Wi-Fi Hacking වලට ගැලපෙනම Adapters
හැකර් කෙනෙක් වෙන්න කැමැත්තක් තියෙන ඔයාලට තවත් වැදගත් වෙන දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. හැකර් කෙනෙක් වෙන්න නම් හොඳ පරිඝනක දැනුමක් තියෙන්න ඕන. විශේෂයෙන්ම භාවිතා කරන්න ඕන උපාංග ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන. මොකද නැත්තං ඔයා හිතන විදියට වැඩේ කරගන්න බැරි වෙනවා. Hacking වලදී අවශ්‍යම වෙන උපාංගයක් වෙන Wifi Adapters ගැන තමයි මේ කියන්න හදන්නේ.
විශේෂයෙන්ම අපි කියන්න ඕන අපි මේ දේවල් ඔයාලා එක්ක බෙදා ගන්නේ නීති විරෝධී විදියට අන් අයගේ computer system hack කරන්න එහෙම නෙවෙයි. එහෙම කරන්න ගිහිං ඔයාට නීතිමය ගැටළු වලටත් මුහුණ දෙන්න වේවි.
Wifi passwords නිවැරදිව hack කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම හොඳට වැඩ කරන කාර්යක්ෂම Wifi Adapter එකක් තියෙන්න ඕන. Hacking වලදී අපි භාවිතා කරන Kali Linux වලට හරි යන Wifi Adapter එකක් තමයි අපි යොදාගන්න ඕන. ඉතින් එහෙම Wifi Adapter එකක් තොරාගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයකුත් තිබෙනවා. Monitor Mode එක, ගැලපෙන Chipset එක වගේම Packet Injection එක.
සමහර laptops වල නම් Wifi Adapter එකක් අඩංගු වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ ඒ Wifi Adapter එක ඔයාගේ Virtual Machine එක්ක වැඩ කරන්නේ නැති නිසා Kali Linux මෙහෙයවන ඔයාගේ Virtual Machine එකේදී වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා තමයි Kali Linux එක්ක ගැළපෙන Wifi Adapter එකක් පිටතින් සම්බන්ධ කරගන්න වෙන්නේ. මේ ගොඩක් Wifi Adapters USB එකෙන් සම්බන්ධ කරගන්නත් පුළුවන් නිසා ඔයාට පහසුවෙන් භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම මේ Wifi Adapters වල තියෙන්නේ Realtek, Ralink සහ Atheros වගේ chipset නිසා හොඳ කාලයක් පාවිච්චි කරන්නත් හැකියාව තියෙනවා.
1. Alfa AWUS036NHA – Wireless B/G/N USB Adapter
2.4 GHz ප්‍රමාණයක Wave-length එකක් තිබෙන ඕනෑම router එකක් සමඟ මෙය භාවිතා කරන්න පුළුවන්. මේකේ තියෙන chipset එක Linux වල Ubuntu සහ Kali Linux වලට සහය දක්වනවා.
මේකේ තියෙන විශේෂතා කිහිපයක් තමයි…
- Atheros AR9271 Chipset එක
- IEEE 802.11/b/g/n සහය දක්වන WiFi සම්මතයන්
- 2.4GHz WiFi frequency වලට ක්‍රියාත්මක වීම
- WEP, WPA, WPA2, WPA Mixed, WPS වගේ ආරක්ෂිත ක්‍රම වලට සහය දැක්වීම
- 2.4GHz 5dBi වැනි හොඳ සඥා පරාසයක ක්‍රියා කරන dipole antenna
- Kali Linux සමඟ Plug and Play ඔස්සේ පහසුවෙන් සම්බන්ධ වීම
2. TP-LINK TL-WN722N 2.4GHz
මෙය ඉතා හොඳ කුඩා Wifi Adapter එකක් වන මෙය Monitor mode එකෙන් ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. මේකත් සෑම Linux මෙහෙයුම් පද්ධතියක් එක්ක වැඩ කරනවා. Kali Linux වලදී drivers inatal කරන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා තවත් ලේසියි. මේකත් එක්ක ගැලපෙන්න ක්‍රියාත්මක වෙන්නේ මේ chipset තුන් ආකාරය පමණයි.
- ATHEROS AR9271
- RALINK RT3070
- RALINK RT3572
මේ Wifi Adapter එකත් Linux වල බොහෝ මෙහෙයුම් පද්ධති සමඟ වගේම Kali Linux සමඟත් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්.
3. ALFA AWUS036NH
2.4 Ghz සංඛ්‍යාත පරාසයක් සහිත 150mbps වේගයක් ඇති මේ Wifi Adapter එක අනිත් රැහැන් රහිත උපාංග සමඟද හොඳට ක්‍රියා කරනවා. ඒ වගේම මෙය infrastructure mode සහ ad-hoc mode යන ක්‍රම දෙකට ඔයාලට සකස් කරගන්නත් පුළුවන්.
RT3070 chipset එකෙන් ක්‍රියාත්මක වෙනවා වගේම plug and play තාක්ෂණය ද තිබෙනවා. මේ Wifi Adapter එකේ තිබෙන තවත් විශේෂතාවයක් තමයි 64/128 bit encryption ක්‍රමයට ආරක්ෂාව ලැබීම. මෙහි තිබෙන විශේෂතා වන්නේ,
- Realtek RTL8812AU Chipset එක
- 2 x 5dbi බාහිර Antenna එක
- Dual-Band (2.4Ghz and 5Ghz) සහය.
- 802.11b/g/n and 802.11ac/n සහය ඇති WiF.
- USB 3.0 වලට වැඩ කිරීම
4. Panda PAU09
Packet Injection සහ Monitor mode යන ආකාර දෙකටම සහය දක්වන මෙය 2.Ghz සහ 5Ghz යන සංඛ්‍යාත පරාස වල හොඳින් ක්‍රියා කරනවා. Plug & Play තාක්ෂණය තියෙන නිසා Kali Linx මෙහෙයුම් පද්ධති වලදී ඔයාට අමුතුවෙන් drivers දාන්නේ නැතුව මේ Wifi Adapter එක පාවිච්චි කරන්න පුළුවන්. මෙහි තිබෙන විශේෂතා කිහිපයක් තිබෙනවා.
- Ralink RT5572 Chipset
- Dual-Band (2.4Ghz and 5Ghz) සහය
- 802.11 a/ac/b/g/n රැහැන් රහිත සහය
- 2 x 5dBi ඇන්ටනා
- WEP 64/128bit, WPA, WPA2 ආරක්ෂාව තිබීම
- අඩු විදුලි ශක්ති ධාරිතාව
5. Panda Wireless PAU06
මෙය Ralink RT5372 chipset එක සමඟ ක්‍රියාත්මක වෙනවා. මෙයත් Packet Injection සහ Monitor mode යන ආකාර දෙකටම සහය දක්වනු ලබනවා. කලින් සඳහන් කරපු PAU09 මොඩල් එකටත් වඩා මෙහි ශක්ති වැය වීම අඩුයි. මෙහි තිබෙන එකම අඩුපාඩුව වන්නේ 5GHz සංඛ්‍යාතයට සහය නොදැක්වීමයි. මෙහි තිබෙන විශේෂතා කිහිපයක් තිබෙනවා.
- Ralink RT5372 chipset
- 2.4 GHz සංඛ්‍යාතයට පමණක් සහය වීම
- 64/128bit WEP, WPA සහ WPA2 (TKIP+AES) ආරක්ෂාවට සහය දැක්වීම
- අඩු විදුලි ශක්ති පරිභෝජනය
- Kali Linux වලට plug & play මඟින් සම්බන්ධ කළ හැකිවීම