Kali Linux

Kali Linux වල ඇති කෙටිමං යතුරු(Shortcut Keys)

SHORTCUT

Kali Linux වල ඇති කෙටිමං යතුරු(Shortcut Keys)

ඕනෑම පරිගණක මෙහෙයුම් පද්ධතියක් එක්ක වැඩ කරනකොට සහ ඕනෑම මෘදුකාංගයක් එක්ක වැඩ කරනකොට එය භාවිතා කරගන්න පහසු වෙන්න අපි කෙටිමං යතුරු, ඒ කියන්නේ shortcut keys භාවිතා කරනවා. උදාහරණයක් විදියට අපි කිසියම් දෙයක් කොපි කරගන්න Control බට්න් එකත් එක්ක C key එක භාවිතා කරනවා. Paste කරන්න Control එක සමඟ V යොදා ගන්නවා. අන්න ඒ වගේ Kali Linux එක්ක වැඩ කරන අයටත් වැඩ පහසු කරගන්න භාවිතා කරන්න පුළුවන් shortcut keys රැසක් තියෙනවා. ඉතින් අපි මේ article එකෙන් ඔයාලට පැහැදිලි කරන්නම් Kali Linux වල තියෙන shortcut keys මොනවාද සහ කෙසේද ඒවා පාවිච්චි කරන්නේ කියලා.

Kali Linux භාවිතා කරන්නන් attack එකක් සිදු කිරීමට කලින් වගේම ඉලක්කගත පද්ධතියට පිවිසීමට කලින් penetration testing එකක් කරන්න අවශ්‍ය උපාංග භාවිතයේදී ගොඩක් වෙලාවට keystrokes සහ command lines යෙදීමට අවශ්‍ය වෙනවා.

ඉතින් මේ වගේ වෙලාවට ඔයා කරන වැඩේ කාර්යක්ෂම ලෙස කරගන්න සහ කාලය ඉතුරු කරගන්න Kali Linux වල තියෙන keyboard shortcuts ටික ඉගෙන ගන්නම වෙනවා. මේ පාඩමේ අපි keyboard shortcuts ලැයිස්තුවක් විදියට දාලා තියෙනවා ඔයාට අවශ්‍ය වුණාම භාවිතා කරන්න. ඒ වගේම අපි මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාට ඕන විදියට Kali Linux වල කොහොමද shortcut keys සකස් කරගන්නේ කියලා.

Kali Keyboard Shortcuts

මේ පාඩමේදී අපි ඔයාලා එක්ක කතා කරන්නේ Kali වල තියෙන මූලික desktop සැකසුමේ තියෙන Xfce ගැනයි. නමුත් GNOME සහ KDE වගේ වෙනත් ආදේශක keyboard shortcut වුණත් තියෙන්න පුළුවන්.

අපි කලින් කිව්වා වගේ ඕනෑම මෙහෙයුම් පද්ධතියක shortcut keys දැනගෙන ඉන්න එක වටිනවා. ඒක මේ Kali Linux වලටත් එහෙමම තමයි. ඉතින් මේ Kali keyboard shortcuts නිසා Windows, Screenshots සහ Workspace ආදිය භාවිතා කිරීම පහසු වෙනවා.

General Shortcuts – ප්‍රධාන කෙටිමං යතුරු

පහතින් දැක්වෙන්නේ Kali Linux වල තියෙන ප්‍රධාන shortcut keys ලැයිස්තුවයි.

Ctrl + Alt + T
නව command line එකක් විවෘත කරගැනීමට යොදාගනී.
Alt + F4
දැනට විවෘත කර තිබෙන Window එක close කිරීමට යොදාගනී


Alt + F11


දැනට විවෘත කර තිබෙන Window එක ලොකු කරගැනීමට යොදාගනී.


Alt + F3


Application Finder එක සොයාගැනීමට යොදාගන්නා shortcut key එකයි.


PrtSc


Screenshot එකක් ගැනීමට යොදාගන්නා shortcut key එක වේ.
Super + PrtScscreenshot/screencast tool වන Kazam විවෘත කිරීමට යොදාගනී.


Ctrl + N


නව/අලුත්


Ctrl + X


Cut කිරීමට යොදාගනී.


Ctrl + C


Copy කරගැනීමට යොදාගන්නා key එක වේ.


Ctrl + Z


Undo කිරීමට මෙය භාවිතා කරයි.


Ctrl + S


කිසියම් කටයුත්තක් Save කරගැනීමට මෙය යොදාගනී.


Ctrl + Q
Quit, ඒ කියන්නේ ඉවත් වීමට භාවිතා කරන shortcut key එක වේ.


F1


online help ලබාගැනීමට මෙය භාවිතා කරයි.


F10


Left click menu ගැනීමට හෝ cursor හැසිරවීමට යොදා ගනී.


Alt + F1
Window එක open කරගන්න භාවිතා කරන shortcut එක වේ.


Alt + F2


command window එක විවෘත කරගැනීමට යොදාගන්න shortcut key එකයි.


Alt + F7


Window එකක් එහා මෙහා ගෙන යාමට, එනම් move කිරීමට යොදාගනී.


Alt + Space


Window menu එක activate කරගන්න යොදාගත හැකිය.


Alt + F10


Toggle maximization state කරගැනීමට යොදාගන්නා කෙටිමං යතුරයි.


Ctrl + Alt + D
Windows සියල්ලම කුඩා කිරීමට, එනම් minimize කරගත හැකිය.


Alt + F8


Window එකක ප්‍රමාණය වෙනස් කරගන්නා shortcut key එක මෙය වේ.

Terminal Shortcuts – පර්යන්ත කෙටිමං යතුරු

පහතින් දැක්වෙන්නේ terminal එකේදී යොදාගත හැකි shortcut keys එකතුවයි.

Ctrl + D

Terminal window එක close කිරීමට යොදාගනී.


Ctrl ++
Zoom in හෙවත් විශාල කරගැනීමට යොදාගන්නා shortcut key එක වේ.


Ctrl +-


Zoom out හෙවත් කුඩා කරගැනීමට යොදාගන්නා shortcut key එක වේ.
Ctrl + L

Terminal එක clear කරගත හැකිය.


Ctrl + C


දැනට ක්‍රියාත්මක වන command එක cancel කරගත හැකිය.


Ctrl + A


cursor එක පේළියේ මුලට ගැනීමට මෙය යොදාගත හැකිය.


Ctrl + B
cursor එක, එක් character එකක පසුපසට ගැනීමට හැකිය.


Ctrl + E


cursor එක පේළියේ අවසානයට ගැනීමට මෙය යොදාගනී.


Ctrl +F


cursor එක, එක් character එකක් මුලට ගැනීමට හැකිය.

Screenshot Shortcuts

පහතින් දැක්වෙන්නේ screenshot වලදී යොදාගන්න shortcut කිහිපයකි.

Print Screen

Screenshot එකක් ගැනීමට යොදාගනී.
Ctrl + Print ScreenScreenshot එක clipboard එකට ගැනීමට මෙය යොදාගනී.
Alt + Print Screen

Window එකක screenshot එකක් ගැනීමට මෙය යොදාගනී.


Ctrl + Shift + Print Screen


කිසියම් කොටසක screenshot එකක් clipboard එකට ගැනීමට මෙය භාවිතා කළ හැකිය.


Ctrl + Alt + Print Screen


මෙමඟින් window එකක screenshot එකක් clipboard එකට ගැනීමට හැකියාව ඇත.
Shift + Ctrl + Alt + R

Screencast එකක් record කරගැනීමට මෙය යොදාගනී.

Workspaces Shortcuts

පහතින් දැක්වෙන්නේ Kali Linux තුළ වැඩ කරනවිට භාවිතා කළ හැකි shortcut keys වේ.

Shift + Ctrl + Alt + ↑

Window එක, එක් workspace එකක් උඩට යාමට යොදාගත හැකිය.


Shift + Ctrl + Alt + Page down


Window එක, එක් workspace එකක් පහලට යාමට යොදාගත හැකිය.


Shift + Ctrl + Alt + ←


Window එක, එක් workspace එකක් වමට යාමට යොදාගත හැකිය.
Shift + Ctrl + Alt + →Window එක, එක් workspace එකක් දකුණට යාමට යොදාගත හැකිය.

Keyboard Shortcuts අවශ්‍ය පරිදි සකසා ගැනීම

ඔයාට අවශ්‍ය විදියට Kali Linux වල කැමති shortcuts හදාගන්න පහසුකමත් තියෙනවා.  දැන් අපි කතා කරන්න හදන්නේ එය කරන පිළිවෙල කුමක්ද කියලයි. අපි මේ වැඩේ කරන්නෙත් Xfce පසුබිම තුලයි. ඒ වගේම අනිත් පසුබිම් වලත් ඔයාට මේ පියවරම අනුගමනය කරලා keyboard shortcut menu හරහා අවශ්‍ය සැකසුම් කරගන්න පුළුවන්.

පියවර 1 – Application launcher එකෙන් “keyboard” ලෙස සොයාගෙන keyboard settings menu එක ලබාගන්න ඕන.

පියවර 2 – දැන් එහි තිබෙන “Application Shortcuts” tab එක තෝරාගන්න ඕන. හොඳින් පරීක්ෂා කර බලන්න දැනටමත් තියෙන කෙටිමං යතුරු මොනවද කියලා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය ඒවා පහළ ඇති “add” button එකෙන් ගිහින් සකස් කරගන්න පුළුවන්. ඔයාට කිසියම් shortcut එකක් අයින් කරගන්න ඕන නම් එය click කරලා “remove” දෙන්න.

Leave your thought here

Your email address will not be published. Required fields are marked *

Supportscreen tag