Networking Article 01 – Data Communication
මේ article එකෙන් අපි කතා කරන්න යන්නේ දත්ත සන්නිවේදන එහෙම නැත්නම් Data communication ගැන. ඔයාලා දන්නවනේ data communication කියලා කියන්නේ අද ඊයේ ආපු concept එකක් නෙවෙයි. ගල් යුගයේ ඉදන්ම මිනිසුන් data communication වලට එක එක methods use කරා. පරවියෝ මගින් සන්නිවේදන කරා, අඩ බෙර ගහලා සන්නිවේදන කරා ඉතිං එහෙම ආරම්භ වෙච්චි Data communication කියන concept එක මේ වෙද්දී එක තත්පරයක් ඇතුලත ලෝකේ ඕනෑම තැනකට සන්නිවේදන කරන්න පුලුවන් තරමට technology එක්ක දියුණු වෙලා තියෙනවා.
එතකොට new technology එකට අනුව Data communication කියලා කියන්නේ, මොකක් හරි transmission medium එකක් use කරලා devices දෙකක් හෝ ඊට වැඩි ගානක් ඔස්සේ physically data transmit කරන method එකක් කිව්වොත් හරියටම හරි. Computer device අතරේ මේ වගේ connections හදන process එක අපි සරලව ජාලකරනය එහෙම නැත්නම් networking කියලා හදුන්වනවා. දත්ත සන්නිවේදන එහෙම නැත්නම් data communication වෙන්න නම් ප්‍රදාන අවශ්‍යතා 5 ක් අනිවාර්යයෙන්ම complete වෙන්න ඕනි.
- Sender ( පණිවිඩය යවන්නා)
- Receiver ( පණිවිඩය ලබන්නා)
- Message ( පණිවිඩය )
- Transmission medium (transmission medium)
- Protocol (නියමාවලි)
Signals
Data communications ගැන කතා කරන්කොට මතක් කරන්න ඕනි තවත් වැදගත් topic එකක් තමයි signals කියලා කියන්නේ. අපි කලින් කිව්වනේ Data communication කියලා කියන්නේ මොකක් හරි transmission medium එකක් use කරලා devices දෙකක් හෝ ඊට වැඩි ගානක් ඔස්සේ physically data transmit කරන method එකක් කියලා. හරි දැන් ඔයා හිතන්නකෝ ඔයා ඔයගේ phone එකෙන් Australia වල ඉන්න යාලුවෙක්ට ඔයාගේ picture එකක් යැව්වා කියලා. එතකොට ඔයාගේ picture එක කොහොමද ඔයාගේ phone එකෙන් යාලුවගේ phone එකට ගියේ. ඔයා යැව්වේ image එකක්. එතකොට image එක කොහොමද Australia වලට ගියේ?
දැන් ඔයාලට තියෙනවා නේද මෙතන මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඇත්තටම ඔව්. ඔයා ඔයාගේ Australia ඉන්න යාලුවට යවපු image එක එයාගේ phone එකට යන්නේ signals නිසා. ඔයා යවන images විතරක් නෙවෙයි, messages, voice, videos මේ හැම දේම ඔයාගේ phone එකෙන් වෙන කෙනෙක්ගේ phone එකකට යන්නේ signals use වෙලා.
Signals ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා.
- Analog Signals (ප්‍රතිසම)
- Digital Signals ( අංකිත)
Analog Signals
කාලයත් එක්ක ශක්තිමට්ටම් වෙනස් වෙන signals වලට අපි analog signals කියලා කියනවා. මේ වගේ signals වල shape එක ගොඩක් වෙලාවට සයිනාකාට හැඩයක් තමයි ගන්නේ. ඔයාලගේ ගෙවල් වලට එන main electricity එකේ තියෙන්නේ මේ වගේ signals කිව්වොත් හරි.
Digital Signals
Standard values represent කරන signals වලට අපි digital Signals කියලා කියනවා. Computer, laptops, phone වල use වෙන්නේ මේ වගේ signals කිව්වොත් හරියටම හරි. අපි කලින් කතා කරේ Australia වල ඉන්න යාලුවෙක්ට image එකක් යවනවා කියලා. ඒ process එකේදීත් use වෙනේ මේ signals තමයි. දැන් ඔයාලට තේරෙනවනේ network related හැම දේකම use වෙන්නේ Digital Signals කියලා .
Modem
Analog, Digital signals ගැන කතා කරන්කොට special වෙන device එකක් තමයි modem කියලා කියන්නේ. මොකටද modem use කරන්නේ? දැන් අපි ඒ ගැන කතා කරමු. Analog signals Digital signals කරන්න වගේම Digital signals Analog signals කරන්න modem එක ගොඩක් use කරනවා. දැන් කලේ නම් මේක එච්චරම use වෙන්නේ නෑ. හැබැයි internet connection ලෝකේට ආපු මුල්ම කාලේ නම් මේ device එක ගොඩක් use කරා.
Baseband Signals and Broadband Signals
මුලින්ම අපි බලමු Basedband Signal එකක් කියන්නේ මොකක්ද කියලා.
Baseband Signals
අපි මුලින්ම කතා කරානේ signals transmit වෙන්නේ මොකක් හරි transmission medium එකක් use කරලා කියලා. එහෙම use කරන transmission medium එකේ full bandwidth එක use කරලා සම්ප්‍රේෂණය වෙන signals වලට තමයි baseband Signals කියලා කියන්නේ.
මොකක්ද එතකොට bandwidth එක කියලා කියන්නේ?
සංඛ්‍යාත වල පරාසයට තමයි bandwidth කියලා කියන්නේ. ඔයාලා අහලා ඇතිනේ radio එකේ කියනවා මේ සංඛ්‍යාත වලින් මේ channel එක අහන්න පුලුවන් කියලා. ඒ වගේ අදාල channel ඒකේ full bandwidth එක ගන්න signals තමයි baseband signals කියලා සරලව කියන්නේ. ඒ වගේම තමයි Baseband Signals අනිවාර්යයෙන් transmit වෙන්නේ digital signals විදියට. ඒ විතරක් නෙවෙයි මේවා ගොඩක් වෙලාවට transmit වෙන්නේ short distance විදියට. දැන් අපි බලමු මොනවද broadband signals කියලා කියන්නේ කියලා?
Broadband Signals
මේ type එකේ signals transmit වෙන්නේ Analog Signals විදියට. එක එක වර්ගේ සංඛ්‍යාත තියෙන signals ගොඩක් එක පාර transmission medium එකකින් transmit වෙනවා නම්, ඒ වගේ වෙලාවට use වෙන්නේ broadband කියන concept එක. හැබැයි මේකෙදී එක පාරකට signals යන්නේ එක දිශාවටකට විතරයි.
දැන් අපි බලමු signal එකක තියෙන්න ඕනි qualities මොනවද කියලා?
- විස්තාරය (amplitude) – ඒ කියන්නේ signal එකේ උස.
- සංඛ්‍යාතය (frequency) – සංඛ්‍යාතය කියලා කියන්නේ signal එකක් තත්පරයකදී complete කරන තරංග ප්‍රමාණය. මේක අපි Hz වලින් තමයි මනින්නේ.
- තරංග ආයාමය (Wave length) – ආසන්න ගීර්ෂ දෙකක් එහෙම නැත්නම් නිම්න දෙකක් අතර දුර තමයි Wave length කියලා කියන්නේ.
- කලාව (phase) – කිසියම් කාලයක් තුල තරංගයක පිහිටීම එහෙම නැත්නම් කෝණයට අපි කලාව කියලා කියනවා.
මේ article එකේ අපි කතා කරේ networking වල එන basic keywords කිහිපයක්. මේව ගැන වැඩි විස්තර ඔයාට ඉස්සරහට දැන ගන්න පුලුවන් වෙයි. ඊලග article එකෙන් ආයෙත් හම්බවෙමු.
Networking ඊලග Article එකට යන්න
- Networking Article 02 – Data transmission mediums.
- Networking Article 03 – ජාල ආකෘති සහ ජාල ස්ථලක ( Network models and Network Topologies)
- Networking Article 04 – Networking වල කතා කරන Servers මොනවද?
- Networking Article 05 – ISO/(TCP/IP) Models ගැන දැන ගන්න ඔයත් කැමතිද? එහෙනම් මේ Article එක කියවන්න.
- Networking Article 06 – Networking වලට අදාල devices ගැන දැන ගන්න ඔයත් කැමතිද? එහෙනම් මෙන්න හොද chance එකක්.
- Networking article 07 – දත්ත සම්ප්‍රේෂණය විධි
- Networking article 08 – Data transmition protocols ගැන දැන ගන්න ඔයත් කැමතිද?
- Networking article 09 – මොනවටද MAC address, IP address, Subnet masks කියලා කියන්නේ?
- Networking Article 10 – මොනවටද Symmetric encryption, Asymmetric encryption, digital signature, hashing කියලා කියන්නේ?
- Networking Article 11 – Computer Networks වලට සහ User කෙනෙක්ට බලපාන අනතුරු , තර්ජන, ආක්‍රමණ ගැන ඔයා දැනුවත්ද?