Networking

Networking Article 05 – ISO/(TCP/IP) Models ගැන දැන ගන්න ඔයත් කැමතිද? එහෙනම් මේ Article එක කියවන්න.

05

Networking Article 05 – ISO/(TCP/IP) Models ගැන දැන ගන්න ඔයත් කැමතිද? එහෙනම් මේ Article එක කියවන්න.

ඔයාලා දන්නවනේ මේ වෙද්දී ලෝකේ කොහේ හිටියත් අපට අන්තර්ජාලය හරහා ලේසියෙන්ම data transfer කර ගන්න පුලුවන් කියලා. එතකොට එහෙම data transfer කර ගන්න පුලුවන් වෙන්න නම්, data transfer වලට අදාලව මොකක් හරි සම්මතයක් ලෝකේ තියෙන්න ඕනි නේද? ඒ විදියට data transfer වලට related වෙලා develop වෙච්ච basic framework 2 ක් ගැන අපි අද කතා කරමු.

1.OSI model (Open system interconnection)

2.TCP/IP model

මුලින්ම අපි OSI model (Open system interconnection) එක ගැන කතා කරමු.

1. OSI model (Open system interconnection – විවෘත පද්ධති අන්තර් සබඳතා ආකෘතිය)

1983 වර්ශයේදී විදුලි සන්නිවේදන වියාපාරිකයන් පිරිසක් එකතු වෙල develop කරපු framework එකක් තමයි OSI model කියලා කියන්නේ. මේ framework එකෙදී ජාලයක් තුල data transfer වෙන විදිය සරලව explain කරලා තියෙනවා. OSI model එකේ ප්‍රදාන අරමුණ වෙලා තියෙන්නේ, විද්‍යුත් සන්නිවේදනයට, උපාංග නිශ්පාදකයන් හා මෘදුකාංග නිශ්පාදකයන් අතරේ හොද සම්බන්දතාවයක් ගොඩනැනීම කිව්වොත් හරියටම හරි. OSI model එකට අනුව නම්, උපාංග දෙකක් අතරේ දත්ත සන්නිවේදනයට ස්තර 7 ක් භාවිතා වෙනවා.

  1. Physical layer
  2. Data link layer
  3. Network layer
  4. Transport layer
  5. Session layer
  6. Presentation layer
  7. Application layer

දැන් අපි බලමු OSI model එකට අනුව device දෙකක් අතරේ data transfer වෙන්නේ කොහොමද කියලා.

හරි, source computer/ device එකෙන් destination computer / device එකට data transfer වෙන process එකේදී අපි කලින් කතා කරපු layers 7 ම source computer side එකට සහ destination computer side එකට involve වෙනවා. මුලින්ම වෙන්නේ source computer/ device එකෙන් user යවන message එක Application layer එකට යන එක. ඊට පස්සේ පිලිවෙලින් Presentation layer, Session layer, Transport layer, Network layer, Data link layer, Physical layer එකට user යවන message එක transfer වෙනවා. එතකොට source computer side එකේ වැඩ ඉවරයි. දැන් message එක තියෙන්නේ destination computer side එකේ physical layer එකේ. ඊලගට මේ message එක පිලිවෙලින් Data link layer, Network layer, Transport layer, Session layer, Presentation layer හරහා Application layer එකට යනවා.

Example එකක් විදියට කිව්වොත් A – B ට message එකක් යවනවා. මේ process එකේදී source computer එක විදියට වැඩ කරන්නේ A. Destination computer එක විදියට වැඩ කරන්නේ B. දැන් A – B ට message එකක් යව්ව්ම මේ layers සේරම හරහා ගිහින් තමයි B ට message එක send වෙන්නේ.

හරි දැන් එතකොට ඔයාල දන්නවනේ අපේ computer, phones වගේ electronic devices වලට 1, 0 වලින් විතරයි තේරුම් ගන්න පුලුවන් කියලා. එතකොට මෙහෙම layers 7 ක් ඇතුලෙන් data transfer වෙනකොට data send වෙන්නේ 1,0 විදියටමද? එහෙම නැත්නම් layer එකෙන් layer එකට data වල format එක change වෙනවද?

OSI model එකේදී data transmit වෙන්නේ මේ විදියට තමයි. Application, Presentation & Session කියන layers වලදී අපි යවන messages Data විදියට තමයි transmit වෙන්නේ. Transport layer එකේදී අපේ Data transmit වෙන විදි දෙකක් තියෙනවා. එකක් විදියක් තමයි TCP ( Transmission control protocol) කියන්නේ. අනෙත් විදිය තමයි UDP (User datagram protocol) කියලා කියන්නේ. TCP වලදී නම් Data transmit වෙන්නේ Segments විදියට. UPD වලදී නම් Data gram විදියට තමයි Data transmit වෙන්නේ.

ඊලගට data යන්නේ Network layer එකෙන්. ඒකෙදී අපේ Data, Data packets එහෙම නැත්නම් IP packets විදියට තමයි transmit වෙන්නේ. Network layer එකෙන් පස්සේ Data transmit වෙන්නේ Data link layer එකෙන්. Data link layer එකේදී අපේ Data transmit වෙන්නේ Data frames විදියට කිව්වොත් හරියටම හරි. ඊට පස්සේ තියෙන්නේ Physical layer එක. එකේදී Data transmit වෙන්නේ Signals එහෙම නැත්නම් Bits විදියට.

දැන් අපි බලමු මේ layers වල use කරන devices සහ protocols මොනවද කියලා.

Layer DeviceProtocol
Application layerGate ways, FirewallsFTP (File transfer protocol), SMTP (Simple mail transfer protocol) , DNS , HTTP (Hyper text transfer protocol), Tel Net, SNMP (Simple network management protocol)
Presentation layerHTML(Hypertext Markup Language), GIF( Graphic interchange format), JPEG, ASCII, EBCDIC, SSL (Secure Sockets Layer), RIP (Routing Information Protocol)
Session layerGate waysNet BIOS, PPTP (Point-to-point tunneling protocol), SIP(Session Initiation Protocol), RTP ( Real-time Transport Protocol)
Transport layerTCP (Transmission control protocol) , UDP (User data gram protocol)
Network layerRouters , Layer 3 switchesARP (Address Resolution Protocol),IPSec, IP, ICMP ( Internet Control Message Protocol)
Data link layerNIC Devices, Layer 2 switchesEthernet, Token ring, Frame relay, PPP(Point to point protocol), ATM (Asynchronous transfer mode )
Physical layerRepeaters, Regenerators, Hub, Cables Ethernet, Token ring, Frame relay, PPP(Point to point protocol), ATM (Asynchronous transfer mode ), Blue tooth

2. TCP/IP Model (ජාල ප්‍රවේශ ස්ථරය)

දත්ත සන්නිවේදනයට ගන්න තවත් වැදගත් ආකෘතියක් තමයි TCP/IP model එක, එහෙම නැත්නම් ජාල ප්‍රවේශ ස්ථරය කියලා හදුන්වන්නේ. මේ model එකේ layers 4 ක් විතරයි තියෙන්නේ.

Network interface layer (ජාල ප්‍රවේශ ස්ථර)

TCP/IP structure එකේ පහලින්ම තියෙන layer එකට තමයි Network interface layer එහෙම නැත්නම් ජාල ප්‍රවේශ ස්ථරය කියලා හදුන්වන්නේ. එක් සන්නිවේදන ලක්ශයක ඉදන් තවත් සන්නිවේදන ලක්ශයකට දත්ත සන්නිවේදනය වෙන්න ඕනි ආකරය මේ layer එකේදී විස්තර කරනවා. ඒ වගේම මේ layer එකේදී protocols විදියට Ethernet, token ring, frame relay use කරනවා.

Network layer (අන්තර්ජාල ස්ථරය )

Network අතරේ තියෙන connection manage කරන්න Network layer එක help වෙනවා. මේ layer එකේදී IP / IP Sec වගේ protocols use කරනවා.

Transport layer (ප්‍රවාහන ස්ථරය)

එක් අන්තයක ඉදන් තවත් අන්තයකට දත්ත transmit කරන්න help වෙන්නේ මේ layer එක කිව්වොත් හරියටම හරි. මේකෙදී mainly, TCP (Transmission control protocol) හා UDP (User datagram protocol) කියන protocols use කරනවා.

Application layer (යෙදුම් ස්ථරය)

Network එක use කරන programs හා process include වෙන්නේ මේ layer එකට කිව්වොත් හරියටම හරි. මේ layer එකේ protocols විදියට FTP (File transfer protocol), SMTP (Simple mail transfer protocol) , DNS , HTTP (Hyper text transfer protocol), Tel Net, SNMP (Simple network management protocol) use කරනවා.

OSI model vs TCP/IP Model

ISO/ TCP/IP Models ගැන අපට කතා කරන්න තියෙන්නේ මේ දේවල් තමයි. ඊලග article එකෙන් තවත් මේ වගේ අලුත් Topic එකක් ගන කතා කරමු.

Networking ඊලග Article එකට යන්න

Leave your thought here

Your email address will not be published. Required fields are marked *

Supportscreen tag