Cyber Security

Hardware hacking tools use කරලා hack කරන්න ඔයත් ආසද?

Hardware hacking tools use කරලා hack කරන්න ඔයත් ආසද

Hardware hacking tools use කරලා hack කරන්න ඔයත් ආසද?

Hacking කියන්නේ මේ වෙද්දී ගොඩක් famous side එකක්. සමහර විට ඔ‍යත් ගොඩක් ආසාවෙන් ඇති hacker කෙනෙක් වෙන්න. හැබැයි ඔයාට නිකන් ඉදලා නම් hacker කෙනෙක් වෙන්න බෑ. මොකද hacking side   ඒකේ ගොඩක් දේවල් ඔයා ඉගෙන ගන්න ඕනි.

Normally, hack කරනවා කිව්වම ඔයා හිතන්නේ මොකක් හරි hacking code එකක් use කරලා එහෙම නැත්නම, email එකක් එවලා වගේ hack කරනවා කියලනේ. ඒත් ඇත්තටම hacking side එකේ hack කරන්නම හදපු වෙනම hacking hardware tools තියෙනවා. සමහර විට ඔයාලා films වල එහෙම ඒවා දකලා ඇති. අපි දැන් ඒ tools මොනවද කියලා බලමු.

USB Rubber Ducky

කවුද මේ USB Rubber Ducky? මොනවද මෙයාට කරන්න පුලුවන්?  මේ පොඩි device එකට hack කරන්න පුලුවන් ද? දැන් අපි බලමු ඒ ගැන.

USB Rubber Ducky ව හදලා තියෙන්නේ Hack5 team එක. මේ device එක දැක්ක ගමන් අපිට හිතෙන් නෑ මෙයාට hack කරන්න පුලුවන් කියලා. මොකද මෙයාව දැක්ක ගමන් ඕනිම කෙනෙක්ට හිතෙන්නේ normal USB pen එකක් කියලා. හැබැයි අපි හිතනවා වගේ සරල කෙනෙක් නෙවෙයි මෙයා. මේයාට hacking වලින් ලොකු විනාශයක් උනත් කරන්න පුලුවන්.

මේ Rubber Ducky ගේ ඇතුලේ පොඩි chip එකක් තියෙනවා. කාට හරි මොනවා හරි data hack කරන්න ඕනි නම්, මේ Rubber Ducky ගේ ඇතුලේ තියෙන chip එකට ඕනි commands දාලා hack වෙන විදියට program කරන්න පුලුවන්. 

මේ Rubber Ducky වැඩ කරන්නේ HID device එකක් විදියට. ඒ කියන්නේ Human interface device එකක් වගේ. ඒ නිසා Rubber Ducky ව system එකට insert කරාම system එක හිතන්නේ මේ insert උනේ mouse එකක් එහෙම නැත්නම් key board එකක් කියලා.

ඒ නිසා virus guard වලින් මෙයා හානියක් කරයි කියලා detect කර ගන්නේ නෑ. ඒ නිසාම මෙයා insert වෙච්චි ගමන් එයාට program කරලා තියෙන commands පිලිවෙලට කරන් ගිහින් system ලේසියෙන්ම hack කරනවා.

WI – FI Adaptor

WI – FI Adaptor කියන්නෙත් hacking side එකේ ගොඩක් famous device එකක් කිව්වොත් හරියටම හරි. Normally, අපි WI – FI Adapter use කරන්නේ network එකට connect කරන්නනේ. දැන් කාලේ නම් WI – FI Adapter laptops වල inbuilt එනවා. 

අපි normal use කරන WI – FI Adapter එකෙන් වෙන්නේ packet capturing කියන part එක විතරයි.  ඒත් hacking side එකේ use කරන WI – FI Adapter වල නම් packet capturing වලට අමතරව, packet injection packet monitor වගේ දේවල් including වෙනවා.

මේ task සේරම include ගොඩක් famous WI – FI adapter එකක් තමයි, ALFA WI – FI adapter එක කියන්නේ. ඒ වගේම ඒක use කරලා hacking side එකේ වැඩ ලේසියෙන් කර ගන්න hacker කෙනෙක්ට පුලුවන්. 

ඒ විතරක් නෙවෙයි ALTA WI – FI Adapter එකේ Realtek RT8812AU chipset එකක් තියෙනවා. අනිත් special ම දේ තමයි මේක අපි normal device එකක් connect කරනවා වගේ plug and play adapter එකක් නෙවෙයි. මේකට අපි manually Realtek drives install කරන්න ඕනි. මේක අපට Kali Linux environment එකේදී නම් ලේසියෙන්ම කරන්න පුලුවන්. මොකද ඒකේ hacking වලටම අදාල tools godak inbuilt තියෙනවා. 

WI – Fi Pineapple

Wifi Pineapple කියන්නේ අපි කලින් කතා කරපු USB Rubber Ducky වගේම Hack5 කියන team එකෙන් developed කරපු device එකක් කිව්වොත් හරියටම හරි.  එතකොට මොනවද මේ Wifi Pineapple  ට කරන්න පුලුවන්? දැන් අපි බලමු ඒ ගැන.

Wifi Pineapple කියන්නේ hacking side එකේ ගොඩක් famous device එකක්. ඒ,  Cybersecurity side එකේ ගොඩක්  attack  වලින්  protect  වෙන්න මේ device  එක   use වෙන නිසා.Wifi Pineapple  ට, attack  එකකට face කරන්න කලින්  details ලේසියෙන්ම detect  කර  ගන්න  පුලුවන්. ඒ නිසාම මේ device එක Rouge Access Point attack,  Man in the middle attack  වගේ දේවල් වලින්  system protect  කර ගන්න ගොඩක්  help වෙනවා.

මොකක්ද මේ Man in the middle attack, Rouge Access Point attack  කියන්නේ?

හරි ඔයා  මෙහෙම හිතන්නකෝ. ඔයා coffee  එකක් බොන්න කියලා   ABC කියන රෙස්ටුරන්ට්  එකකට යනවා. ඒ අතරේ ඔයා දකිනවා  රෙස්ටුරන්ට්  එකේ free WI – FI කියලා board  එකක් ගහලා තියෙනවා. ඉතිං ඔයා ඉක්මනින් ඔයාගේ phone  එක අරන් WI – FI වලට access  වෙන්න බලනවා. එහෙම බලනකොට  ඔයා දකිනවා  ABC රෙස්ටුරන්ට් එකේ නමට WI FI access points දෙකක් තියෙනවා.

එකකට access  වෙන්න නම් WI FI  Password දෙන්න ඕනි. ( ඔයාලා WI Fi connect  කරනකොට දැකලා ඇති secure connection ) අනිත් එකට access  වෙන්න නම්, ඔයාගේ email username   password  type  කරලා log වෙන්න ඕනි.( secure connect නෙවෙයි මේවා) දැන් ඔයාට internet යන්නත් ඕනි. ඉතිං  WI FI password  දන්නේ නැති නිසා ඔයා ඔයාගේ email address, password   දීලා  WI – FI එකට log වෙනවා.

ඔන්න ඕක තමයි ඔයා කරපු ලොකුම වැරැද්ද. ඔයා මේ WI – FI එකට access  උනේ ඔයාගේ email  එකයි password  එකයි දීලා.  ඔයා දන්නේ නැති උනාට ඔයා මේ වෙද්දී ඔයගේ details  සේරම hacker කෙනෙක් ගාවට ගිහින් ඉවරයි. එයාට  ඔයාගේ Facebook, Instagram, LinkedIn  accounts උනත් handle කරන්න පුලුවන් හැකියාව මේ වෙද්දී තියෙන්න පුලුවන්. 

එතකොට මොකක්ද මේ email address password  දීලා  log වෙච්චි  network  එක. ඒක ඇත්තටම  ABC  රෙස්ටුරන්ට්  එකේ එකක් නෙවෙයි ද? 

නැහැ මේක ABC රෙස්ටුරන්ට්  එකේ network  එකක් නෙවෙයි. මේක ABC රෙස්ටුරන්ට්  එකේ network   එක වගේ ඉදලා  මිනිස්සුන්ගේ data collect  කර ගන්න hacker කෙනෙක්  හදපු network  එකක්. හැබැයි  ABC රෙස්ටුරන්ට්  එකේ  WI FI pineapple  එකක් තිබ්බ නම් hacker ට මේ දේ ලේසියෙන් කරන්න වෙන්නේ නෑ. මොකද, මේ device  එකට මේ වගේ හොර network  ලේසියෙන්ම detect  කර ගන්න පුලුවන්.

මේ device  එකේ තියෙන special  ම advantage  එක තමයි මෙයා  run කරන්න වෙන special software use කරන්න ඕනි නැහැ. ඉතිං ඔයත් hacking side එකට interesting  නම් මේ දේවල් දැන ගන්න එක ගොඩක් වටිනවා.

USB Spy Cable 

මොකක්ද මේක?  Data cable වගේ එකක්ද? ඔව්. මේකත් data cable වගේ cable  එකක්  තමයි. ඒත් මේකෙන්  hacker කෙනෙක්ට audio recording. Live location වගේ දේවල් accurately බලා ගන්න පුලුවන්. 

එතකොට කොහොමද මේ දේවල් මේ පොඩි  USB cable  එකෙන් කරන්නේ? 

USB Spy cable එකේ hidden Microphone එකක් තියෙනවා. ඒක නිසා hacker ට 15m වගේ දුර දේවල්  clearly  record  කර ගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි මේකේ තියෙන  special  ම දේ තමයි මේකේ SIM එකක් insert කරන්න පුලුවන් හැකියාව තියෙනවා. මේ device  එකට  අපි SIM එකක් දාල, ඒ SIM එකට message  එකක් එව්වම අපට SIM එකේ Live location  එක බලා ගන්නත් පුලුවන්.

Raspberry Pi

Raspberry PI කියන්නේ මොකක්ද කියලා දැන් අපි බලමු. 

Raspberry PI කියන්නේ Mini Computer එකක් කිව්වොත් හරියටම හරි. මේකේ normal  computer  එකක වගේම RAM, ROM, WI FI, Bluetooth හැම දේම include  වෙනවා.

එතකොට මේක  hacking  වලටද හදලා තියෙන්නේ?නැහැ. ඇත්තටම මේක hacking  වලට හදපු device  එකක් නෙවෙයි. ගොඩක් අය projects කරන්න මේ device  එක use කරනවා. හැබැයි මේක use කරලා ඔයාට hacking  side එකෙත් ගොඩක්  වැඩ කරන්න පුලුවන්. 

ඔයාලා දන්නවනේ Kali Linux කියන්නේ hacking  වලට අදාල ගොඩක් tools තියෙන  OS එකක් කියලා. ඉතිං  Raspberry PI device එකත් අපට Linux environment  එකේ portable hacking device  එකෙක් වගේ connect  කරලා  use කරන්න පුලුවන්. 

HackRF one


ඔයාලා දැකලා තියෙනවාද hardware tools use කරලා  vehicle key එකක් hack කරනවා. ඔයාලට මටකද දන්නේ නෑ Tamil film එකක් තියෙනවා  Kannum Kannum Kolaiadithal කියලා. මේ film එකේ Roll jam device  එකක් use කරලා තමයි  car key  එකක් ලේසියෙන්ම hack කරන්නේ.

HackRF one කියනේ ඒ car එක hack කරන්න use කරපු roll jam device එකේම complex device එකක් කිව්වොත් හරියටම හරි. ඒ වගේම තමයි  HackRF one කියන්නේ Open source platform  එකක්. මේක use කරලා 1MGz – 6GHz දක්වා radio singles detect  කර ගන්න හැකියාව තියෙනවා වගේම  WI – FI, Bluetooth, Smartphone, GPS වගේ දේවල් එක්ක communication  කර ගන්න හැකියාව තියෙනවා.

Uberthooth One

Uberthooth One කියන්නේ මේ වෙද්දී Bluetooth hacking වලින් ගොඩක් famous device එකක්. මේ device  එකේ ARM Cortex M3 Microcontroller එකක් සහ antenna  එකක් include  වෙනවා වගේම 2.4 GHz frequency එකක් තියෙනවා.

ඒ විතරක් නෙවෙයි. USB port එක use කරලා ඔයාට මේ device එක pc එකට lap එකට connect කරන්න පුලුවන් වගේම තමයි Kismet වගේ signals බලා ගන්නත් අවස්තාව සලසලා තියෙනවා. මේකේ තියෙන අනිත් විශේෂම දේ තමයි, device  එකේ software hardware දෙකම open source. ඒ නිසා ඔයාට මේ device  එකේ වැඩ ලේසියෙන්ම කරන්න පුලුවන්.

Keylogger

Keylogger කියන්නෙත් hacking tools වල ගොඩක් famous device එකක් කිව්වොත් හරියටම හරි. මේක,  USB port එකක් හරි PS/2 port එකක් හරි use කරලා  hack කරන්න ඕනි  device  එකට connect  කරන්න පුලුවන්.

එතකොට මේක වැඩ කරන්නේ කොහොමද?

මේ device  එක connect  කරාම අදාල device  එකයි keyboard  එකයි අතරේ අපි නොදැනුවත්වම connection  එකක් හැදෙනවා. ඉතිං ඒකේ result  එකක් විදියට  අපි key board  එකේ type  කරන සේරම  details keylogger  එක හරහා ඒක  program  කරපු hacker ට send වෙනවා. මේක අපේ normal life එකටත් ගොඩක් ලොකු  risk එකක්. මොකද keylogger  එක නිසා අපේ private  accounts වල username, password, credit card details  උනත් hacker කෙනෙක් ගාවට යන්න පුලුවන්.

Crazyradio PA

Crazyradio PA කියන්නේ Nordic Semiconductors ලා developed කරපු nRF24LU1 + technology එක base වෙච්චි USB radio dongle එකක් කිව්වොත් හරියටම හරි. 

මේ device  එකේ radio signals use කරලා attack කෙනෙක්ට ලේසියෙන්   attack කරන්න  පුලුවන් වගේම මේ device  එකේ තියෙන  booster antenna  එක නිසා 1km විතර දුරක ඉදන්  device  control  කරන්න හැකියාව තියෙනවා.

Shark Jack

මේක තමයි අද අපි කතා කරන last hardware hacking tool එක. Shark Jack developed කරලා තියෙන්නේ Hack5 team එක. මේ device  එක ගොඩක්  pen testers ලා use කරනවා. Portable device එකක් වෙන මේක නිසා social engineering engagement optimized කරන්නත්, wire network auditing වලටත් chance එක ලැබිලා තියෙනවා. මේවා තමයි  cybersecurity side එකේ hacking  වලට use කරන tools. ඉතිං ඔයාට උනත් මේ දේවල් වලින්  attacks වෙන්න පුලුවන්. ඒ නිසා මේ දේවල් වලින්  protect  වෙන්න නම් ඔයා අනිවාර්යයෙන්ම  security  එක ගැන හිතලා වැඩ කරන්න. අනිවාර්යයෙන්ම ඔයා ඔයාගේ lap එකට virus guide  එකක් use කරන්න. Security system update කරන්න. Free access තියෙන network use කරන්න යන්න එපා. ඔයාගේ account  වල username password protect  කරලා තියාගන්න.

Leave your thought here

Your email address will not be published. Required fields are marked *

Supportscreen tag