Kali වල ලොගින් අමතක උනොත් ? Kali Linux Password Reset
1. kali linux සාමාන්‍ය විදිහට start button එක උඩ click කරලා boot කරගන්න
2. මේ boot වෙන අතර තුර එන screen එකේ Advance option එක select කරගන . මේ සදහා arrow keys බාවිතා කරන්න පුළුවන්.
3. advance option එක select වෙලා තියෙද්දීම E key එක press කරන්න
4. ඊට පස්සේ එන windows එකේ තැන් දෙකක linux ලෙස දැකගන්න පුළුවන් , මේ තැන් දෙකෙන් දෙවනියට ඇති linux එකට අදාලව ” ro single ” ලෙස දැකගන්න පුළුවන්. මේ ” ro single ” කොටස පහත විදිහට වෙනස් කරගන්න.
rw single initrd=/install/gtk/initrd.gz init=/bin/bash
5. අදාල වෙනස් කිරීමෙන් පසේ ctrl + x press කරලා අදාල window එකෙන් ඉවත් වෙන්න.
6. ඊට පස්සේ එන window එකේ recovery mode එක select කරන්න. සමහර විට සම්පුර්ණ text එකම පෙන්නේ නැති වෙන්න පුළුවන් , මේ වගේ වෙලාවට දෙවෙනි option එක select කරලා Enter කරන්න.
7. ඊට පස්සේ එන window එකේ ” passwd root ” ලෙස type කරලා enter කරන්න .
8. අලුත් paasword එක දෙපාරක් නිවැරදිව දෙන්න . මෙමගින් root password වෙනස් කරගන්න පුළුවන්.
passwd root
9. user account එකක password වෙනස් කරගන්න නම් ” passwd mrgodzilla ” ලෙස type කරන්න . මෙතැනදී mrgodzilla ලෙස දුන්නේ user acc එකට අදාල නම. එතනට ඔයාගේ user acc එකේ නම දෙන්න. ඊට පස්සේ කලින් වගේම අලුත් paasword එක දෙපාරක් නිවැරදිව දෙන්න . මෙමගින් user account password වෙනස් කරගන්න පුළුවන්
passwd mrgodzilla