Kali Linux වලයි fedora Linux වලයි වෙනස දැන ගන්න ඔයත් කැමතිද?
මොකක්ද මේ kali Linux කියන්නේ? Kali Linux කියන්නේ Offensive Security කියන ආයතනයේ 2013 වර්ශයේදී නිර්මාණය කරපු Linux family එකේ Debian – based Linux distribution එකක් කිව්වොත් හරියටම හරි.
මොනවද මේ Linux distribution කියන්නේ?
ඔයාලා අහලා තියෙනවා නේද, Windows වල එක එක versions එනවා කියලා කතාවක්. ඒ කියන්නේ Windows 7, Windows 8, Windows 10, Windows 11 වගේ. හැබැයි Linux environment එකේදී එහෙම versions එන්නේ නෑ. ඒත් ඇයි එහෙම වෙන්නේ? Windows කියන්නේ අපි සල්ලි දීලා ගන්න ඕනි software එකක්. ඒ කියන්නේ Open Source නෙවෙයි. ඒ නිසාම Windows OS එකේ අලුත් version update කරන්නේ Microsoft company එකෙන්. වෙනත් අයට ඒකේ version update කරන වැඩ වලට මැදිහත් වෙන්න බෑ.
Linux කියන්නේ Open-Source OS එකක්. ඒ කියන්නේ free download කර ගන්න පුලුවන්. ඒ නිසාම ගොඩක් developers ලා original Linux Kernel එක අරන් change කර ගන්නවා. ඉතිං මෙයාලා තමන්ට ඕනි විදියට එහෙම හදා ගත්ත ඒ අලුත් versions වලට තමයි අපි Linux distribution කියලා කියන්නේ.
ඒ වගේම Original Kali Linux environment එකට XFCE, GNOME කියන user define interface free හම්බු වෙනවා වගේම KDE එකෙත් වැඩ කරන්න පුලුවන්. මේකේ system requirement බැලුවාමminimum requirement විදියට, 1GB ram එකකුත් 20 GB hard disk space එකකුත් ඕනි වෙනවා කියලා තමයි offensive security ලා කියන්නේ.
ඒ විතරක් නෙවෙයි, Offensive Security Company එක කියන විදියට, Kali Linux එකේ Pretesting tools 600 කට වඩා තියෙනවා. ඒ අතර password attacks, exploitation tools, web application tools, hardware hacking tools, wireless attacks, information gathering, vulnerability assessment, security research tools, computer forensic tools වගේ tools ගොඩක් අය අතරේ මේ වෙද්දී famous වෙලා තියෙනවා.
Kali Linux වල තියෙන special features මොනවද? දැන් අපි බලමු ඒ ගැන.
- Kali Linux Multi language වලට support කරනවා.
- ඒ වගේම මේ OS එක secure environment එකක තමයි develop කරලා තියෙන්නේ
- Free download කර ගන්න පුලුවන්.
- Crunch, Nmap, Wireshark, Aircrack වගේ penetration වලට වැදගත් tools 600 කට වඩා Kali Linux වල include වෙනවා.
- Kali Linux වල location libraries, support files වගේ දේවල් set කරනකොට එයාලා FHS (File system Hierarchy Standard) කියන method එක අනුගමනය කරලා තියෙනවා.
- kali Linux කියන්නේ හැමදේම include වෙන complete OS එකක්.
අපි දැන් බලමු මොකක්ද මේ Fedora Linux කියන්නේ කියලා.
Fedora Linux කියන්නෙත් අපි කලින් කතා කරපු kali Linux OS වගේම pretesting වලට ගොඩක් වැදගත් වෙන Open-Source OS එකක් කිව්වොත් හරියටම හරි. මේකත් අපි කලින් කතා කරපු OS වගේම Linux distribution එකක් තමයි. මේ OS එකේ first release එක වෙලා තියෙන්නේ 2003 November 6.
ඒ විතරක් නෙවෙයි, මේ OS එක develop කරන්න Red Hat ලා ගොඩක් help කරලා තියෙනවා. Fedora Linux හදපු team එක කියන විදියට නම්, Fedora OS එකේ desktop environment එක විදියට අපට GNOME use කරන්න පුලුවන්.
ඒ වගේම , මේ OS එකේ developers ලා කියන විදියට, Wireshark, Medusa, Nmap, Etherape, Sqlninja, Yersini වගේ ගොඩක් pretesting වලට අවශ්‍ය software inbuilt එන නිසා මේ OS එකෙන් වැඩ කර ගන්න ගොඩක් ලේසි වෙලා තියෙනවා.
Fedora Linux වල තියෙන special features මොනවද? දැන් අපි ඒ ගැන කතා කරමු.
- Fedora කියන්නේ ලේසියෙන්ම use කරන්න පුලුවන් operating system එකක් කිව්වොත් හරියටම හරි. ( easy to use)
- ඒ වගේම fedora වල unique security features තියෙනවා වගේම ගොඩක් powerful firewall එකක් provide කරනවා.
- Fedora කියන්නේ ගොඩක් reliable වගේම ගොඩක් stable operating system එකක්.
- Fedora environment එකේ ඔයට live tools වල experience එක ලේසියෙන්ම ගන්න පුලුවන් වගේම මේ OS එකේ තියෙන attractive බව නිසා ඔයාට ආසාවෙන් වැඩ කරන්න පුලුවන් වෙනවා.
දැන් අපි Kali Linux වලයි Fedora වලයි වෙනස බලමු.
Kali Linux | Fedora |
Kali Linux developed කරේ offensive security ලා. ඒ 2013 March වල. | Fedora OS එක developed කරේ RedHat ලා ඒ 2003 November වල. |
Kali Linux වල discussion form එක forums.Kali.org | Fedora වල discussion form එක, ask.fedoraproject.org |
Kali Linux කියන්නේ, Linux OS ගැන experience තියෙන කෙනෙක්ට ලේසියෙන්ම වැඩ කරන්න පුලුවන් environment එකක්. | Fedora කියන්නේ Linux වලට අලුත් කෙනෙක්ට මුල ඉදන් ඉගෙන ගන්න හොද beginner platform එකක්. |
Fedora OS එකත් එක්ක බැලුවොත් Kali Linux එච්චර user friendly නැහැ හබැයි hacking වලටයි penetration වලටයි මේ OS එක ගොඩක් වටිනවා | Fedora කියන්නේ ලේසියෙන්ම use කරන්න පුලුවන් OS එකක් (easy to use). ඒ වගේම මේ OS එකේ kali Linux වගේ hacking වලට සහ penetration testing වලට ඕනි tools මුකුත් include වෙන්නේ නෑ. |
Kali Linux වල xfce environment එක default හම්බු වෙනවා වගේම අපට අවශ්‍ය විදියට ඒක modify කර ගන්න පුලුවන්. | Fedora OS වල Gnome environment එක default එනවා. මේකත් අපට ඕනි විදියට change කර ගන්න පුලුවන්. |