Networking

Networking Article 03 – ජාල ආකෘති සහ ජාල ස්ථලක ( Network models and Network Topologies)

03

Networking Article 03 – ජාල ආකෘති සහ ජාල ස්ථලක ( Network models and Network Topologies)

ජාල ආකෘති (Network models)

Computers අතරේ දත්ත ( data) , තොරතුරු (information) හුවමාරු කර ගන්න පුලුවන් විදියට ඒවා connect කර ගන්න method එකට අපි network modules කියලා කියනවා. මේවා wireless networks වගේම wired network විදියටයත් අපට maintain කරන්න පුලුවන්. Network modules mainly types 3 ක් තියෙනවා. දැන් අපි ඒ මොනවද කියලා බලමු.

  1. Peer to peer (සම සම ජාල ආකෘතිය)
  2. Client server network (සේවාදායක අනුග්‍රාහක ආකෘතිය)
  3. Virtual private network (අතථ්‍ය පුද්ගලික ජාලය )

දැන් අපි මේ modules ගැන වෙන වෙනම කතා කරමු

Peer to peer (සම සම ජාල ආකෘතිය)

Computer / laptops වගේ device දෙකක් හෝ ඊට වැඩි ගනනක් connect කරලා හදන network එකකට අපි peer to peer network එකක් කියලා කියනවා. මේකෙදී හැම computer device එකක්ම connect කරලා තියෙන්නේ විමධ්‍යගත විදියට (computers එකින් එකට සම්බන්ද වෙලා) කිව්වොත් හරියටම හරි. මේ network එකේදී ඕනිම device එකකට server computer එකක් වගේම client computer එකක් විදියට වැඩ කරන්න පුලුවන් වෙනවා. ඒ වගේම තමයි මේකෙදී හැම computer එකක්ම /lap එකක්ම network එකේ තියෙන අනෙත් computers / laptops එක්ක connect වෙලා තියෙනවා. ඒකට switch/ hub වගේ network device ගොඩක් වෙලාවට use කරනවා.

Peer to peer network එකකදී specially design කරපු Operating system එකක් අවශ්‍යය වෙන්නේ නෑ. මොකද, මේකෙදී හැම ඕනිම device එකකට server computer එකක් වගේම client computer එකක් විදියට වැඩ කරන්න පුලුවන්. ඒ නිසා මිල අධික servers වලට යන cost එක නැති වෙනවා. ඒ වගේම network එක manage කරන්න special team එකක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ නිසාම මේ දේවල් peer to peer network එකක වාසි විදියට සලකන්න පුලුවන්.

දැන් අපි peer to peer network එකක අවාසි මොනවද කියලා බලමු. අපි කලින් කතා කරානේ peer to peer network එකක හැම computer device එකක්ම connect කරලා තියෙන්නේ විමධ්‍යගත විදියට කියලා. එතකොට network එකේ තියෙනෙ හැම computer device එකකටම අනෙත් device control කරන්න පුලුවන් වෙනවා. ඒ නිසා network එකේ කාර්‍යක්ශමතාවය අඩු වෙනවා. ඒ වගේම තමයි files and folders මධ්‍යගත විදියට storage කරලා නැති නිසා computer device එක්ක හවුලේ වැඩ කරන එක තරමක් අපහසු වෙනවා. ඒ වගේම තමයි, එක user කෙනෙක්ගේ ක්‍රියාවක් නිසා virus වගේ හානිකර දේවල් network එකේ වගේම අනෙත් computer device වලටත් spread වෙන්න පුලුවන්.

Client server network (සේවාදායක අනුග්‍රාහක ආකෘතිය)

Client server network එකකදී මේ network එකට ගැලපෙන විදියට, මධ්‍යස්තාන සේවාදායකයෙක් (server computer) එකක් අනිවාරෙයෙන්ම assign කරලා තියෙනවා. මේකෙදී client computers කරන request වලට අනුව server computer එක අදාල services ලබා දෙනවා. Client server network එකේදී server computer එකක් use වෙන නිසා කාර්‍යක්ශමතාවය ගොඩක් වැඩී. ඒ වගේම printers, scanners පහසුවෙන් කරන්න පුලුවන් වෙනවා. Client server network එකේදී තියෙන ලොකුම අවාසිය ලොකු cost එකක් වැය වෙන එක තමයි.

Virtual private network (අතථ්‍ය පුද්ගලික ජාලය )

Personal computer එකකට use කරන connection එකක් Internet එක වගේ common network එකක් එක්ක connect කරලා design කර ගන්න network එකකට, VPN එහෙම නැත්නම් virtual private network එකක් කියලා අපට කියන්න පුලුවන්. ගොඩක් වෙලාවට ගෙවල් වල personal usage එකට වගේම company වල එක එක sections එක්ක communicate කරන්න මේ වගේ networks use කරනවා.

ජාල ස්ථලක (Network Topologies)

Computer network design කරනකොට logically and physically computer devices connect කර ගන්න method එකට ජාල ස්ථලක විද්‍යාව කියලා කියනවා. Network Topologies වලට අනුව main topologies types 6 ක් තියෙනවා.

  1. බස් ආකරය ( Bus Topology)
  2. තරුමය ආකරය ( Star Topology)
  3. වටමය ආකාරය (Ring Topology)
  4. දැල් ආකරය (Mesh Topology)
  5. රුක් ආකාරය (Tree Topology)
  6. දෙමුහුම් ආකාරය ( Hybrid Topology)

දැන් අපි මේ Network Topologies ගැන කතා කරමු.

බස් ආකරය ( Bus Topology)

Bus Topology එකේදී main cable එකට computer device connect කරලා තමයි network එක design වෙන්නේ. ඒ වගේම main cable එකේ දෙපැත්තේ terminators 2 ක් තියෙනවා. මේ වගේ network එකකදී එක device එකකින් messages එකක් දැම්මම, network එකට connect වෙලා ඉන්න හැම device එකකටම ඒ messages එක receive වෙනවා. ඒ වගේම තමයි එක device එකකින් දාපු messages එකක් network එකේ transmit වෙනකොට, වෙන device එකකට ඒ time එකේදී messages දාන්න බැ.

Bus Topology එකේ වාසි ගැන බැලුවොත් Topology එක ලේසියෙන්ම් build කරන්න පුලුවන් වෙනවා. අඩු රැහැන් ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. ඒ නිසාම අඩු cost එකක් තමයි යන්නේ. මේ Topology එකේ තියෙන අවාසි ගැන කතා කරොත්, main cable එක අක්‍රීය උනොත් මුලු network එකම අක්‍රීය වෙනවා. ඒ වගේම network එකේ erro එකක් ආවෙත් ඒක detect කර ගනන් අමාරු වෙනවා. අපි කලින් කතා කරානේ මේ Topology එකේදී main cable එකේ දෙපැත්තේ terminators 2 ක් තියෙනවා කියලා. මේකට ලොකු cost එකක් යනවා. ඒ වගේම තමයි, එක device එකකින් messages එකක් දැම්මම, network එකට connect වෙලා ඉන්න හැම device එකකටම ඒ messages එක receive වෙනවා ඒ නිසා කාර්‍යක්ශමතාවය අඩු වෙනවා.

තරුමය ආකරය ( Star Topology)

Network එකට connect කර ගන්න පුලුවන් සේරම deceive Hub එකක් හරි Switch එකක් හරි use කරලා star එකක් විදියට design කර ගන්න Topology වලට Star Topology කියලා කියනවා. දැන් කාලේ නම් හොඩක් මේකට use කරන්නේ Switch එකක්. Hub එකක් use කරොත් එක device එකකින් එවන messages Hub එක හරහා Network එකේ හැම devices එකකටම යනවා. Switch එකක් use කරලා අදාල deceive එකට විතරක් messages යවන්න පුලුවන්. ඒ නිසා Switch එකක් use කරන එක කාර්‍යක්ශම වෙනවා.

Star Topology එකේ models buildup කරන එක ගොඩක් ලේසී. ඒ වගේම අලුත් devices එකතු කරන එක සහ තියෙන devices අයින් කරන එක ලේසියෙන්ම කරන්න පුලුවන් වෙනවා. Network එකේ errors ඉක්මනට හොයා ගන්න පුලුවන් වෙනවා. මේ Topology එකේ අවාසි ගැන කතා කරොත්, Bus Topology එකට වඩා රැහැන් ගොඩක් use කරන්න වෙනවා. ඒ වගේම තමයි Switch එක හරි, Hub එක හරි අක්‍රීය උනොත් මුලු network එකම අක්‍රීය වෙනවා. ඒ විතරක් නෙවියි, එහෙම අක්‍රීය උනොත් ඒකට ලොකු cost එකක් වැය වෙනවා.

වටමය ආකාරය (Ring Topology)

Ring එකක් විදියට computer device එකට connect කරන method එකට ring Topology කියලා කියනවා. මේකෙදී computer device දෙපැත්තේ තියෙන computer එක්ක connect වෙලා තමයි ඉන්නේ. Ring Topology එකේදී data transmit වෙන්නේ එකම side එකකට විතරයි. ඒ නිසා data transmit වෙන speed එක ගොඩක් වැඩී. ඒ වගේම තමයි ring Topology එකේදී data transmit වෙන්න token ring කියලා protocol එකක් use කරනවා. Ring Topology එකේ තියෙන ලොකුම අවාසිය තමයි එක device එකක් හරි erro එකක් ආවොත් මුලු network එකම down වෙනවා.

දැල් ආකරය (Mesh Topology)

Network එකේ තියෙන සේරම device එකිනෙකට සෘජුවම connect කර ගන්න පුලුවන් network එකක් තමයි Mesh Topology කියලා කියන්නේ. මේ topology එකදී වේගයෙන් data transmit කරන්න පුලුවන්. ඒ වගේම තමයි network එක බිද වැටීම් ගොඩක් අඩුයි. Computers එකිනෙකට connect වෙලා තියෙන නිසා network එකේ රැහැන් අක්‍රීය උනා කියලා අව්ලක් වෙන්නේ නෑ. මේ topology එකේ අවාසි ගැන කතා කරොත් network එක manage කරන්න වගේම repair කරන්න ටිකක් අමාරු වෙනවා. ඒ වගේම ඒවට ලොකු cost එකකුත් වැය වෙනවා.

රුක් ආකාරය (Tree Topology)

ගසක අතු බෙදෙන ආකාරයට design කරලා තියෙන topology වලට tree topology කියලා කියනවා. මේ topology එකේදී ශාඛා වල අතු බෙදලා තියෙන නිසා වෙන් වෙන්ව පාලනය කරන්න පුලුවන් වෙලා තියෙනවා. හැබැයි main line එක අක්‍රීය උනොත් ඒකට සම්බන්ධ සේරම ශාඛා ජාලත් අක්‍රීය වෙනවා. ඒ වගේම තමයි මේ වගේ network එකක සැකසීම හා නඩත්තු කිරීමේ කරයුතු තරමක් අපහසු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකට ලොකු cost එකකුත් වැය වෙනවා.

දෙමුහුම් ආකාරය ( Hybrid Topology)

අපි කලින් කතා කරපු, bus topology , star topology, ring topology, mesh topology , tree topology වගේ topology දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකට සම්බන්ධ කර නිර්මාණය කරගන්නා network එකකට Hybrid Topology කියලා කියනවා. මේ වගේ topology එකක් use කරාම,හදිසියෙන්වත් network එකේ erro එකක් ආවොත් ඒ කොටස විතරක් වෙන කරලා අපට අනෙත් කොටස් සාමාන්‍ය විදියට use කරන්න පුලුවන්. හැබැයි, මේ වගේ network එකක සැකසීම හා නඩත්තු කිරීමේ කරයුතු තරමක් අපහසු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකට ලොකු cost එකකුත් වැය වෙනවා.

දැන් ඔයාලට network models ගැන සහ network topologies ගැන හොද idea එකක් එන්න ඇති. ඊලග article එකෙන් මේ වගේම වැදගත් දෙයක් ගැන කතා කරමු.

Networking ඊලග Article එකට යන්න

Leave your thought here

Your email address will not be published. Required fields are marked *

Supportscreen tag