Hacking ගැන හොඳම වාර්තාමය වැඩසටහන් 10
ඔබ ලොව පුරා ප්‍රචාරය වන විවිධ චිත්‍රපටි බලනවා ඇතිනේ. විවිධ කාණ්ඩ යටතේ තමයි මෙම චිත්‍රපටි වර්ගීකරණය කර තිබෙන්නේ. Adventure, Animation. Horror, Action, Comedy වගේ විවිධ වර්ගීකරණයන් සහිත චිත්‍රපටි තිබෙනවා. බොහෝ දෙනා කැමතියි Hollywood චිත්‍රපටි බලන්න. වර්තමානය වනවිට Hollywood වල අලුත්ම trend එක තමයි වාර්තාමය චිත්‍රපටි, ඒ කියන්නේ documentaries බලන්න. විවිධ පුද්ගලයින් ගැන, විවිධ සිද්ධීන් අළලා සැකසෙන මෙවැනි වැඩසටහන් ලොව පුරා ඉතා ජනප්‍රිය වෙනවා මෙන්ම සම්මානයට පවා පාත්‍ර වෙනවා. අපි මේ කතා කරනන් හදන්නේ ඒ වගේ Hollywood වල ඉතා ජනප්‍රිය උන, අදටත් හොඳම hacking documentaries 10ක් ගැනයි.
මෙවැනි hacking documentaries රැසක් ලොව පුරා නිර්මාණය උනත් ඒ අතරින් ඉතා සුළු ප්‍රමාණයක් තමයි වඩාත් ජනප්‍රිය වී තියෙන්නේ. අපි අද මේ ගේන hacking documentaries 10 තෝරාගෙන පිළිවෙලට සකස් කරනු ලැබුවේ The Daily Swig වෙබ් අඩවිය විසින් සිදුකරන ලද online සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසයි.
Hackers in Wonderland (2000)
මෙම වැඩසටහන USA සහ UK වල ක්‍රියාත්මක වූ හැකර්වරුන්ගේ විවිධ පෙළඹවීම් සහ වීර ක්‍රියා ගැන සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණයක් ඇසුරින් තමයි සකස් කරනු ලැබුවේ.
මෙහිදී අදහස් දක්වමින් එක් තරුණ හැකර් කෙනෙක් පැවසුවේ, “hacking කියන්නේ sex වලටත් වඩා වටිනා රසවත් දෙයක්” ලෙසයි. Manchester වල රෙදි සෝදන ස්ථානයක සිටි අයෙකු චිත්‍රපටි අධ්‍යක්ෂක සමඟ පැවසුවේ hacking සිදුකිරීම සිතේ ඇතිවූ ආසාවට කළ අතර ඉන් ඇබ්බැහි වීමක් නොවූ බවයි.
ඔයාට මේ චිත්‍රපටිය පහත සඳහන් ලින්ක් එක භාවිතා කරලා බලන්න පුලුවන් https://youtu.be/FDQ3bps42fI
The Hacker Wars (2014)
මෙම film එක ඉලක්ක කර තියෙන්නේ hacktivists සහ ඔවුන් ඇමරිකානු රජය සමඟ ඇතිවූ යුද්ධය සම්බන්ධවයි. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත වන්නේ කුප්‍රකට Andrew ‘Weev’ Auernheimer, Barrett Brown, Jeremy Hammond සහ LulzSec’s Hector ‘Sabu’ Monsegur යන අයයි.
Auernheimer විසින් AT&T සමාගමේ ipad පරිශීලකයින් දහස් ගණනකගේ email ලිපින නිරාවරණය කිරීමට වැරදිකරු වී ඊට චෝදනා ලබා සිරගෙට නියම වුණා. ඔහු 2012 දී identity fraud සහ පරිගණක hack කිරීමේ වරදකට හසු වූවත් අවසානයේ ඉන් ඔහු නිදහස් වුණා.
Brown මෙම hacktivists හි ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස නිර්නාමික ලෙස, ඒ කියන්නේ Anonymous විදියටයි සිටියේ. එමෙන්ම එම සමූහයේ නිල නොලත් මාධ්‍ය ප්‍රකාශක ලෙසයි ඔහු කටයුතු කලේ. 2012 සිදුවූ Stratfor email අනාවරණය වීමේ සිද්ධියට වරදකරු වූවා.
එමෙන්ම Hammond හට පුද්ගලික රහස් තොරතුරු ආයතනයක් වූ Stratfor හි වාර්තා රැසක් WikiLeaks හරහා ප්‍රසිද්ධ කිරීමට පෙර hack කිරීම නිසා චෝදනා ලැබුවෙක් වෙනවා.
ඔයාට මේ චිත්‍රපටිය පහත සඳහන් ලින්ක් එක භාවිතා කරලා නොමිලේ download කරගන්න පුළුවන්.
https://yts.mx/movies/the-hacker-wars-2014
The Internet’s Own Boy: The Story of Aaron Swartz (2014)
අන්තර්ජාල ක්‍රියාකාරිකයකු සහ programmer කෙනෙක් වූ Aaron Swartz ගේ දුක්ඛිත චරිත කතාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
Reddit වෙබ් අඩවියේ සම ආරම්භකරුවෙක් වන Aaron Swartz, 2010 දී MIT ජාලය හරහා JSTOR නම් අන්තර්ජාල ඩිජිටල් පුස්තකාලයෙන් academic journal articles බාගත කිරීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා. ඔහු එසේ කිරීමට හේතුව වූයේ ඔහු දැරූ මතය වන academic journal පාඩම් සටහන් paywall ක්‍රමයට ලබාදීම නොකළ යුතු බවයි. Paywall යනු අන්තර්ජාලයේ ඇති news, academic journal වැනි පාඩම් සටහන් වලට ප්‍රවේශ වීමට මුදල් ගෙවා අවසර ලබාගත යුතු ක්රමවේදයකි.
එම වරදට Aaron Swartz සිරගත කෙරූ අතර ඔහු 2013 ජනවාරි 11 සිර මැදිරියේදී සියදිවි හානිකර ගනු ලැබුවා.
Spying on the Scammers (2020)
ඉන්දියානු තාක්ෂණික scam ආයතනයකට සිතා ගත නොහැකි ලෙස ප්‍රවේශ වීමක් සිදුකල මාධ්‍යවේදියකු වන Jim Browning ගේ කතාව ඇතුළත් කර සැකසූ නිර්මාණයක් ලෙස මෙය හැඳින්වේ. ඔහු මෙම hack කිරීමෙන් පසුව එම ආයතනයේ වැඩ කළ වංචනිකයන් හසුකර ගැනීමට office CCTV, VoIP පද්ධති සහ workflow tools යොදාගත්තා. ඔහු එසේ ලබාගත් සාක්ෂි BBC TV’s Panorama, British flagship ආදී වැඩසටහන් වලට ලබාදී ප්‍රචාරය කරනු ලැබුවා. ඔබට මෙය කොටස් වශයෙන් Youtube හරහා බලන්න පුළුවන්.
We Are Legion: The Story of the Hacktivists (2012)
චිත්‍රපටි නිර්මාණකරුවකු වන Brian Knappenberger විසින් Anonymous hacking කණ්ඩායම විසින් කරන ඔවුන්ගේ වැඩ සහ ඔවුන් දරන විශ්වාසයන් ගැන කතා කරන වැඩසටහනක් තමයි මේ.
Church of Scientology ප්‍රහාරය සහ Wikileaks හි payment සැපයුම්කරුවන්ට එල්ල කර DDoS ප්‍රහාරය වැනි ප්‍රහාර තමන්ගේම න්‍යාය පත්රයකට අනුකූලව සිදුකල hacking කණ්ඩායමක් ගැන මෙම වාර්තා චිත්‍රපටියෙන් විස්තර කෙරෙනවා.
Zero Days (2016)
Stuxnet නම් පරිගණක වලට හානිදායක malware එක නින්දා සහගත ලෙස ඉරානයේ න්‍යෂ්ඨික කටයුතු අඩපණ කිරීමට යෙදවීම ගැන තාක්ෂණවේදීන් සහ නීතිවේදීන් සිදුකරන අදහස් දැක්වීම් මෙහි ඇතුළත් කර තිබෙනවා.
Cyber ලෝකයේ සහ කාර්මික පාලන පද්ධතීන් වල ප්‍රධාන යෙදවුමක් ලෙස මෙම Stuxnet නම් malware එක ක්‍රියාත්මක විය හැකි බවයි මෙහිදී පෙන්නුම් කර තිබෙන්නේ. Zero Days චිත්‍රපටිය තුළින් මෙය ඉතාමත් නිර්මාණාත්මක ලෙස සහ ගැඹුරින් පෙන්නුම් කර තිබෙනවා. Amazon Prime ඔස්සේ ඔබට මෙය බලන්න අවස්ථාව ඇත. ඔබට මෙම ලින්ක් එකෙන් නොමිලේ ලබාගන්නද හැකියාව තියෙනවා.
WannaCry: The Marcus Hutchins Story (2019)
ලොවපුරා ඉතා හානිදායක ලෙස පරිගණක පද්ධතීන් රැසක පැතිරී ගිය WannaCry නම් ransomware එක ක්ෂණිකයෙන් නැවත්වීමට කටයුතු කළ Marcus Hutchins අළලා සැකසූ වාර්තා වැඩසටහනක් ලෙස මෙය ප්‍රසිද්ධයි.
මාස තුනකට පසුව DEFCON නම් සංවිධානයේ සතියක් රඳවාගෙන සිටි ඔහුව FBI එක විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ banking trojan එකකට සම්බන්ධ වීම නිසයි. මේ ඔහුගේ කතාවයි.
Citizenfour (2014)
ඇමරිකානු ජාතික ආරක්ෂක ආයතනය හෙවත් NSA හි කටයුතු කළ Edward Snowden විසින් ඇමරිකානු රජය විසින් තම රටේ ජනතාවගේ කටයුතු නිරීක්ෂණය කිරීම පිළිබඳව හෙළිදරවු කරන වාර්තා චිත්‍රපටියක් ලෙසයි මෙය හැඳින්වෙන්නේ.
මෙය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ Laura Poitras විසින් වන අතර මෙම රහස් හෙළිදරවු කිරීම ත්‍රාසජනක ලෙස මෙම වැඩසටහනින් නිරූපණය කර තිබෙනවා.
DEF CON: The Documentary (2013)
ලොවපුරා සිටින විශිෂ්ඨ හැකර්වරුන් එකතු වී සිදුකරන DEFCON නම් විශාලම hacking සම්මන්ත්‍රණයේ ඇතුළත කතාංගය ලෙසයි මෙය සැළකෙන්නේ.
The Great Hack (2019)
දැනට නිකුත් වී ඇති hacking කතාංග සහ වාර්තා වැඩසටහන් වලින් අංක එකට ඇති වාර්තාමය චිත්‍රපටිය මෙය ලෙසයි සැළකෙන්නේ. එපමණක් නොව සමාජ මාධ්‍ය ජාලා ඔවුන්ගේ දත්ත දේශපාලනික සහ වෙනත් අලෙවිකරණ කටයුතු සඳහා යොදාගැනීම පෙන්නුම් කරන විශිෂ්ඨ වැඩසටහනක් ලෙසත් මෙය නම් දරා තිබෙනවා.
2016 දී ඇමරිකානු ජනපති trump ගේ සහ Brexit vote මැතිවරණ සඳහා Facebook-Cambridge Analytica ආයතන විසින් සිදුකල දත්ත වංචාව ගැන Netflix film නිපදවන සමාගම විසින් මෙය සකසනු ලැබුවා.
Cambridge Analytica ආයතනයේ මවු සමාගම වන SCL group හි ව්‍යාපාර සංවර්ධන අධක්ෂක Brittany Kaiser focus කර මෙය සකස් කර තිබෙනවා. මෙම හෙළිදරවු කිරීම් සිදුකරන්නේ ජනමාධ්‍ය වෙදිනී Carole Cadwalladr විසිනුයි.
මෙම විශිෂ්ඨ චිත්‍රපටිය ඔබට මෙම ලින්ක් එකෙන් නොමිලේ ලබාගැනීමේ හැකියාව ඇත.
https://yts.mx/movies/the-great-hack-2019
* සැළකිය යුතුයි – ඉහත නිර්මාණ සඳහා ලබාදී ඇති link තුන්වන පාර්ශව වෙබ් අඩවි වලින් ලබාගත් ඒවා වන අතර ඒවායේ අන්තර්ගතයන් පිළිබඳව අප වගකීමක් ලබා නොගන්නා බව සළකන්න !