Kali Linux

මොකක්ද මේ Dropbox කියන්නේ?

drop-box

මොකක්ද මේ Dropbox කියන්නේ?

Dropbox යනු කුමක්ද?

Dropbox කියන්නේ cloud තාක්ෂණය එක්ක වැඩ කරන අයට නම් අලුත් දෙයක් නෙවෙයි. Google drive වගේ අපිට අපේ පරිගණක උපාංග වල තියෙන ඕනෑම වර්ගයක file එකක් තැන්පත් කරන්න තියෙන තවත් එක් සේවාවක් තමයි මේ Dropbox කියලා හඳුන්වන්නේ. Dropbox හි free සේවාවෙන් ඔබට 2GB ප්‍රමාණයක අවකාශයක් ලබාගන්න පුළුවන්. මුදල් ගෙවා අපිට අවශ්‍ය නම් එම ප්‍රමාණය 3TB දක්වා වුණත් වැඩි කරගන්න හැකියාවද මෙහි තිබෙනවා. Dropbox නිසා අපිට ඕනෑම file එකක් හෝ files අඩංගු folder එකක් අනිත් අය සමඟ අන්තර්ජාලය හරහා හුවමාරු කරගැනීම පහසුකම තියෙනවා.

File hosting සේවා ආකාරයක් වන මෙය “Cloud storage” එකක් ලෙසයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. Google Drive, Microsoft OneDrive, Sync, Box වගේ සේවාවන් වලට තවත් ආදේශකයක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්.

Linux පරිගණක පද්ධති වලට Dropbox ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ මොකද කිව්වොත් එහි ආරම්භයේ සිටම Linux වලට වැදගත් වෙන application රැසක් පිහිටලා තියෙනවා. ඉතින් අපි අද මේ කතා කරන්න යන්නේ Kali Linux පරිගණක වල කොහොමද Dropbox install කරන්නේ කියලා.

Dropbox වල ඇති features

Dropbox සේවාවේ තිබෙන විශේෂ ගතිගුණ, එහෙමත් නැත්තන් ලක්ෂණ මොනවාද කියලා අපි බලමු.

  1. Free storage – නොමිලේ ලැබෙන ආචයන පහසුකම
  2. Encryption Security – ආරක්ෂාව වැඩිබව
  3. Sharing – හුවමාරු කිරීමේ පහසුකම
  4. Mobility – ජංගම බව
  5. Edit Microsoft office online for free – මයික්‍රෝසොෆ්ට් ඔෆිස් online ලෙස භාවිතා කළ හැකිවීම
  6. Easy to use – හැසිරවීම සහ භාවිතය පහසු වීම
  7. Add comments to a Files – files වලට comments යෙදීමට හැකිවීම
  8. Backup all your pictures to dropbox – ඔබගේ උපාංග වල ඇති පින්තූර backup කිරීමට හැකිවීම
  9. Use selective sync to save space – තෝරාගත් files sync කිරීමට හැකිවීම
  10. Customize your Dropbox notifications – ඔබට ලැබෙන dropbox පණිවිඩ හැසිරවීමේ හැකියාව

Free storage

ඔබ Dropbox වල ගිණුමක් සකස් කරගත් විට ඔබට නොමිලේ 2GB space එකක් ලැබෙනවා. සේවාව ලබාගැනීමට හෝ භාවිතා කිරීමට ඔබට කිසිම අමතර මුදලක් වැය වෙන්නෙත් නැහැ. ඊට අමතරව ඔවුන්ගෙන් ලැබෙන විශේෂ වරප්‍රසාදයක් ලෙස අපගේ space එක නොමිලේම යම් සීමිත ප්‍රමාණ වලින් වැඩි කරගන්නත් පුළුවන්. ඒ සඳහා ඔවුන්ගේ සේවාව email හරහා, සමාජ මාධ්‍ය ජාල හරහා අන් අය සමඟ හුවමාරු කිරීම වගේ දේවල් කරන්න ඕන. එවිට අපි share කරන Dropbox link එකෙන් කිසියම් කෙනෙක් සම්බන්ධ වූ විට අපිට කිසියම් ප්‍රමාණයකින් space එක වැඩි කරගන්න පුළුවන්. ඔවුන්ගේ premium සේවාව යටතේ ටෙරා බයිට් ප්‍රමාණයක වුණත් space එක ලබාගෙන hard drive backup කිරීම් වුණත් කරගන්න පුළුවන්.

Encryption Security

Dropbox වල තියෙන තීරණාත්මකම දේ තමයි එහි ඇති ආරක්ෂාව. ඉතා වටිනා සංවේදී files අන්තර්ජාලය හරහා හුවමාරු වීමේදී ආරක්ෂාව ඉතා වැදගත් වෙනවා. ඔවුන්ගේ file sharing ආරක්ෂාව තහවුරු කිරීමට  256-bit AES encryption ක්‍රමවේදය භාවිතා කරනවා.

Sharing

Dropbox මඟින් ඔබට අවශ්‍ය files හුවමාරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබට කිසියක් පුද්ගලයෙක්ට පමණක් විශේෂිත ලෙස files හුවමාරු කිරීමට හැකිවීම මෙන්ම පොදුවේ ඕනෑම කෙනෙක්ට files ලබාගැනීමේ හැකියාව ලැබෙන පරිදි sharing පහසුකම සකස් කරගන්න මින් ඔබට ලැබෙනවා.

Mobility

ඔබට Dropbox ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම උපාංගයකින් පරිශීලනය කිරීමේ හැකියාව තියෙනවා. ඔබ Dropbox app එක ඔබගේ ඕනෑම ජංගම උපාංගයක install කරලා තියෙනවා නම් එය භාවිතා කිරීමට හැකියි. අපි සාමාන්‍යයෙන් Dropbox යන උපාංගය ළඟ නැති වුණත් අන්තර්ජාලය හරහා ඔබගේ Dropbox ගිණුමට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව තිබෙනවා.

Edit Microsoft office online for free

Microsoft office හි නොමිලේ ලැබෙන සේවාවක් වන Office Online සමඟ Dropbox ක්‍රියාත්මක වී අපගේ වෙබ් browser එක හරහා Dropbox තුළ save කර තිබෙන ඕනෑම Microsoft office file එකක් විවෘත කිරීමට සහ edit කිරීමට හැකියාව ඇත.

Easy to Use

Dropbox කියන්නේ ඕනෑම කෙනෙක්ට අන්තර්ජාලය හරහා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් සේවාවක්. පරිගණකයට වගේම ජංගම උපාංග වලටත් app එක install කරගත් විට උපාංග තුළ ඇති files upload කිරීමටත් Dropbox තුළ ඇති files උපාංගයට download කිරීමටත් හැකියාව ලැබෙනවා. අපිට සෑම වෙලාවකම ආසන්නතම අනුවාදයෙන්, ඒ කියන්නේ අලුතම version එකෙන් files open කරගන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය අය සමඟ, අවසරලත් අය සමඟ files හුවමාරු කරගන්න ඉඩ සලස්වා දෙන්නත් හැකියාව තියෙනවා.

Add Comments to Files

ඉතා පහසුවෙන් අපිට folder එකක් හෝ file එකක් උඩ right click කර files හුවමාරු කරගැනීමට ඕනෑම කෙනෙක්ට ඉඩ ලබාදෙන්න පුළුවන්. ඒ වගේම file එකේ link එක හරහා වුණත් ඕනෑම කෙනෙක්ට එය share කරගන්න වගේම අදාළ file එක ගැන අදහස් ඇතුළත් කිරීමට, ඒ කියන්නේ comments එකතු කිරීමට හැකියාව පවතිනවා.

Back up All Our Pictures to Dropbox

Dropbox හි Carousel කියලා විශේෂ feature එකක් තිබෙනවා. ඒ හරහා අපිට පුළුවන් එකවර අපි upload කර තිබෙන files ඒවායේ දින සහ ස්ථාන අනුව වර්ග කර album ලෙස පිළිවෙලට සකස් කරගන්න.

Use Selective Sync to Save Space

Dropbox වල තියෙන තවත් විශේෂිත feature එකක් තමයි Selective Sync කියන්නේ. මේ හරහා ඉතා වැදගත් සහ අත්‍යාවශ්‍ය files save කිරීමට හෝ sync කිරීමට අවස්ථාව සැලසෙනවා.

Customize Dropbox Notifications

Dropbox මඟින් අපිට ලැබෙන email හෝ push notifications අවශ්‍ය පරිදි අපිට සකස් කරගන්න පුළුවන්. ඒවා අවශ්‍ය නැති නම් off කිරීමට හෝ අවශ්‍ය නම් on කරගැනීමටත් අවස්ථාව තියෙනවා.

Dropbox වැඩ කරන විදිය

Dropbox හි අපි ගිණුමක් සෑදු විට අපිට files තැන්පත් කරන්න අවකාශය ලෙස අන්තර්ජාලයේ server එකක් තුළ ඉඩ ලබා දෙනවා. මෙයට අපි cloud එකක් කියලයි කියන්නේ. අපි අපේ ඕනෑම උපාංගයක app එකක් ලෙස Dropbox ස්ථාපනය කරගත්තම අපේ local පරිගණක උපාංගයේ ඇති files සියල්ල cloud එකට, ඒ කියන්නේ Dropbox server එකට තැන්පත් වීම සිදුවෙනවා.

අපි එම file එකක කිසියම් වෙනසක් සිදුකල විට එම වෙනස් වීම සෑම තැනකම update වෙනවා. අපිට Dropbox තුළ ඇති files බැලීමට මෙන්ම අන් අය සමඟ share කරගන්නත් පහසු වෙනවා.

Kali Linux වල Dropbox install කිරීම

පියවර 1 – අපිට Dropbox Kali පරිගණකයට ලබාගන්න නම් මුලින්ම එය download කරගන්න වෙනවා. ඒ සඳහා ප්‍රධාන අපගේ වෙබ් browser එකෙන් අදාළ වෙබ් අඩවියේ download කොටසට පිවිසෙන්න ඕන. ඔබට එය පහතින් දැකගන්න පුළුවන්.

මෙහි ඇති Ubuntu.deb යන install කරගත යුතු file එක ලබාගන්න. එහි 64 bit file ආකාරය තමයි ගන්න ඕන. එය click කළවිට ඉතා ඉක්මණින් එය download වේවි. මොකද එහි ප්‍රමාණය 70KB ප්‍රමාණයක් වෙනවා.

පියවර 2 – අපි download කරගත් file එක අපේ Downloads කියන ස්ථානයේ තමයි save වෙලා තියෙන්නේ. ඒ නිසා පහත සඳහන් විධානය භාවිතා කරලා terminal එකෙන් Downloads කියන ස්ථානයට පිවිසෙන්න.

Cd Downloads

පියවර 3 – දැන් අපිට අදාළ file එක install කරගන්න ධාවනය කිරීම සිදු කරන්න ඕන. ඒ සඳහා පහත command එක දෙන්න.

Sudo dpkg -I dropbox*.deb  

ඔබට ඊට අදාළ ප්‍රතිපලය පහතින් දැකගන්න පුළුවන්.

පියවර 4 – දැන් අපිට application menu එකෙන් Dropbox ලබාගන්න පුළුවන්. එය පහත ආකාරයට දැකගන්න පුළුවන්.

පියවර 5 – දැන් අපිට ඒ හරහා Dropbox එකට පිවිසෙන්න පුළුවන්. පළමු වතාවට පිවිසෙනකොට මෙන්න මේ වගේ පණිවිඩයක් ඔබට ලැබේවි.

පියවර 6 – එය OK කළවිට Dropbox එක download වීම ඔබට පෙන්නුම් කරාවි. එමෙන්ම එය install වීමද පහත ලෙස ඔබට දැකගන්න හැකියාව ලැබෙනවා.

Dropbox install වීමෙන් අනතුරුව අපිට Dropbox login පිටුවට පිවිසෙන්න හැකියාව ලැබෙනවා. එහි panel එකේ උඩ sign in ලෙස පෙන්වන කොටස අපිට පෙන්නුම් කරනවා.

පියවර 7 – දැන් ඔබ Sign in click කළවිට අපගේ වෙබ් බ්‍රව්සර් එක හරහා sign in වීමට හැකියාව ලැබෙනවා.

පියවර 8 – Login වීමෙන් අනතුරුව දැන් අපිට Kali Linux හි Dropbox application එකෙන් files වෙත පිවිසෙන්න හැකියාව ලැබෙනවා. ඔබ හොඳින් මතක තබාගන්න ඕන වැදගත්ම දේ තමයි Dropbox වැඩ කරන්න නම් අපි Sign in විය යුතු බව.

Dropbox එකේ free සේවාවෙන් අපිට link කරගන්න පුළුවන් සීමිත උපාංග ප්‍රමාණයක් නිසා ඔබ Dropbox ගිණුම උපාංග 3කට සම්බන්ධ කර ඇතිනම් අනිවාර්යෙන් එක් උපාංගයක් ඉවත් කරන්න මතක තබාගන්න.

දැන් අපිව Dropbox හරහා අපගේ පරිගණකයේ ඇති app එකට සම්බන්ධ වීමට පහත ආකාරයට පෙන්නාවි.

පියවර 9 – Connect යන්න click කළවිට අපගේ පරිගණක පද්ධතිය අදාළ Dropbox ගිණුම සමඟ සම්බන්ධ වේවි.

පියවර 10 – Home page එකෙන් ඔබට Dropbox folder එක දැකගන්න හැකියාව තිබෙනවා.

ඔන්න ඔය ආකාරයට තමයි අපි kali Linux පරිගණකයට Dropbox install කරගන්නේ. Dropbox වල ඇති ඉතා හොඳ Linux සහය නිසා එම සේවාව භාවිතා කිරීම ගොඩක් වටිනවා.

Leave your thought here

Your email address will not be published. Required fields are marked *

Supportscreen tag