අපි බලමු .deb විදියට කොහොමද එය සිදු කරගන්නේ කියලා.
එය සිදුකරගන්න අපිට අනුගමනය කිරීමට අවශ්‍ය පියවර කිහිපයක් තිබෙනවා.
- පළමුවෙන්ම Google Chrome වෙබ් අඩවියට පිවිසෙන්න.
- ඉන්පසුව Download Chrome යන්න click කරන්න.
- 64 bits .deb (For Debian/Ubuntu) යන්න තෝරන්න.
- දැන් Accept and Install button යන්න click කරන්න.
- deb file එක save කරගන්න.
Terminal එක හරහා kali Linux වලට Google Chrome ලබාගැනීම
Google Chrome වල අලුත්ම අනුවාදනය ලබාගැනීමට අපිට Kali terminal එකෙන් wget යන command එක භාවිතා කිරීමට සිදු වෙනවා. ඒ සඳහා ඔබට අනුගමනය කරන්න අවශ්‍ය වෙන පියවර තමයි පහතින් සඳහන් වෙන්නේ.
- පළමුව අපිට software ගබඩාව update කර wget install කරගන්න වෙනවා.
sudo apt update
sudo apt install wget
- දැන් අපි wget භාවිතා කර Google chrome download කරගනිමු.
wget https://dl.google.com/linux/direct/google-chrome-stable_current_amd64.deb
එවිට අපිට අවශ්‍ය deb file එක අදාළ ස්ථානයට download වේවි.
Kali Linux වල Google Chrome Install කිරීම
දැන් install කරගැනීම සඳහා deb file එක download කරගත් ස්ථානයට ගොස් terminal එක open කර පහත command එක ලබාදී run කරන්න.
sudo dpkg -i google-chrome-stable_current_amd64,deb
එවිට Google Chrome ඔබගේ පරිගණකයට install වීම සිදුවේවි.
දැන් ඔබට අවශ්‍ය නම් Google Chrome ග්‍රාෆික ලෙස හෝ terminal එකේ පහත සඳහන් විධානය ලබාදී හෝ open කරගන්න පුළුවන්.
google-chrome
Kali Linux වල Google Chrome භාවිතා කිරීමට අමතර Tips
ඔබට Google Chrome ඉක්මණින් සහ පහසුවෙන් භාවිතා කිරීමට tips කිහිපයක් ඉදිරිපත් කරන්න තමයි අපි මේ හදන්නේ. ඒවා අනුගමනය කරලා ඔයාට පුළුවන් Kali Linux තුළ පහසුවෙන් වැඩ කරගන්න.
Kali Desktop එකට Google Chrome add කිරීම
අපි නිතරම Google Chrome භාවිතා කරනවා නම් එය අපගේ පරිගණකයේ desktop එකේ තිබීම වඩාත් හොඳයි.
- පළමුව අපි application menu එකෙන් Google Chrome සොයාගන්න ඕන.
- ඉන්පසු එම ලැබුණ Google Chrome icon එක මත right click කළ යුතුයි.
- එවිට ලැබෙන menu එකෙන් Add to Desktop click කරන්න.
ඔබගේ Google Account එක සමඟ Sync කිරීම
ඔබ Google Chrome උපාංග කිහිපයක භාවිතා කරනවා නම් අපගේ වෙබ් browser එකේ ඇති සියලුම bookmarks, settings, history, plugins සහ extensions අපගේ Google account එකට sync කරගත හැකිය. මේ හරහා Kali තුළ වඩාත් ඉක්මණින් Google Chrome භාවිතා කරන්න හැකියාව ලැබෙනවා.
Kali Linux වල Google Chrome reset කිරීම
අපේ වෙබ් browser එකේ ඇති සියලුම දත්ත, ඒ කියන්නේ bookmarks, settings, extensions සහ browsing ඉතිහාසය ඇතුළු සියල්ලම මකා දැමීම reset කිරීම හරහා සිදු වෙනවා. එසේ කිරීමට අවශ්‍ය නම් අපිට Google Chrome නැවත install කිරීමකින් තොරව අපිට එය reset කරන්න පුළුවන්.
අපිට google-chrome config directory යන්න පහත ක්‍රමයට delete කරගන්න වෙනවා.
rm -rvf ~/. Config/google-chrome
ඔබට සම්පූර්ණ directory එකම ඉවත කිරීමට නොහැකි නම් backup එකක් සිදුකර ගැනීමට පහත ආකාරයට command එක ලබාදෙන්න.
mv ~/.config/google-chrome/ ~/.config/google-chrome-bak/
ඉහත විධානයට අනුව google-chrome යන්න google-chrome-bak ලෙස නම වෙනස් වී වෙනමම directory එකක් එම ස්ථානයේම නිර්මාණය වෙනවා. එවිට ඔබ Google Chrome reset කළද ඔබගේ පැරණි දත්ත backup එකක් ලෙස එම ස්ථානයේ save වෙලා තියේවි.
Kali Linux තුළ Google Chrome update කිරීම
Kali වල Google Chrome install කළ පසු official chrome එකතුව අපගේ /etc/apt/sources.list.d/ directory එකට එකතු වෙනවා.
පහත විධානයට අනුව එහි අන්තර්ගතයන් verify කරගැනීමේ හැකියාව තිබෙනවා.
cat /etc/apt/sources.list.d/google-chrome.list
මේ නිසා අපි Kali පද්ධතියේ packages update කරනවිට Google Chrome ද ඉබේම update වේවි.
එනමුත් ඔබට Google Chrome manual ලෙස update කරගන්න අවශ්‍ය නම් පහත විධානය භාවිතා කිරීමෙන් එය සිදු කරගන්න පුළුවන්.
sudo apt upgrade google-chrome-stable
Google Chrome uninstall කිරීම
ඔබට Google Chrome ඉවත් කිරීමට, ඒ කියන්නේ uninstall කරන්න අවශ්‍ය නම් terminal එකේ පහත ලෙස command එක ලබාදෙන්න.
dpkg -list | grep google
එවිට අපිට දැකගන්න පුළුවන් අපගේ system එකේ දැනට install කර තිබෙන Google Chrome package එක කුමක්ද කියලා.
දැන් ඔබට Kali තුළින් Google Chrome uninstall කරගන්න apt-purge remove භාවිතා කර Google Chrome package එක ඉවත් කරගත හැකිය.
sudo apt -purge remove google-chrome-stable
එවිට එම command එකෙන් Google Chrome ඉවත් කිරීම සිදු වෙනවා.
ඔබට ඇත්තටම එය ඉවත් වී තිබේද නැද්ද යන්න තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය නම් dpkg command එක ලබාදෙන්න පුළුවන්.
dpkg -list | grep google
දැන් ඔබට අවබෝධයක් ඇති කොහොමද Kali Linux පරිගණකයක Google Chrome භාවිතා කරන්නේ කියලා.