Networking Article 04 – Networking වල කතා කරන Servers මොනවද?
කලින් Article එකේදී අපි Client computers, Server computers ගැන කතා කරා ඔයාලට මතක ඇතිනේ. Client computers කියලා කියන්නේ service එක ගන්න අය. Servers computers කියලා කියන්නේ service එක දෙන අය. ඒ කියන්නේ special task එකක් කරන්න වෙන් කරපු computers කියලා කිව්වොත් හරියටම හරි. ඒ කියන්නේ මේ වගේ Server computers.
- Web server
- Mail server
- Proxy server
- Application server
- Domain server ( Domain server)
- DHPC server (Dynamic host configuration protocol server)
දැන් අපි මේවා ගැන වැඩි විස්තර බලමු.
Web server
අන්තර්ජාල තුල වෙබ් site එකක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය සේවා සපයන (hosting) server computer එකකට තමයි web server කියලා කියන්නේ. මේවට examples විදියට Apache web server, IIS (Microsoft internet information server), Novell server, Lotus server, AOL server හදුන්වන්න පුලුවන්.
Mail server
ඔයාලා නිතරම වගේ Email යවනවා නේද? ඒත් මෙහෙම Email යවන්න පුලුවන් වෙන්නේ කොහොමද? අන්තර්ජාල තුල Email යවන්න පුලුවන් විදියට පහසුකම් හදලා දෙන්නේ Mail server එකෙන්. Mail server එක නිසා හැම user කෙනෙක්ටම වෙන් වෙනම email accounts පවත්වා ගෙන යන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේ accounts වල security එකට passwords protection methods use කරන්න පුලුවන් වෙලා තියෙනවා.
Mail server වලට examples විදියට Gmail server, Hotmail server ගන්න පුලුවන්. ඒ වගේම තමයි Email වලින් පණිවිඩ යවනකොට SMTP (Simple mail transfer protocol ), ESMTP (External simple mail transfer protocols) වගේ protocols use කරනවා. ඒ වගේම තමයි, Email වලින් පණිවිඩ ලබා ගන්නකොට POP3 (Post office protocol version 3), IMP (Internet mail access protocol) වගේ protocols use කරනවා.
Proxy Server
Proxy server කියලා කියන්නේ network එකට connect වෙලා ඉන්න device සහ users ලා අතර මැද ඉන්න server computer එකක් කිව්වොත් හරියටම හරි. Proxy server එක නිසා,
- පරිශීලක පාර්ශවයේ ආරක්ෂව තරවුරු වෙනවා.
- අන්තර්ජාල ක්‍රියාකාරිත්වය ගැන details collect කර ගන්න පුලුවන් වෙන නිසා අන්තර්ජාල හැසිරීම පාලනය වෙනවා.
- නිතර නිතර යොමු වෙන web sites වල details proxy server එකේ recode වෙන නිසා අඩු කාලයක් තුල ප්‍රතිචාර දක්වන්න පුලුවන් වෙනවා.
- Malware ගැන details collect කර ගන්න පුලුවන් වෙනවා.
- Network connection එක LAN connections හරහා බෙදන්න පුලුවන් වෙනවා.
Application server
Internet එක හරහා online software use කරන්න පුලුවන් වෙන්නේ application server එක නිසා කිව්වොත් හරියටම හරි. Application server එක ගොඩක් වෙලාවට web server එක එක්ක එකතු වෙලා තමයි වැඩ කරන්නේ.
Example එකක් විදියට මෙහෙම හිතන්නකෝ, company එකක් තියෙනවා. මේ company එකේ lap tops 10 ක් තියෙනවා. මේ හැම lap එකේම Java, MySQL run වෙනවා. ඒ වගේම මේ laps individually data base create කරනවා. මේ laps හදන data base වල currency කියන ඒකකට විචල්‍ය අගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතිං ඒකට solution එකක් විදියට එක laptop එකක විතරක් MySQL තියාගෙන අනෙත් device වලින් MySQL අයින් කරන්න පුලුවන්. එතකොට currency ඒකක විචල්‍ය වෙන්නේ නැතුව තියා ගන්න පුලුවන් වෙනවා.
හරි ඔන්න කාලයක් ගියාම company එකට අලුතෙන් employees ලා වැඩට ගන්නවා. එතකොට එක computer එකකට විතරක් company එකේ සේරම computers වලට ඕනි MySQL service එක දෙන්න බෑ. මොකද device ගාන වැඩි වෙනකොට performance මදි වෙනවා. ඉතිං ඒකට solution එකක් විදියට තමයි application server එක එන්නේ.
DNS server (Domain server)
ඔයා Internet එකෙන් websites search කරනවා නේද? එතකොට ඔයා search කරපු site එක ඔයාට පෙන්නවනේ. ඔයාලා දන්නවනේ මේ වෙද්දී ගොඩක් ලෝකේ ගොඩක් ආයතන වල websites use කරනවා. එතකොට Internet එක කොහොමද මේ සේරම sites වල names මතක තියන් ඉන්නේ?
ඒක ගැන කතා කරන්න කලින් අපි මුලින්ම URL එකක් කියන්නේ මොකක්ද කියලා අදුර ගම්මු.
Google එකේ තියෙන හැම site එකකටම මේ වගේ link එකක් තියෙනවා. මේ link එකට තමයි අපි URL කියලා කියන්නේ. මේක හරියට නිකන් web address එකක් වගේ කිව්වොත් හරියටම හරි. එතකොට Internet එකට මේ සේරම URL මතක තියාගන්න අමාරුයිනේ. ඒ නිසා මේ links වලට වෙන වෙනම IP address තියෙනවා.
එතකොට user කෙනෙක් Internet එකේ URL එකක් search කරාම DNS server එකෙන් URL එක IP address එකක් විදියට convert කරලා අදාල result එක user ට දෙනවා.
DNS server එක නිසා URL එකක් IP address එකක් විදියට convert කරන්නත්, IP address එකක් URL එකක් විදියටත් convert කරන්න පුලුවන් කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති.
DHCP server (Dynamic host configuration protocol server)
DHCP එකෙන් කරන්නේ IP address දෙන එක කිව්වොත් හරියටම හරි. Laptops, computers වගේ NIC (network interfere cards) තියෙන device වලට IP address provide කරන්න DHCP services වලට පුලුවන්.
අපේ ගෙවල් වල, පොඩි company වල වගේ නම් අපි use කරන route එක DHCP එකක් විදියට වැඩ කරනවා. ලොකු company වල නම් වෙනම් DHCP server එකක් configure කරලා තියෙනවා.
දැන් ඔයාලට server ගැන හොද idea එකක් එන්න ඇති. ඊලග article එකෙන් මේ වගේම වැදගත් දෙයක් ගැන කතා කරමු.
Networking ඊලග Article එකට යන්න
- Networking Article 05 – ISO/(TCP/IP) Models ගැන දැන ගන්න ඔයත් කැමතිද? එහෙනම් මේ Article එක කියවන්න.
- Networking Article 06 – Networking වලට අදාල devices ගැන දැන ගන්න ඔයත් කැමතිද? එහෙනම් මෙන්න හොද chance එකක්.
- Networking article 07 – දත්ත සම්ප්‍රේෂණය විධි
- Networking article 08 – Data transmition protocols ගැන දැන ගන්න ඔයත් කැමතිද?
- Networking article 09 – මොනවටද MAC address, IP address, Subnet masks කියලා කියන්නේ?
- Networking Article 10 – මොනවටද Symmetric encryption, Asymmetric encryption, digital signature, hashing කියලා කියන්නේ?
- Networking Article 11 – Computer Networks වලට සහ User කෙනෙක්ට බලපාන අනතුරු , තර්ජන, ආක්‍රමණ ගැන ඔයා දැනුවත්ද?